වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
රස ගුණ සපිරි ඔසු ගුණ පිරි පලු
ඉතා ප්‍රණීත දේශීය පලතුරු විශේෂයක් ලෙස ‘පලු’ හඳුන්වන්න පුළුවන්, රසයෙන් සහ ගුණයෙන් සපිරුණු ඉතා අගනා ඖෂධාහාරයක් ලෙසත් පලු හඳුන්වන්න පුළුවන්. ඉතාම මිහිරි වනජ පලතුරක් ලෙස එනම් වනයේ හටගන්නා පලතුරක් ලෙස ‘පලු’ හඳුන්වනවා.
වසරකට එක් වතාවක් පමණක් ගෙඩි හටගනු ලබන ශාක විශේෂයක් ලෙස ද මෙය හඳුන්වනවා. එසේම මෙම පලු හටගනු ලබන කාලයට වලසුන් පලු ගස්වලට බඩගාන බවත් එනිසාම පලු සොයා වනයේ ඇවිදීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු බවත් ප්‍රසිද්ධ කරුණක්.
දකුණු ආසියාතික කලාපය නිජබිම් කරගෙන වර්ධනය වූ ශාක ප්‍රභේදයක් වන මෙහි විද්‍යාත්මක නාමය ර්චදඪඬචපච ඩඥයචදඤපච වන අතර ඉඒර්‍ථර්‍ණඊඒඛ්ඡ්ඒඡ් හෙවත් ලාවුළු කුලයට අයත් වෙනවා.ඉංග්‍රීසි භාෂාවෙන් ඛ්ඥරතධද ඪපධද ඹධධඤ සහ එඥඤඨඥ තඥචමඥඤ චනඥ ටතධඹඥප ලෙස හඳුන්වන පලු දෙමළ භාෂාවෙන් ‘කන්නුපලා’ ලෙස ද හඳුන්වනු ලබයි. තවද මෙම පලු ගස්වල අරටුව ඉතාම තද බැවින් ශ්‍රී ලංකාවේ දේශීයව දැකිය හැකි නිසා මෙම ගසට ඛ්ඥරතධද ඪපධද ඹධධඤ යන නම යෙදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බොහෝ විට දැකිය හැකි මෙම ශාකය අනෙක් ප්‍රදේශවල දැකිය හැක්කේ ඉතාමත් අල්පවයි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය ආදී රටවලට ද ආවේණිකයි.
සාමාන්‍යයෙන් ඉතා හෙමින් වැඩෙන ගසක් වන මෙය මීටර් 5 සිට 20 දක්වා පමණ උසට වැඩෙන අතර ගසේ කඳ මීටර් 1 - 3 පමණ වට ප්‍රමාණයකින් යුක්ත වනවා. එසේම කඳේ කුඩා කුඩා පැළුම් සහිත තද පොත්තක් තිබෙනවා. මෙම ගසේ කොළ තද කොළ පාටයි. මල් සුදු පාටයි. ගෙඩි හටගැනීම මැයි මාසයේ සිට පවතින අතර අමු ගෙඩි කොළ පාටයි. ඉදුණාම කහ පාටයි.
හොඳ සුවඳකින් ද යුතුයි. ගෙඩියක් බීජ එකකින් හෝ දෙකකින් යුතුයි. මෙම ගස්වල ව්‍යාප්තිය සිදු වන්නේ බීජ මඟිනි. පලු ඉතා තද පැණි රසකින් යුතු ඉතා ප්‍රණීත වන පලතුරක්.
රසයෙන් පමණක් නොව ගුණයෙන් ද ඉතා ඉහළ පලු ගෙඩි කැල්සියම්, යකඩ, විටමින් ආදියෙන් බහුලයි. මෙම පලතුර බහුලව දකින්න නොලැබුණත් බොහෝ අය මේවා ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා.
මේ ආකාරයෙන් රසවත් පලතුරක් වන පලු කෑමට වලසුන් ඉතා ප්‍රිය කරන නිසා බක් මසින් ආරම්භ වී පොසොන් මසින් අවසන් වන පලු වාරයේදී පලුගස්වලට නැඟී වලසුන් බොහෝවිට දැකිය හැකි වනවා. එනිසා පලු වාරයේදී පලු කැඩීමට වනයට යන විට ප්‍රවේශම් විය යුතු අතර සමහර අය වලසුන්ගේ ප්‍රහාරවලට ලක්වූ අවස්ථා ද වනවා.
මෙම පලුවල ඖධීය වශයෙන් ද ඉතා ගුණදායක බවක් තියෙනවා. එනිසා මෙය ආයුර්වේදීය වටිනාකමින් සහ ඔසු ගුණයෙන් සමන්විත පලතුරු විශේෂයක් වෙනවා. මෙහිදී පලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේදී යොදා ගනු ලබනවා. එසේම පලු පොතු තුවාල , අතීසාරය , ආමාශයේ ඇති වන ආම්ලිකතාවය(ගැස්ට්‍රයිටිස්), පණු රෝග, සඳහා ද ගුණදායකයි.
එසේම පලු ගෙඩි බඩේ අමාරුව, ආහාර අරුචිය, අපස්මාරය, කැස්ස සමඟ ලේ පිටවීම සහ ලාදුරු රෝගය සඳහා ද යොදා ගන්නවා. එසේම පලු ගෙඩි ඇදුම රෝගය නිවාරණයට ද හොඳයි.
එසේම පලු බීජ තුවාල සහ සමේ හටගන්නා සුදු පැහැති ලප සඳහා ද ගුණදායකයි. එසේම ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල පලු ගෙඩි පොඩිකර හෝ කෂාය කර හෝ තම්බා ගත් යුෂ හෝ භාවිත කරමින් සෙංගමාලය, ඇදුම, ආතරයිටිස් , උණ, නිසරුබව, හිසරදය, බ්‍රොන්කයිටිස්, දත් කැක්කුම්, ඇඟපත රිදීම් ආදී රෝගාබාධ රැසකට ප්‍රතිකාර කරනු ලබනවා.
ඒ වාගේම පලතුරක් ලෙස පලුගෙඩි ආහාරයට ගැනීමේ දී
1. උණ සහ සෙංගමාලය සුව කරනු ලබනවා.
2. වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩි කරනවා.
3. සමේ ආසාදන (කුෂ්ඨ, කැසිලි) සුව කරනු ලබනවා.
4. ආමාෂයේ ඇතිවන තුවාල සුව කරනවා.
5. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා.
මේ ආදී ප්‍රයෝජන රාශියක් පලුවලින් ලැබෙන අතර ශරීරයේ ලේ පිරිසිදු කිරීමට ද උපකාරී වනවා. එසේම දත් කැක්කුමේදී පලු ගසේ කිරි දත් සහ විදුරු මස් මත තබනවා.මෙවන් වටිනා ශාකයක් වන පලු 2012 රතු දත්ත වාර්තාවට අනුව අයත්වන්නේ ඹ්ඥචඵබ ජධදජඥපදඥඤ කාණ්ඩයටයි.
වර්තමානය වන විට පලු ගස නිවෙස් ආශ්‍රිතව වගා කිරීමට ද සමහර මිනිසුන් පෙලඹිලා ඉන්නවා. එනිසා සමහර විට තෙත් කලාපයේත් අපට සමහර තැන්වල පලු ගස දකින්න ලැබෙනවා. එහෙත් දැව සඳහා ගස් කැපීමේදී පලු ගස්ද විනාශ වී යාමට ලක් වෙලා තියෙනවා. එනිසා මේවා විනාශ වී යාමට නොදී ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. එනිසා අපගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම ඉදිරි අනාගතය සඳහා පලු ඇතුළු සියලු ශාක ආරක්ෂාකර ගැනීම ඔබ සැමගේම ජාතික වගකීමක්.
පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද
වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන