වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
‘දිය හබරල’ යනු ඖෂධීය මෙන්ම ආහාරමය වශයෙන් බොහෝ සෙයින් වැදගත් වන ජලජ පැළෑටියකි. ජලාශි‍්‍රත වගුරු බිම්වල ආක්රමණකාරි ලෙස වැවෙන කුඩා ජලජ ශාකයක් වන අතර...
2019-04-04 18:30:00
කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා පිරිසට මහා ඖෂධයක් වන බෙහෙත් වද මල්වල ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට මෙන්ම සම පැහැපත් කිරීමටද බෙහෙත් වද මලට හැකියාව...
2019-03-14 18:30:00
සැවැන්දරා, සුවඳහොට, සැවැන්න, සුවදෙට හා සැවැන්දන යන නම්වලින් හඳුන්වනු ලබන සැවැන්දරා පුද පූජාවලට ගනු ලබන ප්රමුඛ පූජා ද්‍රව්‍යයක් වන අතර සමේ පැහැපත්...
2019-03-14 18:30:00
බඩේ පිපුමක්, අජීර්ණයක් හැදුණාම අදටත් අපේ රටේ ගම්වල අම්මලා, ගෘහණියන් තැම්බුම් හොද්දක් හදන්න අමතක කරන්නේ නෑ. සූදුරු, කොත්තමල්ලි, සුදුලූනු, මුරුංගා...
2019-03-07 18:30:00
අර්ශස්,මධුමේහය ආදී රෝග සමූහයකට ගුණදෙන අගනා ඔසුවගස්කරල්හැබ වැවෙන ප්රදේශවිදේශීය වශයෙන්ඉන්දියාව, නිවර්තනමය අපි‍්‍රකාව ,අමෙරිකාව, ඕස්ට්‍රේලියාව ආදී කොට...
2019-02-28 18:30:00
පිරිහී ගිය කාය ශක්තිය මෙන්ම ලිංගික දුබලතා නසාලන අශ්වගන්ධා නොහොත්අශ්වගන්ධා නීල ශේල්ෂ්ම ශොථ ශච්ත්ර කෂාය පහා බලපා රසායනී තික්තා කෂායොෂණාති ශුක්...
2019-02-21 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්රමයේ ද යෙදෙන ඖෂධ යෝග සඳහා යොදන ඖෂධ ද්‍රව්‍යවලින් ඉතා අධික ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ ඉන්දියාව සහ ඒ අවට...
2019-02-21 18:30:00
සිසිල් ගුණයෙන් යුත් අළුපුහුල් ශරීර පැහැය වර්ධනය කරන මුත්‍රා දැවිල්ල සමනය කරන මහඟු ඖෂධයකි. සිංහල භාෂාවෙන් පුහුල් - අළුපුහුල් යන වචනයෙන් භාවිතාවන...
2019-02-14 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්රමයේ චිකිත්සාව සඳහා යොදාගනු ලබන ඖෂධ යෝග අතුරින් බහුල ලෙස යොදා ගනු ලබන්නේ ශාක ද්‍රව්‍යයෝ වෙති. යම් ප්...
2019-02-14 18:30:00
ආයුර්වේද හා දේශීය වෛද්‍යක්‍රම ආශ්රයෙන් අපේ ජනසමාජයට උරුම වූ මහඟු දායාදයකි අත් බෙහෙත් වෙදකම. මෙම අත් වෙදකම පුරාණයේ සිට මුළු ආසියාතිකයේ හා චීනයේ ද...
2019-02-07 18:30:00
රෝග රැසකට ගුණදෙන අගනා ඔසුවමෙම අක්කරපට්ටා ඖෂධ ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ වැවෙන බවක් නොදන්නා අතර බොහෝ සෙයින් විදේශීය රටවලින් මෙරටට ආනයනය කරති....
2019-02-07 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේදී යෙදෙන විවිධ ඖෂධ යෝග සඳහා යොදා ගනු ලබන ඖෂධ ද්‍රව්‍ය සමහර විට නිවරැදි නොවන අවස්ථාද වේ. එවන් වූ එක් ද්...
2019-01-31 18:30:00
අර්ශස් රෝගය වැඩිහිටියන් අතර බහුලව පවතින රෝගයක් වුවත් වර්තමානයේදී එය දරුවන් අතරද බෙහෙවින් පවතින බව කිව යුතුමය. වයස්ගත වීමේදී ශරීරයේ ඇතිවන යම් යම්...
2019-01-31 18:30:00
පොළොව බදාගෙන එකී, අතු ඔසවාගෙන සෙ.මී. 50-60 ටත් අතර උසට වැඩෙන ශාකයකි, කටුවැල්බටු. වියළි ප්‍රදේශවල වගා කරනු ලැබේ. ඒත් තෙත් කලාපයේද දක්නට ලැබේ. ඈත...
2019-01-24 18:30:00
පලතුරු අතර පැපොල් ,කෙසෙල්, අඹ, අන්නාසි, දොඩම් ආදිය ප්‍රධාන වන අතර ඒ අතුරින් පැපොල් යනු ඉතාමත් ගුණදායක පලතුරක් වේ. පැපොල්, ජනපි‍්‍රය , රසවත් මෙන්ම...
2019-01-17 18:30:00
නව වසරක පැතීමට ඇති හොඳම වදන් පෙළ නම් ‘ආයුබෝවේවා’යි. ආයුර්වේදයට අනුව ආයුෂ වැඩි කරන ඔසු රැසකි. ඔසුවල ආයු කාලය සුරැකීම අපේ ආයු කාලය වැඩි කර ගැනීමට...
2019-01-10 18:30:00