වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ස්නායු දුබලතා නසා ශරීර ශක්තිය හා බලය ලබාදෙන ඖෂධ යෝගවලදී නැතුවම බැරි ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් වඳුරු මෑ හැඳින්විය හැකිය.මෙය යම් කිසි ආධාරයක පැතිරී වැඩෙන...
2019-01-10 18:30:00
"අපේ ප්‍රධාන ආහාරය බත බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් අගනා ඖෂධයක් වන බතට අවශ්‍ය සහල් කෙසේ තෝරා ගන්නේ දැයි නොදන්නා අය බොහෝ ය"වෙළඳපොලේ අලෙවියට තබා ඇති...
2019-01-03 18:30:00
"අපිරිසුදු ජලය පරිහරණයෙන් නොයෙක් රෝගයන් බෝවේ. ඒ අතර කොළරාව, අතීසාරය, කහඋණ, (සෙංගමාලය) වකුගඩු රෝග සමඟ සමේ රෝග ඇති වේ. මෙයට මූලික හේතුව වී ඇත්තේ ජලය...
2019-01-03 18:30:00
කොස්ගසේ සියලුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්ත බවට ආයුර්වේදයේ පෙන්වා දී ඇත. පැසුණු කොස් ,වැල, වරකා මෙන්ම කොළ ,දලු, පනාමල්, පොළොස් මුල්. පොතු , කිරි...
2018-12-27 18:30:00
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන විවිධ වු තුරුලතා අතුරින් වැඩි ප්‍රමාණයක් නොයෙක් රෝගාබාධ සඳහා යොදනු ලබන ඖෂධ යෝග සඳහා ගනු ලබයි.මිනිසාට වැළඳෙන...
2018-12-13 18:30:00
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම...
2018-12-13 18:30:00