අගනා ඔසුවක් රත්කෑල

නොවැම්බර් 12, 2021

මෙහිදී බොහෝ විට යොදාගනු ලැබුවේ අප ජීවත් වන අවට පරිසරය තුළ දක්නට ලැබෙන ශාක, සත්ව කොටස්ය. මේ අතරින්ද බහුල වශයෙන් යොදා ගනු ලැබුවේ ශාක කොටස්ය. මෙසේ ඖෂධීය ප්‍රයෝජන බොහෝ සෙයින් ලබාදෙන තුරුලතා අතර ‘රත්කෑල’ශාකයද එක් වැදගත් ශාකයක් ලෙස හැඳීන්විය හැකිය.

රත්කෑල යනුවෙන් මෙන්ම පත්කෑල යනුවෙන්ද හඳුන්වනු ලබන මෙම ශාකය රතු පැහැයට හුරු කඳක් සහිත විශාල ශාකයක් වන අතර කඳේ දක්නට ලැබෙන රතු පැහැය නිසා රත්කෑල වශයෙන් හඳුන්වනු ලබයි. එසේම මෙම රත්කෑල ශාකයේ කොළ ‘කැටකෑල’ කොළ වලට වඩා විශාල වේ. එක්වරම ගස පිරීයන සේ අතු අග පිපී යන රතුපාට මල් සමූහය දින 2ක් තුළ පරවී ගස මුල වැටී රතු පලසක් ඇතිරූ ස්වරූපයක් පෙන්වයි. එම තත්ත්වය ඈතට පෙනෙන්නේ මස් කැබලි ඇතිරූ ස්වභාවයක් නිසා එයට රැවටෙන සිවලුන් මස් කැබලියයි සිතා ඒවා කෑමට ඒ දෙසට එන බව ගැමි ව්‍යවහරයේ කියයි.

මේ අතර රත්කෑල ශාකයේ ඖෂධීය කොටස් යොදා සැකසූ විවිධ ඖෂධ යෝග මගින් අක්ෂිරෝග නහර ගැට ගැසීම කි‍්‍රමි රෝග ආදිය සමනය කරනු ලබන අතර පුරුෂ ශක්තිය මෙන්ම ඥාන ශක්තියද වැඩිදියුණු කරන ගුණයන්ගෙන් යුක්තය.

රත්කෑල ශාකය වැවෙන ප්‍රදේශ:-

විදේශීය වශයෙන්:-

ඉන්දියාවේ දියලුම ප්‍රදේශවලද මියැන්මාරය බටහිර බෙංගාලය ආදියේද බොහෝ සෙයින් දක්නට ලැබෙයි.

දේශීය වශයෙන්:-

ශී‍්‍ර ලංකාවේ බහුලව දක්නට නොලැබෙන නමුත් වියලි කලාපීය විවෘත ප්‍රදේශවල දක්නට ලැබේ. මඩකලපුව, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, මහනුවර, අම්පාර, බදුල්ල, මොණරාගල, ආදී දිස්ති‍්‍රක්ක වල විශේෂයෙන් දක්නට ඇත. එසේම පේරාදෙණිය උද්භිත උද්‍යානය , නාවින්න ආයුර්වේද පර්යේෂනායතනය හල්දුම්මුල්ල (බත්ගොඩ) පල්ලෙකැලේ සහ ගිරාඳුරුකෝට්ටේ ආදී ඖෂධ උද්‍යානවල දක්නට ඇත.

රත්කැල ශාකයේ ස්වරූපය:-

කටු නැති එරබදු ගසට බෙහෙවින් සමාන අඩි 50-75 පමණ උසට වැවෙන විශාල ගසකි. එසේම මෙම ශාකයේ කඳ රත් පැහැයක් ගනු ලබයි. මෙහි හටගනු ලබන පත්‍ර පති‍්‍රකා 3කින් යුක්ත වේ. එසේම පත්‍රයේ යටිපැත්ත සේද සහ ලෝම සහිතය. එරබදු කොළය මෙන් වන නමුත් මෙම පත්‍රවල තුඩ නැත. එසේම දළු විකෘතිය. තවද මෙහි කඳ බිඳුණු ස්වරූපයකින් (ඛ්පධධඬඥඤ) යුක්ත වේ. එසේම පති‍්‍රකා නොමැති අතු වල පොකුරු ලෙස හට ගනු ලබයි. මෙම ශාකයේ මල් වල වර්ණය අනුව ප්‍රභේද 4කි එනම්, රතු, කහ, නිල් හා සුදු වශයෙනි. මේ අතර මෙම රත්කෑල ශාකවල මල් හට ගැනීම ජුනි මුල සිට අගෝස්තු අවසානය දක්වා වේ. එසේම මෙම ශාකයේ හටගනු ලබන ඵලය (ගෙඩිය) පැතලි වන අතර තනි බීජයකින් යුක්ත වේ.

සාමාන්‍ය ව්‍යවහාරයේ කෑල, රත්කෑල, ගස් කෑලි, ගස්කෑලිය යන නාමයන්ගෙන්ද ව්‍යවහාර කරයි.මෙයට අමතරව පත්කෑල, කැටකෑල, යයි දේශීය වර්ග දෙකක්ද දක්නට ලැබේ. මින් ගැට සහිත සුදු කඳක් ඇති වඩා නිල් පාට නොවූ කොස් කොළ ප්‍රමාණයේ හැඩහුරුකමින් යුතු කොළ ඇති අඩි 50ක් පමණ උසට වැඩෙන වර්ගය කැටකෑල නම් වන අතර රතට හුරු කඳක් ඇති අඩි 75ක් පමණ උස කැටකෑල කොළයට වඩා විශාල තද ලේ පාටින් යුක්ත වූ කොළ සහිත වර්ගය පත්කෑල නම්වේ.

රත්කෑල පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාම:- රත්කෑල, කෑල හා ගස්කෑල වන අතර

සංස්කෘත බසින්:- පලාශ, බ්‍රහ්මවෘක්ෂා, රක්ත පුෂ්පක, ක්ෂානර ශ්‍රේෂ්ඨ, කිංශුක, සමීද්වර, යඥක, ති‍්‍රපර්ණී, ආදී නාමයන් රාශියක් වේ.

මේ අතරින්

කිංශුක: ගිරා හොටයකට සමාන රත්පැහැ මලක් ඇති නිසා කිංශුක නම් වේ.

පලාශ: පත්‍රය ප්‍රධාන වෘක්ෂඇය නැතහොත් මාංස ඛණ්ඩයක් බඳු පුෂ්පයන් ඇති වෘක්ෂනය යන අරුතින්ද

සමීද්වර යඥක: යාගයන් හිදී ගිනිදැල්වීමට මෙහි දර ගනු ලබන හෙයින්ද?

රක්ත පුෂ්පක:රතු මල් ඇති හෙයින්ද

ත්රි පර්ණී: එරබඳු ගසේ මෙන් එක නැට්ටේ කොළ 3ක් ඇති හෙයින්ද

ක්ෂාර ශ්රේකෂ්ඨ: උසස් ක්ෂාරයක් ලබාදෙන නිසාද යෙදේ.

හින්දි බසින් රත්කෑල සඳහා:- ධාක්, ඨාර, පලාශ් යන නාමද

වංග බසින්:- පලාශ් යනුවෙන්ද

දෙමළ බසින්:- පරාසන්, මුරුක්කන්වරම් යන නාමයන්ද යෙදේ.

ඉංගී‍්‍රසි බසින්:- ඕඥදඨචත ම්ඪදධ ඊපඥඥ යනුවෙන්ද යෙදේ.

රත්කෑල වල උද්භිත විද්‍යාත්මක නාම ඕභබඥචථධදධඵනඥපථච (ඹ්චථ) ඊචභඡඡ්පරබඩපඪදචථධදඪඵධඥපථච ඹ්චථ ඕභබඥචජ්පධදඤධඤචම්ධඥද.ඛ්.අධයඡ ආදී නාමයන් යෙදේ.

කුලය ඹ්ඡ්ට්උර්ධ්ව්ර්‍ණඉඒඡ් හෙවත් ශිම්බී කුලය වේ.

මෙහි ඖෂධ සඳහා ගනු ලබන අංග මැලියම් ඇට, මල්, පොතු හා කොළයි.

රත්කෑල වල අඩංගු රසායනික උපාදාන :-මැලියම් සහ පොතු වල ටැනින් හා ගැලින් ඇසිඩ් ද ඇටවල 18%ක් ස්ථිර තෛලද 6%ක් ග්ලූකෝස් ද ස්වල්ප ප්‍රමාණයක් වතුරේ දියවෙන සුළු ඇල්බ්‍යුමිනොයිඩ් පදාර්ථ අන්තර්ගතය. එසේම මල් වල වර්ණකාරක පදාර්ථයක් අන්තර්ගතය.

රත්කෑල වල ඖෂධීය ගුණකර්ම සැලකීමේදී අත්කෑල පොතු හා මැලියම් රසයෙන් කටුක තික්ත හා කෂාය ද ගුණයෙන් ලඝු හා ස්නිග්ධද වීර්යයෙන් උෂ්ණද විපාකයෙන් කටුකද වෙයි. මෙනිසා මෙය සෙම් වාත සමනය ගුණ යුතු අතර සෙම් වාත රෝග වලදී යොදයි.

ශාරීරික ව්‍යුහාගත කි‍්‍රයා සැලකීමේදී:- බාහිර වශයෙන් පොතු ලාටු, මල්, ස්තම්භත ගුණයද ඇට ලේඛන ගුණයද කොල ඉදිමුම් නසන සහ වේදනා සමන ගුණ ද යුතුයි. එනිසා මුත්‍රාව රෝධයේදී රත්කෑල මල් මදක් තම්බා වස්ති ප්‍රදේශයේ තබා බදිනු ලැබේ. ඉදිමුම් හා වේදනාව සහිත රෝගවලදී රත්කෑල කොළ මඳක් තම්බා ඒ ඒ ස්ථානවල බැඳීම සුදුසු ය.

ව්‍රණ, අර්ශස්, යෝනිස්රාතව ආදියේදී රත්කෑල පොතු කෂාය සකස්කර පරිෂේක කරනු ලබයි. සමේ රෝග හා නේත්‍ර රෝග වලදී රත්කෑල අට අඹරා ආලේප කරයි.

ලිංගික දුබලතා වලදීද රත්කෑල ඇට වලින් සැකසූ තෙල ආලේප කරයි. අපස්මාරයේදී බීජ නස්‍ය කරනු ලබයි.

අභ්‍යන්තර වශයෙන් ආහාර පරිපචන ව්‍යුහාවේදී:- මෙය දීපන ද ග්‍රාහීද අක්මා උත්තේජකද වෙයි. මල් පිපාසා සමන හා ස්ථම්භක ගුණ යුතුයි. මැලියම් ග්‍රාහීද අම්ලතා නාශකද වේ. ඇට කෘමිඝ්න ගුණ යුතුයි. ක්ෂාරය අනුලෝමන හා භේද්යා වේ. මෙහිදී පොතු කෂාය බඩගිනි අඩුකම, ග්‍රහණි අර්ශස්, සඳහාද මල් පිපාසා, අතීසාර, සඳහාද යොදයි. ක්ෂාමරය උදර ගුල්ම හා ශූල සඳහා යොදයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී:- මල් මෙන්ම මැලියම්ද රක්තශෝධක සහ රක්ත ස්ථම්භක ගුණ යුතුය. එනිසා මල් හා මැලියම් රත්පිතේදීද ඇට වාත රක්ත සඳහාද යොදයි.

මුත්‍ර ව්‍යුහාවේදී:- මල් මුත්‍රකාරක වන අතර ඇට හා පොතු ප්‍රමේහ නසයි. එනිසා මුත්‍ර කෘච්ඡ්‍රයේදී මල් ද ප්‍රමේහයේදී ඇටද ප්‍රයෝග කරයි.

ප්‍රජනන ව්‍යුහාවේදී:- මැලියම් වෘෂ්‍යද ඇටය උත්තේජක මල් ස්තම්භනද වේ. මෙනිසා ශුක්‍ර දුබලතා වලදී කැල ඉටිද ප්‍රදරයේදී කෑල මල්ද යොදයි.

චර්ම ව්‍යුහාවේදී:- මල් හා ඇට කුෂ්ඨ නාශක ගුණයි. මෙනිසා සමේ රෝග වලදී මල් හා ඇට යන දෙවර්ගයම යොදයි.

තවද මල් ජ්වරස්න (උන නසන) ගුණ යුතු අතර දාහ ප්‍රශමන ගුණ යුතුයි. මෙනිසා ජ්වර හා දාහ වලදී මල් යෙදීම ඉතා යෝග්‍ය වේ.

මේ අතර මැලියම් බලකාරකය, මැලියම් මල් හා පොතු යන වර්ග තුනම සන්ධානීය වන අතර පංචාංගයම රසායනය එනම් දුබලතාවලදී මැලියම් ප්‍රයෝග කරන අතර අස්ථි භග්න වලදී පොතු මල් හා මැලියම් යොදයි. එසේම විෂ වලදී ඇට යොදන අතර රසායනය උදෙසා පංචාංගයම යොදනු ලබයි.

රත්කෑල අඩංගු ඖෂධ යෝග:-

උදර රෝග හා අතීසාරයට:- රත්කෑල කොළ කෂාය හෝ යුෂ දීම

ජ්වර දාහයට:-කෑල කොළ අඹරා ආලේප කිරීම, ගෙඩි පැසවීමට, ගඩුවලට, අණ්ඩවාතයට, රත්කෑල කොළ අඹරා ආලේපය රත්කෑල මල් ජලයෙන් තම්බා අඹරා ගෙඩිමත තබා බැඳීම.

මුත්‍රා දේෂ හා නාසීමට:- කෑල සුඹුලු කෂාය යෙදීම.

මුත්‍රා මාර්ගයෙන් ලේ යන විට:- රත්කැල පොතු තම්බා වතුර බීමට දීම.

කි‍්‍රමි සඳහා:- රත්කෑල ඇට පිටි හෝ කල්කය හාල්පානු වතුරින් දීම‍

රක්ත ගුල්මයට:- පලාශ ක්ෂාතර ඍතය දීම

ගුල්ම, ප්ලීහා දෙකට:- රත්කෑල කරම් වතුරින් භාවනා දුන් තිප්පිලි කුඩු යෙදීම.

තරුණ බව රැක ගැනීමට:-රත්කැල පංචාංගයම හෝ රත්කැල ඇට වලඟසාල් දෙවගය නෙල්ලි යුෂින් අඹරා මී පැණි ගිතෙල් දෙකින් පදම් කර තබා පුරා මාසයක්ම උදේ සවස ගැනීම.

බාලයන්ගේ සමේ රෝගවලට:- රත්කෑල ඇට දෙහි යුෂින් අඹරා ගෑම සුදුසුය.

ගෝනුසු විෂට:- රත්කෑල ඇට වරාකිරෙන් අඹරා ගානු ලබයි. අතීසාර හා ප්‍රවාහිකා සඳහා රත්කෑල ඉටි උණුදිය සමඟ යෙදීම වේදනා හා ඉදිමුම් අඩු කිරීමට රත්කෑල කොළ තම්බා සේදීම සුදුසුය.

මේ ආදී ඖෂධ යෝග අති විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර එම යෝගයන් රෝගාබාධ රාශියකට යොදනු ලබයි.

රත්කෑල වල ඖෂධීය මාත්‍රා

රත්තිකා 5-15 දක්වාය.

මේ අතර මහනුවර සමයේ විසූ ශී‍්‍ර රත්නසේකර නම් රාජ වෛද්‍යවරයා විසින් රචිත අත්වෙද පොතෙහි මිනිසෙකු අවු:300ක් ජීවත් කරලිය හැකි මහඟු රසායන ඔදුවක් රත්කෑල වලින් සාදාගනු ලබන බව දක්වා තිබේ.

රත්කෑල ගසක මුල සිට අඩි 6ක් උසින් පොත්ත හැර කපා ඉතිරිවන එම මුලේ කොටසේ ලොකු බෙනයක් සාදා එම ඇතුල් කුහරයට නෙල්ලි පලම් 64ක් දමා තවත් කෑල ලීයකින් එම මුඛ්‍යද වසා මැටි බැඳ වියලුණු පසු ගිනි තබා කඳ පිලිස්සී ගිය පසු නැග එන ජනාශ ක්ෂාරය සහිත නෙල්ලි කල්කය ගෙන සුබ මොහොතින් කුටී ප්‍රවේශ වී දින 15ක් සමඟ ගැනීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව දක්වා ඇත. එසේම මෙය විශිෂ්ට වාජිකරණයක්ද වේ.

මෙසේ ඖෂධිය වශයෙන් අතිශයින් ගුණදායක විශිෂ්ට ඔසුවක් ලෙස රත්කැල ශාකයක් දැක්විය හැක.

මෙයට අමතරව තවත් ප්‍රයෝජන රාශියක්ද ‘රත්කෑල’ ගසින් ලැබේ. කෑල මල් වල වර්ණයක් අන්තර්ගත බැවින් ඩයි වර්ග සෑදීමට භාවිතා කරයි. එසේම යාග හෝම වලදි ගිනිදැල්වීමට දරද වියලා සකස් කර ගත හැකිය. මේ අනුව පැහැදිලි වනුයේ ‘රත්කෑල’ යනු ඖෂධීය වශයෙන් පමණක් නොව තවත් ප්‍රයෝජන රාශියක් ලබා දෙන අගනා ඔසුවකි.

රත්කෑල අඩංගු ඖෂධ යෝග:-

උදර රෝග හා අතීසාරයට:- රත්කෑල කොළ කෂාය හෝ යුෂ දීම

ජ්වර දාහයට:-කෑල කොළ අඹරා ආලේප කිරීම, ගෙඩි පැසවීමට, ගඩුවලට, අණ්ඩවාතයට, රත්කෑල කොළ අඹරා ආලේපය රත්කෑල මල් ජලයෙන් තම්බා අඹරා ගෙඩිමත තබා බැඳීම.

මූත්‍ර දේෂ හා නාසීමට:- කෑල සුඹුලු කෂාය යෙදීම.

මූත්‍ර මාර්ගයෙන් ලේ යන විට:- රත්කැල පොතු තම්බා වතුර බීමට දීම.

කි‍්‍රමි සඳහා:- රත්කෑල ඇට පිටි හෝ කල්කය හාල්පානු වතුරින් දීම‍

රක්ත ගුල්මයට:- පලාශ ක්ෂාතර ඍතය දීම

ගුල්ම, ප්ලීහා දෙකට:- රත්කෑල කරම් වතුරින් භාවනා දුන් තිප්පිලි කුඩු යෙදීම.

තරුණ බව රැක ගැනීමට:-රත්කැල පංචාංගයම හෝ රත්කැල ඇට වලඟසාල් දෙවගය නෙල්ලි යුෂින් අඹරා මී පැණි ගිතෙල් දෙකින් පදම් කර තබා පුරා මාසයක්ම උදේ සවස ගැනීම.

බාලයන්ගේ සමේ රෝගවලට:- රත්කෑල ඇට දෙහි යුෂින් අඹරා ගෑම සුදුසුය.

ගෝනුසු විෂට:- රත්කෑල ඇට වරාකිරෙන් අඹරා ගානු ලබයි. අතීසාර හා ප්‍රවාහිකා සඳහා රත්කෑල ඉටි උණුදිය සමඟ යෙදීම වේදනා හා ඉදිමුම් අඩු කිරීමට රත්කෑල කොළ තම්බා සේදීම සුදුසුය.

මේ ආදී ඖෂධ යෝග අති විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර එම යෝගයන් රෝගාබාධ රාශියකට යොදනු ලබයි.

රත්කෑල වල ඖෂධීය මාත්‍රා

රත්තිකා 5-15 දක්වාය.

මේ අතර මහනුවර සමයේ විසූ ශී‍්‍ර රත්නසේකර නම් රාජ වෛද්‍යවරයා විසින් රචිත අත්වෙද පොතෙහි මිනිසකු අවු:300ක් ජීවත් කරලිය හැකි මහඟු රසායන ඔදුවක් රත්කෑල වලින් සාදාගනු ලබන බව දක්වා තිබේ.

රත්කෑල ගසක මුල සිට අඩි 6ක් උසින් පොත්ත හැර කපා ඉතිරිවන එම මුලේ කොටසේ ලොකු බෙනයක් සාදා එම ඇතුළු කුහරයට නෙල්ලි පලම් 64ක් දමා තවත් කෑල ලීයකින් එම මුඛ්‍යද වසා මැටි බැඳ වියලුණු පසු ගිනි තබා කඳ පිලිස්සී ගිය පසු නැග එන ජනාශ ක්ෂාරය සහිත නෙල්ලි කල්කය ගෙන සුබ මොහොතින් කුටී ප්‍රවේශ වී දින 15ක් සමඟ ගැනීමෙන් දීර්ඝායුෂ ලැබෙන බව දක්වා ඇත. එසේම මෙය විශිෂ්ට වාජිකරණයක්ද වේ.

මෙසේ ඖෂධිය වශයෙන් අතිශයින් ගුණදායක විශිෂ්ට ඔසුවක් ලෙස රත්කැල ශාකයක් දැක්විය හැක. මෙයට අමතරව තවත් ප්‍රයෝජන රාශියක්ද ‘රත්කෑල’ ගසින් ලැබේ. කෑල මල් වල වර්ණයක් අන්තර්ගත බැවින් ඩයි වර්ග සෑදීමට භාවිතා කරයි. එසේම යාග හෝම වලදි ගිනිදැල්වීමට දරද වියලා සකස් කර ගත හැකිය. මේ අනුව පැහැදිලි වනුයේ ‘රත්කෑල’ යනු ඖෂධීය වශයෙන් පමණක් නොව තවත් ප්‍රයෝජන රාශියක් ලබා දෙන අගනා ඔසුවක් බවයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.