හිසේ රෝග සඳහා අගනා ඔසුව අගමුල නැති වැල්

අගෝස්තු 26, 2022

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරු ලතාවන් අතුරින් තවත් එක් වැදගත් ලතාවක් ලෙස අගමුල නැති වැල් හැඳීන්විය හැකිය.

පරපෝෂිත ශාකයක් ලෙස හඳීන්විය හැකි අගමුල නැති වැල් ශීර්ෂ ආබාධ ඇතුළු රෝගාබාධ රාශියකට ගුණ දෙනු ලබන දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වෙන තවත් එක් අගනා ඔසුවකි.

පරපෝෂී කොළ රහිත දඟරමය වැල් විශේෂයක් වන අගමුල නැතිවැල් අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග රාශියකට යෙදෙන බව පැරණි වෛද්‍ය ග්‍රන්ථ පරිශීලනයේදී දක්නට ලැබේ.

ඇතැම් ග්‍රන්ථ වල අගමුල නැති වැල් ලෙස ඛ්භඵජභබච ජඩඪදඥදඵඪඵ ධ්චථ සහ ඛ්භඵජභබච පඥටතඥයච යන උද්භිද, විද්‍යාත්මක නාමයන්ගෙන් යුතු වැල් වර්ගයන් දෙකම දක්වා ඇත. ඇතැම් ග්‍රන්ථවල මින් එක් වර්ගයක් පමණක් අගමුල නැති වැල් ලෙස දක්වා ඇත. කෙසේ වුවද මෙම වැල් වර්ග දෙකම පරපෝෂිත ලතාවන් වන අතර එම දෙවර්ගයේම බොහෝ සමාන ලක්ෂණයන්ද දක්නට ඇත.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාව, මලයාව, ඇෆ්ඝනිස්ථානය, ඕස්ට්‍රේලියාව, සහ චීනය ආදී රටවල දක්නට ලැබේ.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ එනම් උඩරට කඳුකරයේ ගන්නොරුව, පේරාදෙණිය වැනි ප්‍රදේශ ආශ්‍රිතවද රත්නපුර ප්‍රදේශයේද වෙනත් යම් යම් වනගත පෙදෙස් වලද වැවේ. තෙතමනය සහිත පහත් බිම් වල සිට අඩි 8000 දක්වා උස ඇති බිම්වල දක්නට ලැබේ.

ස්වරූපය

කුඩා පඳුරු සහ ශාක මතුපිට වසාගෙන පැතිරීම මෙම අගමුල නැති වැල්වල ස්වභාවයයි. මෙම වැල් කොළ රහිත දඟරමය ඉතා සිහින් බොහෝ ශාඛා සහිත කහ පැහැති කඳකින් යුතු වෙළුනු පඳුරුමය ගොනුවකි. මෙහි කඳ ක්‍රිමීන් සහිත වේ. කුඩා පඳුරු මතද පොළොවේ පැතිරී වැවෙන පළා වර්ග ආදිය මතද වෙළෙමින් පැතිරී වැඩෙයි. මෙහි හටගනු ලබන මල් සුදු පැහැ වන අතර දිවිලිංගික මි.මි. 3ක් පමණ විෂ්කම්භයෙන් යුතුවේ. කුඩා පෙති 1 සිට රාශියක් වන ලෙස පිහිටයි. මෙහි මල් හටගැනීම අප්‍රේල්, නොවැම්බර්, දෙසැම්බර්, ආශ්‍රිත කාලවලදි සිදුවේ.

අගමුල නැති වැල් වල ඛ්භඵජභබච පඥටතඥයච අධයඡ නාමයෙන් හඳුන්වනු ලබන ලතාවේ කඳ කොළ පැහැයෙන්ද ඛ්භඵජභබච ජඩඪදඥදඵඪඵ ඹ්චථ නාමයෙන් හඳුන්වන ලතාවේ කඳ කහ පැහැයෙන්ද යුක්ත වේ.

අගමුල් නැති වැල් විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් සැලකීමේදී පොදු සිංහල නාම :- අගමුල නැති වැල් හා අක්මුල් නැතිවැල් යන නාමයන්ද වේ. ඉංග්‍රීසි බසින් - ච්ධඤඤඥප ලෙස යෙදේ.

අගමුල නැති වැල් වල උද්භිද විද්‍යාත්මක නාම ඛ්භඵජභබච ජඩඪදඥදඵඪඵ ඹ්චථ සහ ඛ්භඵජභබච පඥටතඥයච ඵඥදඵභ ර්ධධද වෙයි.

මෙහි කුලය ඛ්ර්‍ණව්ඍර්‍ණඹ්ඍඋඹ්ඒඛ්ඡ්ඒඡ් හෙවත් තිවෘත් කුලයයි. මේ ආදී වශයෙන් විවිධ භාෂා වලින් විවිධ නාම රාශියක් අගමුල නැති වැල් සඳහා යෙදේ. මේ අතර අමරවල්ලී යන නාමය ගැන ආයුර්වේද මූල ග්‍රන්ථවල දක්නට නොමැති වුවද අමරවල්ලී වශයෙන් ඛ්භඵජභබච පඥටතඥයච වර්ගයද, ආකාශ වල්ලිය වශයෙන් ර්‍ථචදචජඪබඪද ඡ්තඪථඡඥප වර්ගයද ගතයුතු යැයි සමහරු කියති. මෙම වර්ග දෙකම පරපෝෂී ලතාවන්ය.

අමරවල්ලී ලෙස තවත් තැනක ඛ්චඵඵරබඩච ටඪතඪටධපථඪඵ ඤඪදද වර්ගය ගැනෙන අතර එය භාරතයේ සෑම පෙදෙසකමද සාමාන්‍යයෙන් මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වලද වැවෙන බව දක්වා ඇත.

මේ ආදී මත රාශියක් මෙම අගමුල නැති වැල් සඳහා දක්නට ලැබේ.

අගමුල් නැති වැල්වල

ඖෂධීය අංග -

මෙහි සම්පූර්ණ ශාකයම ඖෂධ සඳහා ගනු ලබයි.

ඖෂධීය ගුණ

මෙහි ඛ්භඵජභබච ජඩඪදඥදඵඪඵ ඹ්චථ නම් වර්ගය ප්‍රධාන වශයෙන් විරේචන ගුණ වලින් යුතු වේ. එසේම ඛ්භඵජභබච පඥටතඥයච අධයඡ වර්ගය ප්‍රධාන වශයෙන් අනුලෝමන, පිත්තසාරක, අක්මා උත්තේජක, විරේචන, ජ්වරනාශක, රක්තශෝධක සහ කාමෝද්දීපන ගුණවලින් යුතුවේ. අගමුල නැති වැල් අඩංගු ඖෂධ යෝග යෙදෙන රෝග අවස්ථා සැලකීමේ දී

කැඬුම් බිඳුම් සඳහා

අගමුල නැති වැල්, ලතාවේ මූල, අමුකහ, පොල් සමව ගෙන කොටා මිරිකා ගත් යුෂය දින 3ක් භාවනා දී ප්‍රයෝග කරනු.

සමේ කැසීම් ඇතිවිට

අගමුල නැති වැලේ යුෂය, ඇත්තෝර කොළ යුෂ සමඟ දෙහි යුෂය කලවම් කර කකාරා සමේ ආලේප කරනු.

හිසකෙස් ගැලවී යාමට -

අගමුල නැති වැල් මුළු ශාකයම වියලා කොට චූර්ණ කර තලතෙල් දමා කකාරා පෙරා හිස ගල්වනු ලබයි. හිසේ දැවිල්ල, හිස්හොරි, හිසරදය, හිස කැසීම, හිසකෙස් කළුවීමට සහ පීනස සඳහා අගමුල නැති වැල් මුළුමනින්ම ගෙන වියළා කොට කුඩුකර තලතෙල් දමා තෙල සංස්කරණය කර හිසේ ගැල්වීමට යොදා ගනු ලබන අතර එයින් විශේෂ ගුණ ළඟාකර දෙයි. උදරයේ වාතය පිරී ඇති අවස්ථාවලදී සහ ජ්වර(උණ) ආදියේදී අගමුල නැති වැල් වල ඖෂධ යෝග අභ්‍යන්තර වශයෙන් යොදයි.

අක්මා රෝග සහ පිත්තාශගත රෝග සඳහා -

අගමුල නැති වැල්වල ඖෂධ යෝග අභ්‍යන්තර වශයෙන් යෙදීමෙන් බොහෝ සෙයින් ගුණ ගෙනදේ.

මේ ආදී වශයෙන් මෙම අගමුල නැති වැල් වල ඖෂධීය වටිනාකම ඉතා හොඳ මට්ටමක පවතියි. මෙහි දක්නට ලැබෙන විවිධ ප්‍රභේදයන් නිසා යම් යම් වෙනස්කම් දක්නට ලැබෙතත් ඒවායේ ගුණ බොහෝ සෙයින් සමාන නිසා ඒ ඒ පළාත්බදව යොදනු ලබන ඒ ඒ ප්‍රභේදවල එතරම් වෙනසක් නොවේ.

වර්තමානයේ බොහෝ සෙයින් වටිනා ඖෂධීය ශාක වඳවීයන තත්ත්වය දක්නට ලැබෙන නිසා මෙම අගමුල නැති වැල් ආදී ශාකයන්ද වඳවී යා නොදී ආරක්ෂා කර ගැනීම වැදගත් වේ.

බොහෝ දෙනා මෙවන් ශාකයන් ඉතා හොදින් නොහඳුනන නිසා අගමුල නැති වැල් වැනි ශාකයන් වගා කර ආරක්ෂා කිරීම වැදගත් වේ.

රෝපණය කර ගැනීම

වැඩුණු අගමුල නැති වැල් වලින් මේරූ බීජ ලබාගෙන එම බීජ පොහොර මිශ්‍රණය සහිත වූ කෙටිකාලීන(වාර්ෂික) වන කූර තම්පලා, හුලංතලා ආදිය වගා කර ඇති පොලිතින් බඳුන්වල සිටුවා මාස 2ක් පමණ පසුව වැඩී එන මේ අගමුල නැති වැල් ශාකය එහි ධාරක ශාකය මත එතී එමඟින් පෝෂණය ලබා ගනිමින් පූර්ණ පරපෝෂී තත්ත්වයට පත්වේ. මෙහිදි මෙහි ධාරක ශාකයට හොඳීන් ජල සැපයීම කළ යුතු අතර හොඳීන් පැතිරී වැඩී යන මෙම අගමුල නැති වැල්වල කොටස් අස්වැන්න ලෙස ලබා ගත හැක. මේ අදි වශයෙන් මෙවන් වටිනා ශාක ආරක්ෂා කර ගැනීම අප සතු යුතුකමකි. එනිසා දේශීය වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බොහෝ ප්‍රයෝජන ගෙන දෙන අගමුල නැති වැල් හොඳීන් හඳුනා ගෙන එහි ඖෂධීය ප්‍රයෝජන නිසි පරිදි ලබාගත යුතු අතරම ඒවා සංරක්ෂණය කර ගැනීමද ඉතා වැදගත්වේ.

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.