වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ද්වජභංගයට උසස් ගුණ දෙන ගොඩකදුරු
උද්භිද විද්‍යා නාමය - ස්ට්‍රීවනස් නක්ස් වොමිකා (Streevanus nux vomica)
කූලය - කාරස්කර කූලයට අයත් ය.
සංස්තෘත බසින් - විෂ නින්දුක, කුපිලු, කාක, නින්දුක, විෂද්‍රැම, කාලපිලුක, ජලතින්දදුදුක, කාරස්කර, ජලදකපිලු,මර්කට කින්දුක, කාකේන්ද්‍ර කාලකූටක, කාලනින්දුක
ද්‍රවිඩ බසින් - යෙට්ටේ කොට්ටායි
ඉංගී‍්‍රසි බසින් - නක්ස් වොමිකා
පර්යාය නාම - විෂද්‍රැම, විෂ මුෂ්ටි, විෂ නින්දුක, කාකනින්දුක, කාල නින්දුක, කාලපීලුක, වර්තුල, මර්කටනින්දුක, ජල නින්දුක චපිට
රසායන සංඝටක - ගොඩකදුරු බීජවල 2.6% - 3 % දක්වා උපක්ෂාර ද,
ගොඩ කදුරු වර්ග කිහිපයකි. එනම්, දිවිකදුරු, ගස් කදුරු හා ගොඩකදුරු වශයෙනි. දිවි කදුරු හා ගස් කදුරු එකම වර්ගයකට අයත් බව මතයකි. එසේම එම ගස එතරම් විශාල නැති සාමාන්‍ය ගස් විශේෂයකි. එහි කඳ ලා කළු පැහැති දුඹුරු වර්ණයක් ගනී. පත්‍ර තද වර්ණයෙන් යුක්තයි. අතු පත්‍රවල කිරි පවතී. ගෙඩි වක් ස්වභාවයක් ගනී. අමු ගෙඩි තද කොළ පැහැ වන අතර ඉදුණු විට ලා කහ පැහැයක් ගනී. ගෙඩිය ඇතුලේ කුඩා ඇට රාශියක් ඇත. ගන්ධයකින් යුක්තයි. ඖෂධ සඳහා එතරම් භාවිත නොකළත් හදි හූනියම්වලදී භාවිතයට ගනු ලැබේ. සර්ප විෂ සඳහා විශේෂයෙන් උපයෝගි කර ගැනේ. මෙම ශාකයේ කොළ අඟල් - 3 - 4 ක් පමණ දිගින් සහ අඟල් 2 - 3 ක් පමණ පළලින් යුක්තයි.
අඩි 20 - 25 පමණ උසට වැඩෙන ශාඛයකි. මෙම ශාඛය උප විෂය වලට අයත් ය. ලංකාවේ උෂ්ණ ප්‍රදේශවල බහුලව වැවේ. මෙම ඇට වෙදකමට ගනු ලබන්නේ ශෝධනය කර ගැනීමෙන් පසුව ය. ඒ එම ඇට විෂ සහිත බැවිනි. ගොඩකදුරු ඇට කාඩි දියේ දින තුනක් පමණ දමා තිබී එහි පිට පොත්ත ඉවත්කර මදය පියළිකර මැද ඇති අංකුරයද ඉවත් කොට පියළි කුඩාවට කපා හොඳින් අව්වේ දමා වේලා ගිතෙල් වලින් බැදගත් විට ඇට ශෝධනය කර ගත හැකි ය.
ගොඩකදුරු ශාඛය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ දක්ෂිණ ප්‍රදේශවල ඉතා හොඳින් වැවෙන ශාඛයක් වුවද මෙම දෙරටෙහි වැඩවන ගොඩකදුරු ගස්වල සුළු සුළු වෙනස්කම් දැකිය හැකි බව දේශීය වෛද්‍ය මතයයි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ගොඩකදුරු ගස්වල කොළ ඉන්දියාවේ ඇති ගොඩකදුරු කොළ වලට වඩා කුඩා බව පොතපතෙහි සඳහන් ය. මධ්‍යකාරක විෂ සහිත වූ ද්‍රව්‍යයක් වන ගොඩකදුරු මෑත කාලයේ චිකිත්සාවට එක් වූ බව පිළිගනී.
ගොඩකදුරුවල ඖෂධ සඳහා ගනු ලබන අංග වනුයේ බීජ, පොතු, මුල් සහ කොළ වෙයි. මේවායින් බීජ ප්‍රධාන වේ. මෙම බීජ ගැනීමේ දී ගොඩකදුරු ගෙඩි ඉදුණු පසු බීජ රැස් කොට වියළා ගනු ලැබේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
දේශමාන්‍ය දේශබන්දු, ආයුර්වේද වෛද්‍ය
ආචාර්ය ප්‍රභාත් ගමගේ