වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
වසංගත රෝග නසන සුදුලූනු
එදිනෙදා ජීවිතයේ දී ආහාරයක් වශයෙන් හා ඖෂධයක් වශයෙන් ගන්නා සුදුලූනුවලින් ලැබෙන ගුණ බොහෝ ය. සුදුලූනු ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය වන ප්‍රතිශක්තියද වර්ධනය කෙරේ. විටමින් ඒ,බී,සී හා ඊ අන්තර්ගතවන අතර රුධිරයේ සීනි ප්‍රමාණයද අඩු කෙරේ. අධික රුධිර පීඩනයට සහනයක් ගෙන දෙයි.
සුදුලූනු වලින් සිරුරට අවශ්‍ය ඛනිජ වර්ග රාශියක්ම ලබාදේ. සෙලේනියම්, කොපර්,පොස්පරස්, කැල්සියම් හා මැන්ගනීස් ද ඒ අතර වේ. විටමින් බී හය විටමින් සී ද එහි ඇත. එමෙන්ම සුදුලූනු ග්‍රෑම් සියයක අඩංගු පෝෂ්‍ය පදාර්ථ ද බොහෝය. ශක්තිය කැලරි 145, ප්‍රෝටීන් ග්‍රෑම් 6.5, මේදය ග්‍රෑම් 0.1, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 29.8, කැල්සියම් මිලිග්‍රෑම් 30, පොස්පරස් මිලිග්‍රෑම් 310, යකඩ මිලිග්‍රෑම් 1.3, තයමින් 0.4 , විටමින් ඩී මිලිග්‍රෑම් 13 ද වේ.
ඉරද මුසුමුල් සුදුලූනු අමු ඉඟුරු වේලා මුල් ගෙ නේ
කොළද එරබදු කුප්පමේනිය යුෂ ද මිරිකුලු සමගි නේ
කෝලසෙලෙස්මා තෛලයේ වට්ටෝරුවේ එසේ සඳහන් වේ.
ඉංගී‍්‍රසි භාෂාවෙන් ට්චපතඪජ යනුවෙන් හඳුන්වා ඇති සුදුලූනුවලට සිංහල භාෂාවෙන් පහුණු හෙළලුණු හෙල්බීජ ආදී නම් රැසකින් හඳුන්වති. සංස්කෘත භාෂාවෙන් ලගුන උග්‍රගන්ධ රසෝන මහොෂධ ගවනේ රසෝනක වේ. සුදුලූනුවල විශේෂත්වයක් වන්නේ සෞඛ්‍ය ආරක්ෂක ඖෂධයක් වගේම කාමෝද්දීපනය කෙරෙහි එහි ඇති ප්‍රබල ශක්තියයි. වා පිත් සෙම් සමනය කරන සුදුලූනු සෙම් පිටකරන මූත්‍රකාරක ස්නායු උත්තේජනය කරන මහඟු ඖෂධයකි. හෘදයාබාධ වැළඳීමට හේතු වන රුධිර නාලිකා තුළ රුධිර ගැටිති ඇතිවීම වළක්වාලීමේ ශක්තියක් ද ඇත.
එමෙන්ම සුදුලූනු ශරීරය තුළ නොයෙක් ආකාරයෙන් ගමන් කරයි. සෙම නසයි. කෘමිනාශක ද වේ. ආමාශය උත්තේජනය කරයි. මූත්‍රාකාරක වේ. ස්නායු පෝෂකයි. මාංසජනක සුදුලූණු සිනිඳු ගුණයකින් හා උෂ්ණ යුක්ත වේ. සුදුලූනු ඇසට ද හිතවත් ය. සුදුලූනුවල ඇතිබව ප්‍රබල ප්‍රතිජීවක (ඒදබඪ ඕඪධබඪජ) සොයාගෙන ඇත. බැක්ටීරියා ප්‍රතිවෛරස් දිලීර විනාශ කිරීමේ බලයක්ද ඇත. වා පිත් සමනය කරන සුදුලූනු සෙම පිටකරන මූත්‍රාකාරක ස්නායු උත්තේජනය කරන මහඟු ඖෂධයකි. හෘදයාබාධ ඇති කිරීමට හේතුවන රුධිර නාළිකා තුළ රුධිර ගැටිති ඇතිවීම වළක්වාලීමේ බලයක්ද සුදුලූනුවල ඇත.
රුධිර පීඩන තත්ත්වය අඩු කිරීමටද සුදුලූනු ක්‍රියාකාරී වේ. සියලු වාත රෝගවලට පක්ෂාඝාත ආමාවතාදියට සුදුලූනු යොදා සකස් කරනු ලබන ඖෂධ වර්ග බොහෝය. ඒ අතර රාස්නාශින් ක්වාථයට සුදුලූනු, අරත්ත අල, සාරන මුල්, මුරුංගාමුල්, අගිල් ඉගුරුපියළි, නිකමුල්, සිවියමුල්, බැවිලමුල්, එරඬුමුල් ,සිරිතේක්කු, සුවඳකොට්ටන්, වියළිකහ, ඉඟුරු, රත්නෙටොල් කටු, කරඬුමුල්, දසමුල්,දේවදාර ආදී ඖෂධයන් එක්කර ගනී. රත්පිත් මුර්ජා අක්ෂිරෝග සඳහා දෙනු ලබන සරස්වතී චූර්ණය එම චූර්ණයට සුදුලූනු ,කලාදුරු අල, ඉරිවේරිය, නාමල්රේණු,අමුක්කරා අල, බිංකොහොඹ, බිංතල්. සැවැන්දරාමුල්, අගිල්, එළනෙළුම් අල, දේවදාර, එනසහල්, සූදුරු ,තිප්පිලි, කළුදුරු, දේවදාර, කොට්ටන්, කුබුරුඇට මද, වැල්මී, ඉඟිනි ඇට, තිප්පිලි, ඔළිඳඇට, එන්සාල්, හොර, අරටු, වසාවාසී, කරාබු, උළුසහල්, සාදික්කා හා ඉඟුරුපියලි ද වේ.
සුදුලූනු රෝගාබාධ රැසකට ගුණ මහඟු ඖෂධයකි. ලේ ගැලීම්, වනපිළිකා බෝවන රෝග සෙම්ප්‍රතිශ්‍යාව හා පෙණහලු රෝග ද ඒ අතර වේ. ආහාරයට ජීර්ණය වඩාත්ම යහපත්ව පවත්වාගෙන යෑමට සුදුලූනු ආහාර ගැනීම වඩාත්ම සුදුසුය. අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල්, මේද අම්ල වැඩිවීම පාලනය කිරීමට ද සුදුලූනු සමත්ව ඇත. නිරෝගී ශරීරයක් උදෙසා අවශ්‍ය කරන ලෝහ වර්ග විටමින් සහ විටමින් බී සහ විටමින් ඒ ද සුදුලූනුවල අන්තර්ගතය. සුදුලූනු ආහාරයට ගැනීම තුළින් මතක ශක්තිය වර්ධනය කිරීමේ හැකියාව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීම යොවුන් ශක්තිය ඇති කිරීම ආදී කාර්යයන් රැසක්ම සිදු කෙරේ. සුදුලූනු වල මිනිස් සිරුරට අවශ්‍ය කරන ඛනිජ වර්ග රැසක්ම ඇත. ඒවා අතර සෙලේනියම්, කොපර්, පොස්පරස්, කැල්සියම් හා මැංගනීස්ද වේ. ඊට අමතරව විටමින් බී 6 හා විටමින් සී ද අඩංගුව ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ළදරුවන්ට මෙන්ම අනෙකුත් රෝගීන් කෙරෙහිද සුදුලූනු ඉතා සුලභව භාවිත කරන ඖෂධ රැසක්ම ඇත.
කණ්ඩමාලයට
නික රුක්අත්තන මුල් පොතු අරළු ද
එක පමණට මිරිසැට සිද්ධිගුරු ද
සැක නොව ගෙන සියබලපත් යුෂය ද
එකවිට අඹරා මේ සැම කල්කය ද
බුලුත් මුරුංගා සුදුලූනු ඉගුරු ය
පොතුත් කුරුදු කරදේ හෙල බිජුම ය
ගොමිත් සමඟ අඹරා එම ලේප ය
ගුණත් කනිමාලය දැන කරනු ය
රත්නෙටොලුත් බදුලැට උක්සකු රු
දැත්ත අලත් සමගින් ඔසු නොමහ රු
ගත් සමගිව කී ලෙස පෙර ඉෂිව රු
පත්කර ගිරයෙහි අබරනු ඇදු රු
විෂ සහිත සතුන් දෂ්ඨ කළ විට සුදුලූනු ගෙඩි පොතුහැර බික්ගලවා එක් බිකක් ගෙන දෂ්ඨ කල ස්ථානයේ ඇතිල්ලීමක් සුදුලූනු මී පැණියෙන් අඹරා ගෑමත් ගුණවේ. බාලයන්ගේ කිරි අජීර්ණ, පණුදෝෂ, අතීසාර, ගුල්ම, කිරිවමන, කිරිමැලියම්, අත්පා ඉදිමීම, උගුරු බැරැන්ඩිය, බඩපිපීම ආදී රෝගයන්හිදී දෙනු ලබන බෙහෙත් ගුලිය . සුදුලූනු, තිකුළු, පුස්කර, දෙදරු, කොත්තමල්ලි, කටුකරෝසන, ඉවද, අසමෝදගම්, මුඩමහන, වදකහ, සවිදලුනු, වළඟසාල් , අරළු, කුඹුරුඇට. සවිය මේවා සමභාගව ගෙන තනකිරෙන් අඹරා මදට පමණ ගුලිකර තබා තනකිරෙන් දියකර දෙනු. උඳුගොව්වාට වසකදුරු, සුදුලූනු, පල්ලමානික්කම්, දෙහි ඇඹුලින් අඹරාගානු. කටු ඇනුනාට සුදුලූනු, ඉඟුරු, ගම්මිරිස්, කහ, පෙරුම්කායම්, ගලිස්, අබ, තිපල් මේවා කොටා මී තෙලින් අඹරා කකාරා කටු ඇනුන තැන බඳිනු කටු ඇදී සුවවේ.
ආයුර්වේද වෛද්‍ය සුමිත් එම්.පී. රාජපුර
සටහන මාධ්‍යවේදී බී.ඇල්.පේ‍්‍රමරත්න