සෞඛ්‍යයට තර්ජනයක් වන පණු රෝග ලේ වඩන අගනා

ඔක්තෝබර් 1, 2021

යමෙකුට ජ්වර වශයෙන් පණු රෝගයක් වැළඳී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට එම පුද්ගලයේ මල ද්‍රව්‍යය පරීක්ෂාවට ලක් කළ යුතු ය. කෙසේ වුවද පෞද්ගලික සෞඛ්‍යය කෙරෙහි හොඳ අවධානයකින් පසුවන්නේ නම් පණු රෝග ඉතා පහසුවෙන් වළක්වා ගත හැක. ජලය උණු කර පානය කිරීම ආහාර ළහොඳින් පිස අනුභව කිරීම, පළා වර්ග, පලතුරු, සලාද කොළ, හොඳින් සෝදා ආහාරයට ගැනීම නිසි පරිදි වැසිකිලි භාවිතා කිරීම හැම විටම පාවහන් සහිතව ගමන් කිරීම පණු රෝගවලින් වැළැකීමේ ක්‍රමවේද වේ.

 

මෑතකදී කොළඹට නුදුරු ප්‍රදේශයක දී කරන ලද සමීක්ෂණයකින් එකී ප්‍රදේශයේ වැසියන්ගෙන් සියයට අනූ හතරක්ම කවර හෝ පණු රෝගයකින් පෙළෙන බැව් අනාවරණය විය. පණු රෝග වැළඳීම කෙරෙහි පෞද්ගලික සෞඛ්‍යය තත්ත්වය එක එල්ලේම බලපායි. අපිරිසුදු ආහාර ගැනීම අපවිත්‍ර ජලය පානය කිරීම, නිසි පරිදි වැසිකිලි භාවිතා නොකිරීම පණු රෝගවලට ගොදුරුවීමට ඇති නැඹුරුතාවය වැඩි කරයි.

ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි පණු රෝග ආසාදන තුනකි. එනම්, වටපණු ආසාදනය, කොකු පණු ආසාදනය, කස පණු ආසාදනය.

වටපණුවාගේ සත්ව විද්‍යාත්මක නාමය ඇස්කාරිස් ලුම්බිකොයිඩ්ස් ය. වැටුණ, තැනුණ පණුවෙක් සෙන්ටි මීටර් 25 - 42 අතර වේ. පිරිමි වට පණුවාගේ දිග ගැහැනු වටපණුවා ගේ දිගට වඩා අඩුය. කුඩා අනුත්‍රය තුළ ජීවත්වන ජනිත ගැහැනු වටපණුවකු දිනකට බිත්තර 2,40000 ලෑමට සමත්ය. කෙසේ වුවද බිත්තර පිපිරී කීටයන් බිහිවීම අනුත්‍රය තුළ සිදු නොවේ. මලපහ සමඟ පරිසරයට නිකුත්වන බිත්තර පිපිරෙන තත්ත්වයට පත්වීමට සුදුසු කාලයක් නොවේ නම් වසර 5 - 7 දක්වා කාලයක් වුවද හානියක් නොමැතිව සජීවී ගුණයෙන් පවතී. පසේ තැන් තැන්වල විසිරී තිබුණු බිත්තර වැසි ජලය ඔස්සේ ගංගා, ඇළ, දොළ, පොකුණුවලට ගමන් කරන අතර ඇතැම් විට කන්කුන්, පලා කොළ වලද තැන්පත් වේ. මෙම බිත්තර සහිත ආහාර අනුභවය කිරීමෙන් මිනිසාගේ දේහයට ඇතුළු වේ.

වටපණු රෝගයේ දී බොහෝ අවස්ථාවල රෝග ලක්ෂණ බාහිරයට විද්‍යාමාන නොවේ. එය එසේ වුවද ඇතැම් විට ගුද මාර්ගයෙන් නාසයෙන් හෝ මුඛයෙන් වට පණුවා දේහයෙන් පිටතට පැමිණෙයි.

උග්‍ර වටපණු ආසාදනයක දී ආහාර අරුචිය, බඩරිදුම, වමනය හා පාචනය ඇතිවේ. එම නිසා වටපණු රෝගයට ගොදුරු වූ පුද්ගලයකු මන්දපෝෂණයට ලක් වී දුර්වල තත්ත්වයට පත්වේ.

කොකු පණු ආසාදනය සඳහා හේතුකාරක වන්නේ නෙකටර් ඇමරිකානුස් සහ ඇන්සයිලොස්ටොමා ඩියුඩනාලේ යන පරපෝෂිතයන් දෙදෙනා ය. මල ද්‍රව්‍යය සමඟ නිකුත් වන කොකු පණු බිත්තර පිපිරෙන තත්ත්වයට පත් වී අවසානයේ කීටයන් රාශියක් බිහි කරන අතර දින 7 - 10 අතර කාලයේ දී හොඳින් වර්ධනය වේ.

මෙම කීටයන් සිටින ස්ථානවල පාවහන් රහිතව ගමන් කිරීම හේතුවෙන් කීටයෝ පාදය හරහා දේහයට ප්‍රවේශ වෙති. විශේෂයෙන් ඇඟිලි කරු අතරින් දේහයට පහසුවෙන් ඇතුළු විය හැක. කොකු පණු රෝගයේ දී ඇඟිලි කරු කැසීම, මන්දපෝෂණය, නීරක්තිය, ඉදිමුම වැනි රෝග ලක්ෂණ ඇතිවේ.

කස පණුවා කසයක ස්වරූපයක් ගන්නා අතර ටි‍්‍රචුරිස් ට්‍රිචුරා නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. කෝටි 90 ක් පමණ ලෝවැසියෝ මෙම රෝගයට ගොදුරු වී සිටිති. මිනිසාගේ මල ද්‍රව්‍යය සමඟ කස පණුවාගේ බිත්තර පයට එකතු වේ.

ජනෙත වූ බිත්තර නැවතත් අපිරිසුදු ආහාර හා අපවිත්‍ර ජලය හරහා මිනිසකු ගේ දේහයට ඇතුළු වේ. කස පණුවකු දිනකට බිත්තර 2000 - 14000 අතර ප්‍රමාණයක් දමන අතර පාචනය, මල පහ සමඟ රුධිරය පිටවීම, මන්දපෝෂණය රෝග ලක්ෂණ වේ. එසේම ශරීරයේ බර ශීඝ්‍රයෙන් අඩු වේ.

යමෙකුට ජ්වර වශයෙන් පණු රෝගයක් වැළඳී ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට එම පුද්ගලයේ මල ද්‍රව්‍යය පරීක්ෂාවට ලක් කළ යුතු ය. කෙසේ වුවද පෞද්ගලික සෞඛ්‍යය කෙරෙහි හොඳ අවධානයකින් පසුවන්නේ නම් පණු රෝග ඉතා පහසුවෙන් වළක්වා ගත හැක.

ජලය උණු කර පානය කිරීම ආහාර හොඳින් පිස අනුභව කිරීම, පළා වර්ග, පලතුරු, සලාද කොළ, හොඳින් සෝදා ආහාරයට ගැනීම නිසි පරිදි වැසිකිලි භාවිතා කිරීම හැම විටම පාවහන් සහිතව ගමන් කිරීම පණු රෝගවලින් වැළැකීමේ ක්‍රමවේද වේ.

 

එස්.එම්. ජයසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.