නව යොවුන් විය

සැප්තැම්බර් 29, 2023

 

ජීවිතයේ සුන්දරම අවධිය ලෙස සැලකෙන්නේ නව යොවුන් වියයි. අවුරුදු දහතුනටත් දහනවයටත් අතර කාලය තුළ දී මේ තත්ත්වයට පත්වේ. මේ කාලය තුළ දී දරුවකු වැඩිහිටියකු සේ නොසලකන අතරමැදි වයසක් ලෙස සැලකේ. කායික හා මානසික වෙනස්කම් රැසකට පත්වෙන මේ දරුවන්ගේ ශාරීරික වර්ධනය මෙන්ම ලිංගිකත්ව වෙනස්කම් ද රැසකටම ලක්වේ. මෙහිදී ගැහැනු දරුවකුගේ උසින් හා බරෙන්ද වැඩිවීම පියයුරු වර්ධනය වීම, කිහිලි හා ලිංගේන්ද්‍රිය ආශි‍්‍රතව රෝම හටගැනීම, කලවා සහ අත්ගොබ මහත් වීම ආර්ථවය (ඔසප් වීම) ආරම්භ වීම වගේම ශරීරාංග වර්ධනය වීමක් ද සිදු වේ.

 

යෞවනයේ වෙනස්කම්

 

පිරිමි දරුවකුගේ ඇතිවන වෙනස්කම් අතර උසින් හා බරින් වැඩිවීම, මස්පිඬු වැඩීම, උරහිස් පළල් වීම, ස්වරාලය උගුරු ඇටය මතුවීම, කටහඬ ගොරෝසු වීම, රැවුල මතුවීම, කිහිලිවල හා පපුවේ අත්පාවල මෙන්ම ලිංග ප්‍රදේශයේ ආශි‍්‍රතව රෝම හටගැනීම, ලිංගේන්ද්‍රිය වර්ධනය වීම, මුහුණේ කුරුලෑ හා කුරුලෑ බිබිලි මතුවීම, වැඩිපුර දහඩිය දැමීම, දහඩියෙන් යම් ගන්ධයක් වහනය වීම හා දහඩිය පිටවීමද සිදුවන අතර ශුක්‍ර මෝචනයද ඇතිවේ. යෞවනයේදී මේ වෙනස්කම් එකවර දැන ගැනීමට නොහැකි වුවත් එය සිදුවන්නේ වරින් වරය. ගැහැනු පිරිමි දෙපක්ෂයටම මෙම වයස් සීමාවේ දී ඇතිවන වෙනස්කම් සමඟම වැඩිවියට පත්වීම ද එක් හේතුවක් වේ. ඒ ඔවුන් අනාගතයේ දී දෙමවුපියන් වීමට අවශ්‍ය මානසික වෙනස්කම් ද සිදුවන බැවිනි. මෙවැනි අවස්ථාවකදී දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වා ඔවුන්ට පි‍්‍රයමනාප වන අයුරින් පෝෂණයෙන් යුත් කෑම බීම ලබාදීමට කටයුතු කළ යුතු ය.

 

හැඩරුව ගැන

 

ශරීර සෞඛ්‍යයට හිතකර පෝෂණයෙන් යුත් ආහාරපාන ගැන වඩාත්ම උනන්දුවට ක්‍රියා කළයුතු වන්නේ එය දරුවාගේ නීරෝගිතාවයට බෙහෙවින් බලපාන බැවිනි. එමෙන්ම යොවුන් වියට පත් සෑම දරුවකුටම තමන්ගේ හැඩරුව සහ හැඩරුව ඇති කර ගැනීමට මහත් උනන්දුවෙන් කටයුතු කරති. නිතරම ඔවුන් උත්සාහ ගන්නේ තනිවම නොසිට අන් අය හා එක්ව ගැවසීමටයි. අලුත් දේට ආශා කරමින් යම් යම් දේවල් ගැන සිතමින් අත්හදා බැලීම්වලටද යොමු වේ. රහස්‍ය කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන ඔවුන් හිතුවක්කාර කටයුතුවලටද පෙලඹේ. යොවුන් වියට පත් දරුවන් ගැන සඳහන් කිරීමේදී ද අමතක කළ නොහැකි කරුණකි ගැහැනු දරුවාගේ මල්වරය. එය කාන්තා ජීවිතයේ වැදගත්ම අවස්ථාවකි. ලද බොළඳ කුඩා දැරියක මල්වරයට පා තබන්නේ ගැහැනියක වශයෙන් සමාජයට මුහුණදීමේ පූර්ණ වගකීම ඇතිවය.

 

ආහාර වර්ග

 

මෙහිදී එතෙක් පැවැති දඟකාර කෙළිලොල් පැවැත්ම ක්‍රමයෙන් ඉවත්වී ලැජ්ජාශීලී සබකෝල බවක් මෙන්ම තැන්න්පත් බවක් ඇය කෙරෙහි ඇතිවේ. නව යොවුන් වියට පත් ගැහැනු දරුවාට මෙන්ම පිරිමි දරුවාටද හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක අවශ්‍යතාවය දෙමාපිය වැඩිහිටියන් තේරුම්ගෙන එය ලබාදීමට කටයුතු කළ යුතුය. නව යොවුන් දරුවාට තෙල් අධික පිටි අධික සීනි අධික කෑම නොදිය යුතු ය. ආහාර වේල සකස් කිරීමේ දී සමබර ආහාර වේලක් සඳහා අවම වශයෙන් මෙම කොටස් වශයෙන් තුනෙන් එක් ආහාර වර්ගයක් බැගින්වත් එක්කර ගැනීම සුදුසු ය. බතල, කිරි අල, බත්, ජෑම්, මඤ්ඤොක්කා, පිෂ්ට, ධාතු ආදී මේද බහුල ආහාරයන් ය. වැව් මාළු, කරවල, පරිප්පු, රටකජු, කිරිමස්, ප්‍රෝටීන් බහුල ආහාර වේ.

විටමින් හා ඛනිජ ලවණ ආහාර වන්නේ කතුරුමුරුංගා, අන්නාසි, ගස්ලබු, කැරට්, පේර, අඹ, කෙසෙල් හා ගොටුකොළ විටමින් බහුල ආහාරයන් ගැන විශේෂයෙන් අවධානය යොමුකළ යුතු ය. ඒ සඳහා ප්‍රබල විටමින් එළවළු වන්නේ කොළ එළවළු වර්ගයන් ය. තම්පලා, කතුරුමුරුංගා, නිවිති, කන්කුන්, මුකුණුවැන්න, වට්ටක්කා යන එළවළු ද ධාන්‍ය වර්ග ද, පැපොල්, දොඩම්, අඹ, දෙහි, නෙල්ලි, කජු පුහුලන් යන පලතුරු ද වේ. මස්, බිත්තර, කිරිමාළු, මෝර මාළු, මෝර තෙල් දිය යුතු වගේම ආහාර වේලට එළවළු වර්ග මෙන්ම පලාවර්ග ද දිය යුතු ය. විශේෂයෙන් ආහාර වේලට පෝෂණය අධික ආහාර ලබාදීමට දෙමාපිය වැඩිහිටියන් උනන්දුවිය යුතු ය.

 

ක්ෂණික ආහාර

 

මොනම හේතුවක් නිසාවත් යොවුන් වියටපත් දරුවන්ට ක්ෂණික ආහාර නම් නොදිය යුතුය. ඒවායෙහි සකස් කළ ආහාර ගැනීමෙන් ආහාර රුචිය ඇති නොවේ. හදිසියකට හෝ එවැනි ක්ෂණික ආහාරයක් ලබාදුනහොත් ආහාර රුචියද ඇති නොවේ. පෝෂ්‍යදායී ආහාර වේලට පැවැති කැමැත්තද නැති වේ. මේ නිසා පෝෂණ ඌනතාව මෙන්ම විවිධ පෝෂණ ගැටලු ද ඇතිවිය හැකිය. යොවුන් වියට පත් දරුවන් හා මවුපියන් වැඩි සබඳතාවයකින් කටයුතු කළ යුතුය. යම් යම් ගැටලු හා ප්‍රශ්න ගැන සාකච්ඡා කළ යුතුය. යහපත් චාරිත්‍ර ගුණාංග, උපදෙස් ගැන සාකච්ඡා කළ යුතු ය. රටේ පවතින හොඳ නොහොඳ දේවල් මෙන්ම අපහසු දේවල් ගැන ද සාකච්ඡා කළ යුතු ය.

නව යොවුන් වියට පත් දරුවන්ට පොත පත ගැනත් ආගම දහම ගැනත් හොඳ අවබෝධයක් ලබාදිය යුතු ය. රටේ සිදුවන හොඳ මෙන්ම නොහොඳ ගැනත් කියා දිය යුතු ය. හැසිරීම් රටාවෙන් හා ඔවුන්නොවුන්ගේ ඉරියව් තුළින් තේරුම්ගත හැකි කරුණු ගැනද අවබෝධ කළ යුතු ය. නව යොවුන් වියට පත් දරුවන්ට නිතරම අවවාද අනුශාසනා කළ යුතු වන්නේ හිත් නොරිදෙන පරිදිය. තරවටු කරන බවට හැඟීම් ඇත නොකළ යුතු ය. ආදරයෙන් කරුණාවෙන් ඔවුන්ට කතා කළ යුතුය. ඔවුන්ගේ සිත් පෑරෙන පරිදි වචනවලින් හෝ ක්‍රියාවෙන් කිසිත් නොකළ යුතු ය.

 

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය,

සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.