දිවි සුරකින ඖෂධීය ශාක

ඔක්තෝබර් 15, 2021

සේර

ර්‍ථධචඥචන ශාක කුලයට අයත් සේර ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ජරථඡධනධඨධද ජඪබපචබභඵ ය. සේර, ආහාර රස කිරීමට යොදා ගන්නා කුළු බඩු වර්ගයක් වුවද ඉතා ඉහළ ඖෂධීය ගුණයෙන්ද යුතුය. සේර පැළැටිය ශාකනය වූ රසෝමයක් සහිත බහුවාර්ෂික පැළැටියකි. අඩි 2 – 3 ක් දක්වා උසට අර්ධ ගෝලාකාර හැඩැති පඳුරු ලෙස වැඩේ. සිහින් දිගැටි රේඛීය පත්‍රය. පත්‍ර මතුපිට සිහින් බූවක් සහිතය. ඉතා තදින් බැඳුණු සිලින්ඩරාකාර පත්‍ර කොපු දැකිය හැකිය. කොලපුවක් සහිත සංයුක්ත බහු අක්ෂ පුෂ්ප මංජරි පිහිටයි. පලය ආයත හැඩැතිය. වාත ශාමක ගුණයෙන් යුතු සේර ස්වේදන උද්දීපන ගුණ දරයි. ආහාර මාර්ගයේ රෝග, ඉදිමුම් නසන අතර ශරීර බල වඩවයි. සේර මස් මාළු ආදී වෑංජන රසවත් කිරීමට බහුල ලෙස යොදා ගනියි. ඉතා සුගන්ධවත් තෘණ විශේෂයකි. සුගන්ධවත් තෙල් නිෂ්පාදනය සඳහා ලංකාවේ මහා පරිමාණයෙන් වගා කෙරේ. සේර තෙල් ලා කහ පැහැතිය.සේර තෙල්, සුවඳ විලවුන්, සබන් ආදිය නිෂ්පාදනය සඳහා උපයෝගී කරගනී

හුලංකීරිය

තෙත් කලාපයේ බහුලව වැවේ. අඩි දෙකක් පමණ උසට වැවෙන ශාකයකි. පත්‍ර සිහින් ය. දිගය. පත්‍ර නාරටියද දිගය. සිහින් කඳෙහි නාරටියක් නොමැත. හුලංකීරිය අලය සුදු පැහැතිය. තුනී සියුම් පොත්තකින් යුතුය. හුලංකීරිය අල තම්බා ආහාරයට ගනු ලබයි. ඊට අමතරව අල කොටා ලබා ගන්නා පිටිවලින් හුලංකීරිය කැඳ සාදයි. මෙය ඉතා ප්‍රනීත මෙන්ම ගුණදායක පානයකි. ආයූර්වේදයට අනුව හුලංකීරිය මළබද්ධය දුරු කරයි. අර්ශස් හා ගුද පිළිකාවලට ගුණදායකය. ශරිර දුර්වලතා මඟහරවා ශක්තිය ලබා දෙන අතර විජලනය දුරු කරයි. මූත්‍ර දැවිල්ලටද ගුණදායකය.

අක්කපාන

ම්චතචදජඩධඥ ර්‍ථඪදදචබච යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන අක්කපාන අපට බොහෝ හුරු පුරුදු ශාකයකි. විශේෂයෙන් වගා නොකළ ද පත්‍ර වැටෙන වැටෙන ස්ථානවල විශාල වශයෙන් හට ගැනීමේ හැකියාව මෙයට ඇත. වර්ෂ දෙකකට වඩා ජීවත්වන බහු වාර්ෂික ශාකයක් ලෙස මෙය හඳුනා ගත හැකිය. පත්‍ර සරලය. මාංසල ගතියෙන් යුක්තය. මල් ද්විලිංගිකය. ක්‍රමවත් ය. එහි බොහෝ බීජ ඇත. අක්කපාන පත්‍රයේ දාරවලින් මුල් හා අංකුර හටගනී. අලුත් ශාක ඇති වන්නේ මෙම අංකුර වලිනි. ආයූර්වේදයේ අක්කපානවලට මුල්තැනක් හිමි වේ. අක්කපාන පත්‍ර මඳක් තිත්ත වන අතර ඇඹුල් රසයෙන් ද යුක්තය. ඒ නිසාම මූත්‍ර රෝග සඳහා අක්කපාන පත්‍ර බහුලව යොදා ගනු ලබයි. පිළිස්සුම් තුවාලවලට මෙන්ම විශේෂයෙන් පිළිස්සුම් කැළැල්වලට අක්කපාන ඉතා ගුණය. රූපාලංකරණයේදී ද මෙම ශාකයට ප්‍රධාන තැනක් හිමි වේ. ලංකාවේ පහත රට හා පහත රට කඳුකර ප්‍රදේශවල බහුලව වැවේ. නිවර්තන කලාපයට අයත් රටවලදී දැක ගත හැකිය. ලංකාවට මෙම ශාකය ලැබී ඇත්තේ අප්‍රිකාවෙන් බව සඳහන් ය.

අංකෙන්ද

ඒජපධභදරජඩඪච නඥඤභදජභතචබච යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අංකෙන්ද ඖෂධීය වටිනාකමින්ද ඉහළ ශාකයකි. සිනිඳු පොත්තක් සහිත සාමාන්‍ය ප්‍රමාණයේ උසකින් යුත් ශාකයකි. පත්‍ර අඟල් 3 -5 ක් පමණ දිගය, සිනිඳුය, දීප්තිමත්ය. පත්‍ර අණ්ඩාකාර හැඩයක් ගනියි. කහ පැහැය මිශ්‍ර සුදුපාට මලක් පිපෙයි. මලේ කීලය ඉතා කොටය. පලය ගෝලාකාර හැඩයක් ගන්නා අතර අඟල් භාගයක් පමණ විශාලය. අංකෙන්ද පොතු හා කොළ කැඩුම් බිඳුම් වෙදකම හා හරකුන්ට වෙදකම් කිරීම සඳහා යොදා ගනියි. හිස කෙස් සඳහා ද ඉතා ගුණදායක අංකෙන්ද පත්‍ර තෙල් සිඳීමේදී භාවිත කරයි. ඇතැම් ප්‍රදේශවල පැණි පැසීම වළක්වාලීම සඳහා පැණිමුල්වලට අංකෙන්ද පොතු දමයි.අංකෙන්ද ශාකය ලංකාවේ මුහුදු මට්ටමෙන් අඩි 5000 ක් පමණ උසින් යුත් ප්‍රදේශවල සරුවට වැවේ.

එනසාල්

කුළු බඩු වර්ගයක් ලෙසද ඉහළ ආර්ථික වටිනාකමක් ඇති එනසාල් ආයූර්වේද වටිනාකමින් ද ඉතා ඉහළ ගුණයක් ඇති ශාකයකි. ශාකයේ ප්‍රමාණය අනුව එනසාල් ප්‍රභේද 2 කි. එනම් හීන් එනසාල් හා මහ එනසාල් ය. ආහාර සැකසුම් කර්මාන්තයේ රසය සහ සුවඳ ලබා ගැනීමට එනසාල් බහුල ලෙස භාවිත කරයි. අඩි දහයක් පමණ උසට වැඩෙන පත්‍රමය ව්‍යාජ කඳන් සහිත විශාල පැළැටියකි. කෙටි නටුවක් සහිත අඩි 3 ක් පමණ දිග ලංසාකාර පත්‍ර ඇත. ලා කොළ පැහැති පත්‍රවල යටි පැත්තේ සියුම් බූවක් ඇත. භූගත රයිසෝමීය කඳෙන් හට ගන්නා පුෂ්ප මංජරීය බිම බෑවී වැඩෙයි. මල් සුදු, දම් පැහැති වේ. පලය තුළ අක්‍රමවත් ලෙස බීජ පේළියට පිහිටා ඇත. වා, පිත්, සෙම් ආදි තිදොස් සමනය සඳහා එනසාල් ඉතා ගුණය. මුඛ ශෝධක ගුණයෙන් සපිරිය. දුගඳ නසයි. අර්ශස් සඳහා ගුණදායකය. අජීර්ණ ආබාධ සුව කරයි එනසාල් ලංකාවේ කඳුකර හා අතරමැදි තෙත් කලාපයේ හොඳීන් වැඩෙයි. සෙවණ සහිත ස්ථාන වඩාත් ප්‍රිය කරන එනසාල් වගා කිරීමෙන් ඉහළ ආර්ථික වාසි ලබා ගත හැකිය.

අඟුණ

පළා වර්ගයක් ලෙසද ජනප්‍රිය අඟුණ වර්ග කිහිපයකි. තිත්ත අඟුණ, කිරි අඟුණ හා රුක් අඟුණ ඒ අතරින් ප්‍රධානය. කිරි අඟුණ ශාකයේ සියුම් කිරි රසයක් ඇත. පත්‍ර බිත්තරයක හැඩය ගනියි. තරමක් විශාලය. ලා කොළ, පැහැති මල් රාශියක් පිපේ. මල් සුවඳවත්ය. මල්වල බීජ බොහෝ ප්‍රමාණයක් ඇති අතර ඒවා සුළඟට ගසා ගෙන යෑම මඟින් පැතිරේ. වැල් සහිත ශාකයක් වූ තිත්ත අගුණ කොළ ද කෑමටගනු ලැබේ. කොළ තද කොළ පැහැතිය. කටු සහිත තරමක් ලොකු ශාකයක් ලෙස රුක් අඟුණ හඳුනා ගත හැකිය. මෙහි පත්‍ර සේම මල් ද අනෙක් අඟුණවලට වඩා විශාලය. අරටුව තද රුක් අඟුණ ශාකයේ පොත්ත තිත්තය. ආයුර්වේදයට අනුව තිත්ත අඟුණ කොළ ආහාර රුචිය වඩවයි. කිරි අඟුණ මල් පිස්සු බලු විෂට හා සර්ප විෂට ගුණය. කිරි දෙන මව්වරුන්ට කිරි වැඩීම පිණිස ලබාදෙන බැවින් කිරි අඟුණ ලෙසද හැඳීන්වේ. ළදරුවන්ගේ පණු රෝග වලටද උණ රෝගයටද කිරි අඟුණ දලු යොදා ගනී.

ඉරමුසු

ඉරමුසුවල උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ ඩ්ඥථඪඤඥඵථභඵ ඪදඤඪජභඵ ය. ඔසු පැන් ලෙස වඩා ජනප්‍රිය ඖෂධ ගුණයෙන් හා පෝෂණ ගුණයෙන් ඉහළ ශාකයකි. ප්‍රියමනාප සුවඳක් ඇත. ඉරමුසු හීන් ඉරමුසු හා මහ ඉරමුසු ලෙස වර්ග 2කි. හීන් ඉරමුසු ශාකය ප්‍රමාණයෙන් කුඩාය. මහ ඉරමුසු ශාකය හීන් ඉරමුසු වලට වඩා සුවඳවත්ය, ගුණවත්ය. හීන් ඉරමුසු බිම පැතිරී හෝ තවත් ශාකයක එතී වර්ධනය වන පැළැටියකි. සුගන්ධවත් මුලක් හා කඳක් හිමිය. ළපටි කඳ දම්පැහැතිය. බූව සහිතය. පත්‍ර මධ්‍යයේ සුදු පැහැති ඉරක් දැක ගත හැකිය. මල් ඉතා කුඩාය. දම් පැහැතිය. දෙකට බෙදුණු පලයක් හටගනියි. සම්පූර්ණ පැළැටියම ඖෂධීය ගුණයෙන් යුක්තය. ඉරමුසු සහමුලින් ගෙන තම්බා පානය කිරීමෙන් ශරීරයේ දුගඳ නසන අතර ආහාර රුචිය වඩවයි. සෙම, පිපාසය, ශරීර දාහය, රත් පිත, වාතය දුරු කරයි. ලේ සහ මව්කිරි වඩවයි. කුෂ්ඨ ආදී සමේ රෝග සඳහා ගුණදායකය. ලංකාවේ පහතරට තෙත් හා වියළි ප්‍රදේශවල සරුවට වැඩෙයි. ඉතා ශිත වන ඉරමුසු යොදා කොළ කැඳ සාදා ගැනීම වඩාත් සුදුසුය.

ගම්මිරිස්

ර්‍ථඪනඥප දඪඨපභථ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගම්මිරිස් ර්‍ථඪනඥනපචජජචඥ කුලයට අයත්ය. ඉංග්‍රීසි භාෂාවේ දී බ්ලැක් පෙපර් ලෙසද දෙමළ භාෂාවේදී මිලගු, අගුට්ටම් යන නම්වලින්ද සංස්කෘත භාෂාවෙන් මරීව ලෙසද හඳුන්වනු ලබයි. සැර සුවඳකින් යුත් ඖෂධීය ගුණයෙන් අනූන ගම්මිරිස්. ශාකයක එතී ඉහළ යන වැල් වර්ගයකි. කුළු බඩු අතරද ගම්මිරිස්වලට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ගම්මිරිස් කඳ සිනිඳුය. කඳ පර්ව අසලදී ඝන වී ධාවක ඇති කරයි. පත්‍ර අණ්ඩාකාරය. විශාලය. තද කොළ පැහැතිය. පත්‍ර මතුපිට සිනිඳුය. පුෂ්ප මංජරිය දිගු වන අතර පහළට එල්ලෙන ශාකයකි. ශුකිය පුරා ළඟින් පිහිටි පුෂ්පයන්ය. පලය කුඩාය ඉදුණු විට තද රතු පැහැයට හැරේ. ලංකාවේ මාතලේ, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ගම්මිරිස් වාණිජ වගාවක් ලෙස වගා කෙරේ.

 

රඹුක්කන

කීර්ති එස් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.