ඖෂධාහාරය නිවිති

ඔක්තෝබර් 1, 2021

ශරීරයේ දුබලතා මගහරවා සප්ත ධාතු වර්ධනය කිරීම මගින් ශරීරයේ ශක්තිය බලය ආරක්ෂා කර ගනිමින් නිරෝගී බව රැක ගැනීම සඳහා ඖෂධීය ශාක මගින් සිදුවනුයේ ඉතා අගනා මෙහෙයකි. නිරෝගී බව රැක ගැනීමට සප්ත ධාතු වලින් රක්ත ධාතුව හෙවත් ලේ වඩාත් උපකාරී වේ. මෙනිසා ලේ වඩන ඖෂධාහාර මෙහිදී වඩාත් වැදගත් වේ. මෙවන් ගුණ දෙන ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ද්‍රව්‍යයක් ලෙස නිවිති හැඳීන්විය හැකිය. නිවිති යන නාමය ඇසූ පමණින් මතකයට එනුයේ ලේ වඩන ආහාරයන් අතර ප්‍රධානතම ආහාරයක් ලෙසයි.

 

විශේෂයෙන් ආයුර්වේදයට අනුව ඇඟ නිවන, ලේ වඩන, සප්ත ධාතු වඩන ද්‍රව්‍යයක් වශයෙන් නිවිති හඳුන්වනු ලබයි. අඩු වියදමකින් වැඩි පෝෂණ ගුණයක් බලාපොරොත්තු වන විට වහාම මතකයට නැගෙන නමක් ලෙස නිවිති හැඳීන්විය හැක. ව්‍යාංජනයක්, සූපයක් සලාදයක් මෙන්ම කැඳක් වශයෙන්ද නොයෙක් අයුරින් ආහාර සඳහා එක්කර ගනු ලබන නිවිති ඖෂධ ලෙස මෙන්ම අත් බෙහෙත් ලෙසද ප්‍රයෝජනයට ගනු ලබයි.

 

නිවිති වැවෙන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පාහේ වැවෙන අතර බොහෝ සෙයින් ගෙවතුවලද වවනු ලබයි. මල් පෝච්චියක වුවද පහසුවෙන් වවා ගත හැකි පැළෑටියකි.

 

නිවිති පිළිබඳව විවිධ භාෂා වලින් හඳුන්වන නාම

පොදු සිංහල නාමය නිවිති වන අතර සංස්කෘත බසින් පිච්ඡිලා, පිච්ඡිලාඡ මදශාක, මොහිනී යන නාමයන් යෙදේ. දෙමළ බසින් පසෙලෙ යනුවෙන් ද ඉංග්‍රීසි බසින් ධ්දඤඪචද ඵනඪදචජඩ ධප ඹචතචඡචප මඪඨඩඵඩච යනුවෙන්ද යෙදේ.

උද්භිත විද්‍යාත්මක නාමය - ඕචඵඥතතච චතඡච ඹ් සහ ඕචඵඥතතච පභඡපච කුලය - ඕචඵඥතතචජඥචඥ

නිවිති ප්‍රභේද

නිල් නිවිති - දැනට සුලභව පවතින ආහාරයට ගනු ලබන වර්ගයයි. මේවා දඬු සිටුවීමෙන් මෙන්ම ඇටවලින්ද පැළ කරගත හැක. හොඳීන් පොහොර යෙදුවහොත් නිවිති වැලකින් බොහෝ කාලයක් ප්‍රයෝජන ගත හැක.

රතු නිවිති - මෙහි දණ්ඩ රතු පැහැ ගනු ලබන අතර කොළවල නාරටිද රතු පැහැයට හුරුය. නිල් නිවිතිවල ගුණයට බොහෝ දුරට සමාන වන මෙය දිරවීම තරමක් ප්‍රමාද වේ. එමෙන්ම රතු නිවිති භූත විද්‍යාත්මක කටයුතු වලටද යොදා ගනියි.

 

නිවිතිවල ආහාරමය වටිනාකම

නිවිති ආහාරමය වශයෙන් බොහෝ දෙනා ප්‍රිය කරන අතර ශරීරය වඩන ලේ වඩන ආහාරයකි. ව්‍යාංජන, සලාද, සූප සහ කැඳ ආදී විවිධ අයුරින් සකසා ගනු ලබයි. ව්‍යාංජන සකස් කිරීමේදී පරිප්පු, කොස් ඇට ආදිය එක්කර සකසා ගැනීමටද ගම්බඳ ගෘහනියෝ පුරුදු වී සිටිති. මෙමගින් රසය මෙන්ම ගුණයද ඉහළ තත්වයක පවතියි.

විශේෂයෙන් ගැබිනි මවට, කිරිදෙන මවට සහ රක්තහීනතාවෙන් පෙළෙන රෝගීන්ට ඉතා ගුණදායක ආහාරයක් ලෙස නිවිති හැඳීන්විය හැක.

නිවිති ග්‍රෑම් 100 ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 2.9

ප්‍රෝටීන් ග්‍රෑම් 2

යකඩ මිලිග්‍රෑම් 10.9

කැල්සියම් මිලිග්‍රෑම් 73

පොස්පරස් මිලිග්‍රෑම් 21

විටමින් සී මිලිග්‍රෑම් 28

රයිබෝප්ලේවින් මයික්‍රොග්‍රෑම් 260

තයිමින් මයික්‍රොග්‍රෑම් 30

නියැසින් මිලිග්‍රෑම් 6 වශයෙනි.

මෙයින් පෙනී යන්නේ නිවිති පෝෂ්‍ය පදාර්ථ වලින් පිරිපුන් ඉතා අගනා ආහාරයක් බවයි. නිවිති සකස් කර ගැනීමේදී අමු නිවිති ගුණයෙන් අධික වන අතර වැඩිපුර පිසීමේදී සහ වැඩිපුර සේදීමේදී ගුණ අඩුවේ.

 

නිවිති අඩංගු ඖෂධ යෝග

සිරුරේ දැවිල්ලට - නිවිති කොළ යුෂ පානය සහ නිවිති කොළ කොටා ආලේපය

රත්පිතට - නිවිති කොළ යුෂ පානය

ස්‍රාව ගලන සමේ රෝග සඳහා - නිවිති කොළ අමු කහ සමග අඹරා ගෑම හොඳයි

කුෂ්ඨ සඳහා - කොහොඹ කොළ, අමු කහ, තැම්බූ වතුරින් සෝදා නිවිති කොළ මිටිකිරි දමා තරමක් තම්බා එයට සීනක්කාරම් කුඩු දමා දිනකට තුන්වරක් ගෑම

පිළිස්සුම් නිසා ඇතිවන දැවිල්ලට - නිවිති කොළ ගිතෙල් සමග අඹරා ගෑම සුදුසුය.

ග්‍රහණි රෝගයට - නිවිති, මිදුණු කිරි, දෙළුම් එකට තම්බා කෑමට දිය යුතුය.

මී මැසි විෂට - නිවිති කොළ යුෂ ගාන්න

පොළොං විෂට - හීරුස්ස, නිවිති, නෙරෙංචි, වියළි ඉගුරු මලවා බැඳීම සුදුසුය.

නියගලා අල විෂට - නිවිති මුල උඳුරා වියළා ගෙන ඇල්වතුරෙන් දියකර පෙවීම ගුණදායකයි.

ගෙඩි පිපිරීමට - රත් නොකළ එළකිරි සමග නිවිති කොළ අඹරා ගෙඩියේ ගෑමෙන් ගෙඩිය පුපුරන අතර ඉන්පසු නිවිති කොළ අමු කහ සහ බත් සමග අඹරා බැ¼දීමෙන් සැරව ශුද්ධ වේ. මේ ආදී ඖෂධ යෝග රාශියක් වේ.

 

නිවිතිවල ඖෂධීය මාත්‍රාව

ආහාරමය වශයෙන් හා ඖෂධීය වශයෙන් ඉතා ගුණදායක නිවිති සෑම ගෙවත්තකම වවා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වන අතර ඉතා අඩු වියදමින් වැඩි පෝෂණ ගුණයක් ලබා ගත හැකි අගනා ඖෂධහාරයක් ඉන් ලබා ගත හැක.

 

නිවිතිවල ඖෂධීය වටිනාකම

ඖෂධීය වශයෙන්ද ඉතා අගනා ද්‍රව්‍යයකි. මෙය සෘෂි යුගයේ සිටම ඖෂධ සඳහා භාවිතා වූ බව පුරාණ සංහිතා ග්‍රන්ථ පරිශීලනයේදී පැහැදිලි වේ.

නිවිති රසයෙන් මංචර වන අතර ගුණයෙන් ගුරු හා ස්නිග්ධ වේ. වීර්යයෙන් ශීත වන අතර විපාකයෙන් මධුර වේ.

 

දෝෂ අනුව සැලකීමේදී

නිවිති සෙම වඩන අතර වා පිත් නසයි. එසේම ස්නේහන හා අනුලෝමන ගුණ පවතියි. නින්ද ඇති කරන අතර ශක්තිය වඩයි. එසේම ශුක්‍ර වඩන අතර ශරීර දාහය, රත්පිත, ආහාර අරුචිය නසයි. එසේම බලකාරක වන අතර හදවතට හිතයි. වෘංහණ ගුණද පවතින අතර මුත්‍ර කාරක ගුණද ඇත. ශීත ගුණ යුතු නිසා සෙම් රෝගීන්ට අගුණය. නිවිති කොළ නිසා බෙලසුල් ගතිය හා සිරුර සිනිදු බව ඇති වේ. මෙම ශීතල ගුණ හා බෙලසුල් ගුණ නිසා සෙම් වැඩීම තවත් ඉක්මන් වේ. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස පීනස ආදිය පවතින විට නිවිති ආහාරයට ගැනීම අහිතකර වේ.

 

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.