වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී මෙම ශාකයේ උපයෝගීතාවය පිළිබඳව විස්තර දක්නට නොමැති වුව ද වර්තමානයේ දේශීය වෛද්‍ය ග්රන්ථ කිහිපයකම කැබැල්ල ශාකය පිළිබඳව දක්වා...
2022-04-21 18:30:00
එදා හෙළදිව තුළ මහත් වූ වික්‍රමයන් පෑමට අප මුතුන් මිත්තන්ට හැකි විය. ඔවුන් කරවූ වැව් අමුණු, දාගැබ්, මාලිගා, පිළිමගෙවල්, පන්සල්, කෝවිල් දකින කල අප...
2022-04-21 18:30:00
දවස පටන් ගැනීමේ දී මෙන්ම දවල්ටත් රෑටත් අමතර වේලාවන්හිදීත් කාන්සිය මහන්සිය සංසිඳුවා ගැනීම සඳහා පානය කරන තේ, කෝපි ඖෂධීය වශයෙන් ද ඉතා ගුණාත්මක පානයකි....
2022-04-21 18:30:00
ගොටුකොළ යනු අපි කවුරුත් දන්නා හඳුණන මහඟු ගුණ ඇති පළාවකි. මැල්ලුමක් සලාදයක් හා කැඳ ලෙසද භාවිත කරයි. ශාක අතර විටමින් ඒ බහුලව අඩංගුය. කැල්සියම්, ප්...
2022-04-14 18:30:00
පරිසරය හා එකට බැඳී ජීවත්වීමේ රටාව ආයුර්වේදය තුළින් මතු වූවා පමණක් නොව පරිසරය රැක ගැනීමේ වැදගත්කම ද ආයුර්වේදය තුළින් ම මතුවිය.ආයුර්වේද වෛද්‍ය ක්රමයේ...
2022-04-14 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි ගතවන අවස්ථාවෙන් ආරම්භ වන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීම අනාදිමත් කාලයක...
2022-04-07 18:30:00
පිළිකාවට අලුත් බෙහෙත් වර්ග සොයා ගැනීම බටහිර රටවල විශේෂඥයින් වෙහෙසෙන නව යුගයේ එරබදු ඇටවලින් බෙහෙතක් සොයාගෙන ඇති බව නව වාර්තාවක දැක්වේ. මෙය...
2022-04-07 18:30:00
අප අවට පරිසරයේ දක්නට ලැබෙන ගස්,වැල් අතුරින් බොහොමයක් ඖෂධ සඳහා ගනු ලබන ශාක වර්ගයි. එයිනුත් බොහෝ ප්‍රමාණයක් ආහාර සඳහාත් ගනු ලබනවා.ඒ ආකාරයට ඖෂධ සඳහාත්...
2022-03-31 18:30:00
රෝග රැසකට ගුණදෙන ඖෂධීය ගුණයෙන් සපිරි මී පැණි බාල, තරුණ, වැඩිහිටි කාහටත් එකසේ ගුණදෙන දිව්යඖෂධයකි. යකඩ,තඹ, සිලිකා, මැන්ගනීස්, පොටෑසියම්, සෝඩියම්...
2022-03-31 18:30:00
ඉතා කුඩා පඳුරක් ලෙස වැඩෙන කටුකරඬු ශාකය අඩි 2-3 ක් දක්වා උසට වැඩෙනවා.මේ පඳුරුවල අතුවලත් කටු දක්නට ලැබෙනවා.ඒ වාගේම කඳ සහ අතු සිලින්ඩරාකාරයි...
2022-03-24 18:30:00
කොවිඩ් දහනමය වසංගත තත්ත්වය මෙරටට ඒමට පෙර දිවයින පුරා සෑම නගරයකමත් ගමකත් මෙන්ම සංචාරක හෝටල්වල මෙන්ම ප්‍රසිද්ධ ස්ථානවලත් කොළකැඳ අලෙවිය බෙහෙවින් පැවතින...
2022-03-24 18:30:00
ආහාර රසවත් කිරීමට යොදාගන්නා විශේෂ තෙල්, බෙහෙත්, කල්ක, පත්තුවලට හා අනුපානවලට ගන්නා දෙහි ශාන්ති කර්ම, ගුරුකම්, යන්ත්රමන්ත්රවලට මෙන්ම විෂබීජ නාශකයක්...
2022-03-17 18:30:00
කුරක්කන් යනු අතීත ලක් වැසියන්ගේ ප්‍රධානතම සාම්ප්‍රදායික ආහාරයකි. එහෙත් අද අපේ ආහාර රටාවේ කුරක්කන් යනු බොහෝ දුරට කලාතුරකින් භාවිතා වන ආගන්තුක...
2022-03-17 18:30:00
මී පැණිවල ගිල්වූ සුදුලූනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා. ...
2022-03-10 18:30:00
මිනිසාගේ පැවැත්ම සඳහා ගනු ලබන ආහාරය ධාන්‍ය (ඇට වර්ග), ශාක(එළවළු හා පළා), කන්ද (අල වර්ග), මාංස (මස්,මාළු ආදිය), ක්ෂීර (කිරි වර්ග) සහ ඵල (පලතුරු) ආදී...
2022-03-10 18:30:00
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඖෂධීය වශයෙන් මෙන්ම තවත් බොහෝ ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් ලෙස තිඹිරි ශාකය හැඳින්විය හැකිය. “තිඹිරි” යන නාමය...
2022-03-03 18:30:00