අධිපෝෂණ ගුණැති මාංසභෝග

දෙසැම්බර් 17, 2021

මාංසභෝග ශරීර ශක්තිය ලබා දෙන ඉතා ගුණාත්මක ආහාරයකි. ලෙඩරෝග බොහොමයක්ම අවම කරන මාංසභෝග ඉහළ ශාක ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයකින් සමන්විත ඖෂධයකි. එමෙන්ම තන්තු විටමින් ඛනිජ වර්ග මෙන්ම පොස්පරස් හා සින්ක් ද බහුලව පවතී. විශේෂයෙන් මාංසභෝග ආහාරයට ගැනීමෙන් මහත් පීඩාවට පත් කෙරෙන මළබද්ධය අවම කරයි. මේදය බෙහෙවින් අඩුවෙන් පවතින නිසා ඉතාම ගුණදායක ආහාරයකි.

දියවැඩියා රෝගීන්ට ද මාංසභෝග ආහාරයට ගැනීමෙන් යම් සහනයක් ඇති කෙරේ. රුධිරයේ සීනි මට්ටම ද පාලනය කරන අතර, අධිරුධිර පීඩනය මෙන්ම පිළිකා ඇතිවීම ද පාලනය කරයි. මාංසභෝග කුඩා දරුවන්ට ලබා දෙන්නේ නම් ඔවුන්ගේ නිරෝගීතාවය වර්ධනය වන අතර, රෝගාබාධවලට ලක්වීම ද අඩුවේ. උදේ ආහාරයට දරුවන්ට පාන්,ඉඳිආප්ප, ආප්ප, සැන්විචස් , රෝල්ස් , මාළුපාන්, බිත්තරපාන් වැනි බේකරි කෑම වර්ග මෙන්ම අධික පිටි,සීනි , ලුණු , තෙල්, බැදුම් ආහාර වෙනුවට කඩල, මුංඇට, කවුපි වැනි මාංසභෝග කෑමට දීමට උනන්දු විය යුතුය.

කඩල

ප්‍රෝටීන් බහුල ආහාරයකි. යකඩ ද වැඩි ප්‍රමාණයක් ඇත. රයිබෝප්ලේවින් සහ කැල්සියම් ද ඇත. කඩලවල ගුණාත්මකභාවය රැකෙන පරිදි සකස්කරගත යුතුය. ඒ වැඩි දෙනකු කඩල පෙඟෙන්නට තබා තම්බා පොල් සමඟ කති. තවත් සමහරු කඩල තම්බා පොල්තෙලේ තම්බා මිරිස්කෑලි සහ අබ දමා කෑමට ගනියි. එමෙන්ම කඩල තම්බා පොල්කිරි යොදා ව්‍යාංජනයක් ලෙස සාදා කෑමට ගනී. කඩල දිරවීමට තරමක් අපහසු ආහාරයකි. කඩල ග්‍රෑම් සියයක පෝෂණ ගුණය ශක්තිය කැලරි 360, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 60.9, පොස්පරස් මිලිග්‍රෑම් 312, කැරොටින් මයික්‍රොග්‍රෑම් 189, රයිබෝෆ්ලේවින් 120-330, නියැසින් මිලිග්‍රෑම් 1.3-2.9, ප්‍රෝටීන් ග්‍රෑම් 17.20, කැල්සියම් මිලිග්‍රෑම් 202, යකඩ මිලිග්‍රෑම් 10.2, තයමින් මයික්‍රොග්‍රෑම් 210-200, විටමින් සී මිලිග්‍රෑම් 3

මුංඇට

දිරවීමට ඉතා පහසුම පෝෂණ ගුණයෙන් ඉහළ මුංඇටවල ප්‍රෝටීන් ප්‍රමාණය ද ඉතා අධිකය. ආහාරයට ගැනීමට පෙර තම්බන ලද මුං ඇටවලට වතුර ද ඉතාම ගුණදායකය. එහි ප්‍රතිජීවක ගුණය පවතී. මුං ඇට ග්‍රෑම් සියයක ඇති පෝෂණය ජලය ග්‍රෑම් 10.1 ශක්තිය කිලෝකැලරි 348, ප්‍රෝටීන් ග්‍රෑම් 245, මේදය ග්‍රෑම් 1.2, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 59.9 ක් ද වේ. ප්‍රෝටීන් ග්‍රෑම් 24, පොස්පරස් මිලිග්‍රෑම් 326, විටමින් බී 5 බී 6 ද පවතින අතර, නියසින් මිලිග්‍රෑම් 21 ක් ද ඇත. එමෙන්ම මුංඇට අංශභාගය, ස්නායු ආබාධ හා අක්මා රෝග වැනි රෝග රැසකටම ගුණදෙන පෝෂණ ගුණයෙන් ඉහළ ධාන්‍ය වර්ගයකි.

අනෙකුත් මාංස භෝගවලට වඩා කවුපිවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින් ඇත. එය වඩාත්ම ගුණවත් වන්නේ පිළිකා මර්දනයටයි. විශේෂයෙන් කවුපිවලට දියවැඩියාව නොහොත් මධුමේහය පාලනය කිරීමේ ශක්තියක් පවතී. කොලෙස්ටරොල් ද අවම කරයි. ඒ ඹ්ච්ඹ් ය. ඩ්ච්ඹ් කොලෙස්ටරෝල් වැඩි කිරීමේ තත්ත්වයක් පවතී. කවුපිවල තවත් විශේෂත්වයක් වන්නේ වේදනා නාශක ගුණයයි. උණ අඩු කිරීමේ ඖෂධීය ගුණයක් ද පවතී. හෘදය වස්තුව, පෙණහලු, අක්මාව ආරක්ෂා කිරීමේ ගුණයෙන් ද ඉහළය. මහත් පීඩාවට පත් කෙරෙන මුත්‍රගල් දියකරන ගුණයක්ද පවතී. මළබද්ධය දුරු කරන අතර, අර්ශස්වලට හා පීනසට ද යෝග්‍යය වේ. කවුපි ග්‍රෑම් සියයක පෝෂණ ගුණය . ප්‍රෝටීන් හා කෙඳිතිවලින් යුතු කවුපිවල ග්‍රෑම් සියයක ශක්තිය කිලෝ කැලරි 342, ජලය ග්‍රෑම් 11, ප්‍රෝටීන් ග්‍රෑම් 23. 95, මේදය ග්‍රෑම් 2.04 ක් ද වේ. ඊට අමතරව කැල්සියම් ,යකඩ, මැග්නීසියම්, පොස්පරස් ,පොටෑසියම් , සෝඩියම් , සින්ක් විටමින් ද අඩංගුව පවතී. හෘද රෝග, පිළිකා, මධුමේහය නොහොත් දියවැඩියාව හා කොලෙස්ටරෝල් වැනි රෝග රැසකටම ගුණ ගෙන දේ.

කොල්ලු

ධාන්‍ය වර්ගයක් වන කොල්ලු ද ඖෂධීය ගුණයෙන් ඉහළය. තරබාරුකමින් යුත් උදරය ඉදිරියට නෙරා ආ අයටත් අධික ලෙස දහඩිය දමන අයුරින් හොඳ ඖෂධයක් වන කොල්ලු අධික බර අඩු කර ගැනීමට ද උපකාරි වේ. අනෙකුත් ධාන්‍ය වර්ග තම්බා ගන්නවාට වඩා වැඩි වේලාවක් කොල්ලු තම්බා ආහාරයට ගැනීම සිදුවේ. කොල්ලු වර්ග හතරක්ම ඇත. සුදු කොල්ලු, කළු කොල්ලු, රතු කොල්ලු , හා පුල්ලි කොල්ලුය. උණ ගතිය පවතින රෝගීන්ට කොල්ලු තැම්බූ ජලය බීමට දීමෙන් සහනයක් ගෙන දේ. උණ අඩු කරයි. කොල්ලු ග්‍රෑම් සියයක පෝෂණ ගුණය ශක්තිය කැලරි 321, මේදය ග්‍රෑම් 0.5, කැල්සියම් මිලිග්‍රෑම් 287, යකඩ මිලිග්‍රෑම් 8.4, ප්‍රෝටීන් ග්‍රෑම් 22, රයිබෝෆ්ලේවින් මයික්‍රොග්‍රෑම් 200, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 37.2, පොස්පරස් මිලිග්‍රෑම් 311, තයමින් මයික්‍රොග්‍රෑම් 420, නියැසින් මයික්‍රොග්‍රෑම් 1500.

බාර්ලි

ගුණාත්මක ධාන්‍ය වර්ගයක් වන බාර්ලි පිෂ්ටය සහ ප්‍රෝටීන් අඩංගු වේ. බඩගින්න ඇති කරයි. ශක්තිය කාරකයක් වන බාර්ලි, චර්ම රෝගවලට ගුණදායකය. කැස්සට, පීනසට හා වකුගඩු ක්‍රියාකාරිත්වයට ද යහපත් වේ. ශරීර උෂ්ණත්වය ඇති අයට ද ගුණදායකය. ආහාර මාර්ගය පිරිසුදු කරන අතර, බඩේ හටගැනෙන දැවිල්ල ද නැති කරයි. බාර්ලි ග්‍රෑම් සියයක පෝෂණය ශක්තිය කැලරි 336, මේදය ග්‍රෑම් 1.3, පොස්පරස් මිලිග්‍රෑම් 215, ප්‍රෝටීන් ග්‍රෑම් 115, ප්‍රෝටීන් ග්‍රෑම් 11.5, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 69.6, රයිබොප්ලේවින් මයික්‍රොග්‍රෑම් 200, තයමින් මයික්‍රොග්‍රෑම් 470 යි.

බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

සටහන – මාධ්‍යවේදී

බී.ඇල්.පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.