වමනකර්ම සඳහා නැතිවම බැරි කුකුරුමාන්

ජුනි 4, 2021

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී රෝග හට ගැනීමට මූලික වනුයේ පිත් සෙම් යන තුන් ද්‍රොස්වල වෙනස් වීම බව බෝහෝ දෙනා හොඳීන් දන්නා කරුණකි.මෙසේ දෝෂ විෂමතාවය නිසා හටගනු ලබන රෝග වලදී කරනු ලබන චිකිත්සා ක්‍රමය වනුයේ විෂතාවයට පත්වු දෝෂය නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමයි. මෙම චිකිත්සා ක්‍රමවේදයේ දී මූලිකවම කරනු ලබන්නේ ශෝධන කර්මයයි.

මෙහිදී පංචකර්ම විධි ලෙස ගැනෙන වමන, විරේචන, නස්‍ය, වස්ති සහ රක්ත මෝක්ෂණ ආදිය මූලිකවම ශෝධන විධි ලෙස ගනු ලබයි. මෙම ශෝධන විධි යෙදීමේ දී මුලින්ම ස්නේහ හා ස්වේද යන පූර්ව කර්මද කළයුතු වෙයි. මෙහිදී වාත දෝෂ කෝපතාවයේ දී විරේචන කර්ම ද , සෙම් දෝෂ කෝපතාවයේ දී වමන සහ නස්‍ය කර්ම ද කරනු ලබයි. මෙහිදී සෙම් දෝෂයේ දී කරනු ලබන වමන කර්මයේදී බලාපොරොත්තු වනුයේ ආමාශය දක්වා මුඛයේ සිට ආමාශය දක්වා ද්‍රෙස් ශෝධනය කිරීමට මුඛය මඟින් ඖෂධ යෝග යොද්‍ර වමන කර්මය කිරීමයි.

මෙම වමන කර්ම සඳහා යොද්‍ර ගනු ලබන ඖෂධ අයත් කාණ්ඩය වමනාදී ගණය ලෙස දක්වන අතර එම වමනාදී ගණයේ අඩංගු ඖෂධ ද්‍රව්‍ය අතරින් ප්‍රධානතම ද්‍රව්‍යය වනුයේ මදන හෙවත් කුකුරුමාන් ය. මෙසේ වමනයට අතිශයින්ම අවශ්‍ය කරන ද්‍රව්‍යයක් වන කුකුරුමන් පිළිබඳව මෙසේ හඳුන්වා දිය හැක.

කුකුරුමාන් ශාකය වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

හිමාලය සමීප පර්වත , ජම්මු සිට සීකිම් දක්වා , සින්ධි කුච් බිහාර් , මහා රාෂ්ට්‍ර සහ දක්ෂිණ භාරතයේ වැවෙන පැළෑටියකි.

දේශීය වශයෙන්

ශී‍්‍ර ලංකාවේ වනගත පෙදෙස් වල වැවෙන පැළෑටියකි.

පැළෑටියේ ස්වරුපය

මෙය අඩි 10-15 ක් උසට ගාල් ගැසී වැඩෙන පැළෑටියක් වන අතර කටු ද සහිත ය. එසේම රවුම් හැඩැති කොළ ද පිහිටා ඇති අතර ගෙඩි කුඩා පේර ගෙඩියක් තරම් ප්‍රමාණයක් ගනී.

මේ ආකාරයේ ස්වරූපයකින් යුතු පැළෑටියක් ලෙස කුකුරුමාන් පැළෑටිය දැක්විය හැකි වන අතර බොහෝ සෙයින් ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයක් ගෙන දෙන ඔසු පැළෑටියකි.

කුකුරුමාන් පිළිබඳව සළකා බැලීමේදී

පොදු සිංහල නාමය කුකුරුමාන් වෙයි. මෙහිදී නොදැන කන අයට වමනය නොවරදින නිසා

පිළිකුල් කිරීමට කුක්කුර යන්න එකතු කරන්නට ඇතැයි සිතිය හැක. මෙයින් කුක්කුරමදන යන්නෙන් කුකුරුමාන් සෑදුණා විය හැක.

සංස්කෘත භාෂාවෙන් කුකුරුමාන් සඳහා මදන, ජර්දන, ඵල පිණ්ඩි, පිණ්ඩ, පිණ්ඩිතක, මරුවක, ශල්‍යක, ගෝලඵල, විෂ පුෂ්පක, ඵල ශ්වසන නාටරාඨ, රාඨ ආදී නාමයන් රැසක් වෙයි. මෙයින් මත් බව උපදවන නිසා මදන යයි ද, වමන කාරක නිසා ජර්දන යයි ද කියයි. එසේම ගෝලාකාර නිසා පිණ්ඩ යයි ද, ගෝලාකාර ඵල නිසා පිණ්ඩිතක යයි ද, කටු සහිත නිසා ශල්‍යක යයි ද, වටකුරු ගෙඩි නිසා ගෝල ඵල යයි ද, මල් වලත් මදකාරී බව ඇති නිසා විෂ පුෂ්පක යයි ද, උසස් එසේම ප්‍රධාන වමන ද්‍රව්‍යයක් නිසා ඵල යයි ද, සෙම් රෝග නැසීමට හේතු වන නිසා ශ්වසන යයි ද, කෑමෙන් වමනය සඳහා බඩ දගලවන නිසා නටරාඨ යයි ද, ලාට රටේ බහුල නිසා රාඨ යයි ද හඳුන්වනු ලබයි.

හින්දි භාෂාවෙන් කුකුරුමාන් සඳහා මෛනඵල, මත්‍රන්ඵල සහ මදන යන නම් යෙදෙන අතර

වංග බසින් මයනා හා මෙන්ඵල යන නාමයන් යෙදෙයි. දෙමළ භාෂාවෙන් කුකුරුමාන් සඳහා මරුක්කලන්කායි සහ පුන්ගරායි යන නාමයන් යෙදෙයි.

දෙමළ භාෂාවෙන් ඛ්ධථථධද ඡ්ථචබඪජදභබ යන නම යෙදෙන අතර කුකුරුමාන් වල උද්භිත විද්‍යාත්මක නාමය වනුයේ අචදඤඪච ච්භථඥබධපථ ඹ්චථ වෙයි. කුලය වනුයේ අභඡඪචජඥචඥ හෙවත් මඤ්ජිෂ්ඨා කුලයයි.

මේ ආදී වශයෙන් විවිධ නාමයන් රාශියකින් හඳුන්වනු ලබන කුකුරුමාන් වල ප්‍රභේද දෙකක් දක්වා ඇත. එනම්,

1. ශ්වේත - සුදු පාට මල් ඇති වර්ගයයි.

2. කෘෂ්ණා - කළු පැහැයට හුරු නිල් පාට මල් සහිත වර්ගය මෙසේ ප්‍රභේද දෙකක් දැක්වුව ද මෙම ප්‍රභේද දෙකේම ගුණයෙහි වෙසනක් නොමැත.

කුකුරුමාන් වල ඖෂධ සඳහා ගනු ලබන අංග වනුයේ පඤ්චාංගය වන අතර විශේෂාංගයෙන් ගෙඩි, ඇට, මල් හා පොතුය.

මෙහි ඇට මහ එනසාල් වලට සමානකම් දක්වන අතර උතුරු ඉන්දියාවේ වෙළඳපොලවල “මදන ඵල පිප්පිලි” (කුකුරුමාන් තිප්පිලි) නමින් හඳුන්වනුයේ මේ ඇටයි. මෙම ඇටවල සුවඳවත් තෙලක් ද ඇත.

කුකුරුමාන් වල අඩංගු රසායනික සංඝටක පදාර්ථය ද ඍචතඥපඪචදඪජචඥඪඤ ද ඉටි, දුම්මල සහ වර්ණකර පදාර්ථ ද වාෂ්පශීලි මේද අම්ලයක්ද අන්තර්ගත වේ.

ඖෂධීය මාත්‍රාව කුකුරුමුවන් බීජ රක්තිකා 1 - 2 දක්වාය. තරලසාරය බිංදු 15 - 60 දක්වා වේ. මේ ආදී වශයෙන් රසායනික උපාද්‍රනයන්ගෙන් යුතු කුකුරුමාන් නියමිත මාත්‍රානුකූලව යෙදීමෙන් බලාපොරොත්තු වන ගුණය ලැබෙන අතර මාත්‍රාව අධික වුවහොත් ශරීරයට අහිතකර ප්‍රතිඵල ලබාදෙනු ඇත. මේ නිසා මේ පිළිබඳව වෛද්‍යවරයා විශේෂයෙන් සැළකිලිමත් වීම වැදගත් වේ.

ඖෂධීය ගුණ කර්ම

රසයෙන් මධූර, කටුක, තිත්ත සහ කෂාය රසවන අතර ගුණයෙන් ලඝු හා රූක්ෂ ගුණවෙයි. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වෙයි. ප්‍රභාවයෙන් වමන කාරක වෙයි.

මේ නිසා දෝෂ අනුව සලකන විට මෙය උෂ්ණය නිසා සෙමවාත දෙක පිළිබඳව ශෝධක සහ ශාමක ගුණ ඇති අතර පිත්ත නිස්සාරක කර්මය ද මෙහි ඇත.

මෙය සෙම් පිත් දෙක පිළිබඳව සංශෝධනය උදෙසා මෙන්ම වාතය පිළිබඳ සංශෝධනය හා සංශමනය උදෙසා ද යොදනුයේ වමන ක්‍රියාව සෙම සංශෝධනය සඳහා ද නිරූහ සහ අනුවාසන වස්ති ලෙස වාත සංශෝධනයට සහ සංශමනයට ද විරේචන වශයෙන් පිත්ත සංශෝධනයට ද යෙදෙයි. මෙහි තෙල වාත රෝගවල අභයංගයට ගනු ලබයි.

ව්‍යුහගත ක්‍රියා සැලකීමේදී

බාහිර වශයෙන් මෙම ගසේ පොත්ත ඉදිමුම් නසන, ව්‍රණ ශෝධක සහ වේදනා සමනය කරන ගුණයෙන් යුක්ත නිසා ඉදිමුම් වේදනා දෙකෙන් යුතු ආම වාත ආදී ආබාධ සහ විසාධි වලදී කුකුරුමාන් පොතු සහ මැලියම් ආලේප ලෙස යොදයි. එසේම ව්‍රණ වලදී ද මෙම ආලේපය යෝග්‍ය අතර උදර වේදනාවේදී කුකුරුමාන් ගෙඩි අඔරා නාභියෙහි ආලේප කිරීමද කරයි. එසේම මුඛ දූෂිකා වැනි පිඩකා වලදී ද මෙම ආලේපය සුදුසුය.

අභ්‍යන්තර වශයෙන් නාඩි ව්‍යුහාවේ දී කුකුරුමාන් පොතු නාඩි ශාමක ගුණ යුක්ත නිසා මෙම පොතු කෂාය වාත රෝගවලදී යොදනු ලබයි.

අහාර පරිපචන ව්‍යුහාවේදී

මෙය උත්තම වමන ද්‍රව්‍යයක් නිසා මෙයින් ප්‍රමාණවත් ලෙස වමනය සිදුවන අතර කිසිම උපද්‍රවයක් හට නොගනියි. මෙහිදී ගසේ පොතු ගෙඩියේ ලෙලි සහ ඇට ද වමන කර්මය සිදු කිරීමට සමත් වන අතර ලෙලි සහ ඇට ඉතා හොඳය.

ගෙඩිය විරේචක ද පිත්ත නිඞසාරක සහ කෘමි නාශක ද වෙයි. එසේම පොත්ත ග්‍රාහී ගුණ යුතු අතර ඡ්වර අතීසාර, ග්‍රහණි ආමවාත ආදියේ දී අභ්‍යන්තර ලෙස යෙදෙන අතර මද සහ ගෙඩියේ ක්‍රියාව ද ඉතා ක්‍රියාකාරී වෙයි. මෙහිදී වමනය සඳහා මාෂක 3-4 ප්‍රමාණයන් පැසුණු ගෙඩියක් ගෙන පිටි කොට වතුර බෝතල් පහකින් අනා පැයකට පමණ පසු හොඳීන් අඹරා රෙදි කඩකින් පෙරා මී පැණි හා සහිඳ ලුණු මිශ්‍ර කර උදේ හිස් බඩ පෙවිය යුතු අතර පැයකින් පමණ වමනය ඇරෙඕ. සමහර අයට වමනයෙන් පසු විරේක වන්නට පටන් ගනු ලබයි.

තවද විබන්ධ ගුල්ම කෘමි පිත්ත විකාර ආදියේ දී මාෂක 1-2 මාත්‍රාවෙන් බීජ චූර්ණය දීම ප්‍රමාණවත් වෙයි. ප්‍රවාහිකාවේ දී දිය යුත්තේ පොතු කසායයි. අතීසාරයේ දී මාෂක 1-2 මාත්‍රාවෙන් ගෙඩියේ ලොඳ කොටස යෙදිය හැක. මෙහිදී ලෙලිත් ඇටත් කෘමි හර සහ විරේචක ගුණ යුක්ත වේ.

රුධිර සංසරණ ව්‍යුහාවේ දී මෙය රක්ත ශෝධක ද ශෝථහර ද වන අතර රක්ත දූෂිත රෝග වලදී සහ ශෝථයේ දී උපයෝගී වෙයි.

ශ්වසන ව්‍යුහාවේ දී මෙය සෙම නසන ගුණ යුක්ත නිසා ප්‍රතිශ්‍යා, කාස හා ශ්වාස වලදී ප්‍රයෝග කරනු ලබයි.

ප්‍රජන ව්‍යුහාවේ දී ආර්තව ජනක හා ගර්භපාතක ගුණයෙන් යුක්ත නිසා කෂ්ඨ ආර්තව සහ කෂ්ඨ ප්‍රසව දෙකේ දී යෙදෙයි.

චර්ම ව්‍යුහාවේ දී ගෙඩියේ ස්වේද ජනක සහ කුෂ්ඨග්න ගුණ යුක්ත නිසා කුෂ්ඨවලදී යෙදීම කරයි. තවද මේදෝ රෝග වලදී මෙන්ම සර්ප විෂ වලදී ද යෙදිය හැකිය. මෙසේ ව්‍යුහාතව හොඳීන් ක්‍රියාකාරී ද්‍රව්‍යයක් වන කුකුරුමාන් අඩංගු ඖෂධ රෝග රාශියක් ද විවිධ රෝගාබාධ සඳහා ප්‍රයෝග කරනු දක්නට ලැබේ. මේවා අතුරින්,

උදර ශුලයට

කාඩියෙන් අඔරා ගෑම ද අධෝහත රත්පිතට කුකුරුමාන් ඇට යොදා පිසගත් කිරි හෝ කිරි කැඳ හෝ බීම ද අංඩකෝෂ ඉදිමුම්, උදර ශුල, හිසේ වේදනා ආදියට කුකුරුමාන් වැල්මී, එරබදු පොතු චූර්ණය රක්තිකා 10-30 මාත්‍රාවෙන් යෙදීම ද කරයි.

කැසි මුස (ඇඳුම) රෝගයට

ඉහත චූර්ණයම ලොඳ ගැලපෙන මාත්‍රාවකින් යෙදීම සුදුසුය.

රක්තාතීසාර හා හිසේ වේදනාවට

කුකුරුමාන් ලොඳ ගැලපෙල මාත්‍රාවකින් යෙදීම සුදුසු ය.

කක්කල් කැස්සට

කුකුරුමාන් ලොඳවල තරල සාරය බිංදු 15 - 60 මාත්‍රාවෙන් යොදනු ලබයි.

වඳභාවයට

බීජ චූර්ණය මාෂක 6 ක් සීනි දැමූ කිරි සමග බීම සහ එම චූර්ණය මාෂක 8-10 මාත්‍රාවෙන් ගුඩ සමග අඔරා ගුලි තනා යෝනිය තුළට යැවීම ද කරයි. ගර්භාෂ කෝඨයට හා කෂ්ඨ ආර්තවයට ද ඉහත ගුලිය යෝනිය ගැන්වීම සුදුසුය.

සර්ප විෂට

කුකුරුමාන් මුල් නර මුත්‍රයෙන් අඔරා අඳුන් දීම සහ වියළි ලොඳ සුදුසු සහපානයකින් පෙවීම ද හොඳයි.

මේ ආදී ඖෂධ යෝගයන්ට අමතරව මදනාදී ලේපය සඳහාද කුකුරුමාන් ගෙඩි යෙදෙන අතර සුප්‍රසිද්ධ තෙලක් වන මහා කෝලශ්ලේෂ්මා තෛලයේ එක් උපාදානයක් ද වෙයි. මේ ආදී වශයෙන් බලන කල කුකුරුමාන් යනු ආයුර්වේදයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ ද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ඉතා අගනා වටිනා ඔසුවක් බවයි.

 

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.