ඔසු නිෂ්පාදනයේ දී දැනගත යුතු දෑ

පෙබරවාරි 12, 2021

මිනිසාගේ සුවසෙත උදෙසා තුරුලතාවන්ගෙන් ඉටුවන මෙහෙය සුළුපටු නොවේ. ඈත අතීතයේ සිටම ඖෂධ වශයෙන් ප්‍රයෝජනයට ගන්නා පැළෑටි හෝ ඒවායේ විවිධ කොටස් එක් රැස් කර ගන්නා ලද්දේ වනාන්තරයෙන් බව නොරහසකි.

 

එහෙත් ජනගහන වර්ධනය, වනාන්තර එළි පෙහෙළි කිරීම, ශාකමය ඖෂධ සඳහා ජනතාව උනන්දුවක් දැක්වීම සහ සමස්තයක් වශයෙන් සමාජයේ සෞඛ්‍ය ගැටලු බහුලවීම, වැනි කරුණු හමුවේ ඖෂධීය අමුද්‍රව්‍ය සපයා ගැනීම පිණිස වනාන්තරය මතම යැපීම අද වන විට අනුමත කළ නොහැකි තත්ත්වයට පත් වී තිබේ.

දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට ඖෂධීය ශාක ආර්ථික භෝග වශයෙන් වගා කිරීම දිරිමත් කිරීම සඳහා කාලය පැමිණ ඇත.

ඔසු හඳුනා ගැනීම

ඖෂධීය තුරුලතා නිවැරැදිව හඳුනා ගැනීමට උපකාරීකුවීම, ස්වාභාවික පරිසරයේ වැඩෙන

ඖෂධ සංරක්ෂණයට දායක වෙමින් වනාන්තර විනාශය අවම කර ගැනීම, අමුද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම සලකා බලමින් අවශ්‍ය පරිදි සැලසුම් කර ගැනීමට හැකි වීම, නිවැරදි ඖෂධ ද්‍රව්‍ය අදාළ ප්‍රමිතීන්ට අනුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම, ගෙවතු හා කෙත්බිම්වලින් අමතර ආදායමක් ලබා ගැනීමට හැකිවීම, විදේශ විනිමය සුරක්ෂිත කිරීමට පිටිවහලක් වීම, පර්යේෂණ කටයුතු කරගෙන යාමට පහසුවීම, ඖෂධ පැළෑටි ආර්ථික බෝග ලෙස වගා කිරීමෙන් ලැබෙන වාසි වේ.

ඖෂධ අමුද්‍රව්‍ය සඳහා වෙළඳපළෙහි හොඳ ඉල්ලුමක් තිබීම, ලිංගික හෝ වර්ධක ප්‍රචාරණ ක්‍රම මගින් පහසුවෙන් බෝ කර ගත හැකිවීම, කෙටි කාලයක් ඇතුළත අස්වනු නෙළාගත හැකිවීම, නඩත්තු කටයුතු පහසුවීම, තෝරාගත් දේශගුණික හා පාංශු තත්ත්ව යටතේ ප්‍රශස්ත අස්වනු ලබාදීම අස්වනු නෙලීම, වියළීම හා සැකසීම වැනි පසු අස්වනු තාක්ෂණයේ දී ගැටලු අවමවීම යන කරුණු ආර්ථික භෝගයක් ලෙස ඖෂධ පැළෑටි වගා කිරීමේ දී සලකා බැලිය යුතු කරුණු වේ.

අමු හා වියළි ඔසු

එසේම අමු හා වියළි අවස්ථාවේ දී සැපයිය යුතු ඖෂධ පිළිබඳ අවබෝධය, සෙවණට ලැදි හෝ හිරුඑළියට ලැදි ඔසු පැළ තෝරා ගැනීම, වියළි හා තෙත් කලාපයන්ට ගැළපෙන භෝග

ක්ෂේත්‍රගත කිරීම, පාංශු තත්ත්වයන්ට හා වර්ෂාපත රටාවට එකඟව වගා කටයුතු සැලසුම් කිරීමද අත්‍යවශ්‍ය වේ. ඖෂධීය අමුද්‍රව්‍ය ඝෘජුවම ජනතාවගේ සෞඛ්‍ය හා බැඳී පවතින බැවින් වගාවේ දී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය අවම කරමින් කාබනික වගා සංකල්ප යොදා ගැනීම සිදු කළ යුතුම ය.

අමුක්කරා, නිල් අවරිය, කටුවැල් බටු, මලිත, තිප්පිලි, හීන් අරත්ත, වනැපල, නික, බිං කොහොඹ, ඉඟුරු, වැල් මදට, දාරු හරිද්‍රා, කෝමාරිකා, සැවැන්දරා, බාකුªචී, ඉරමුසු, රත්නිතුල්, දුම්මැල්ල යන ඖෂධ ආර්ථික භෝග ලෙස වගා කළ හැකි යි.

ආර්ථික ලාබ අපේක්ෂාවෙන් ඔසු පැළ වගා කිරීමේ දී තම ප්‍රදේශයට ගැළපෙන ශාක තෝරා ගැනීමත් වාර්ෂික හෝ ද්වි වාර්ෂික භෝග වර්ග තෝරා ගැනීමත් වඩා වැදගත් වේ.

එසේම තම ගොවිපළේ ඇති භූමි ප්‍රමාණය දැනට වගා කර ඇති හා වගාවට යෙදිය හැකි ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු ය.

ඉක්මනින් ආදායම් ලබා ගත හැකි ‘කටුවැල්බටු’ වගාව වියළි කලාපයට සුදුසු ය. අමුක්කරා, ඉඟුරු, කෝමාරිකා වැනි අධික ඉල්ලුමක් ඇති භෝග ද වගා කළ හැක. ඉතා නිසරු භූමියේ පවා වගා කළ හැකි හීන් අරත්ත, සැවැන්දරා යන ඖෂධ භෝග ද ආර්ථිකයට වැදගත් වේ. ඹඹ

 

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ආයුර්වේද අංශයේ පත්‍රිකාවක් ඇසුරිනි.

සකස් කළේ මාදම්පේ සමූහ,

ඒ.පී. ගුණරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.