වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
දෙවියන්ගේ පලතුරක් ලෙස හින්දු ජනයා විසින් ඉතා ගෞරවයෙන් සලකනු ලබන ‘මා දං’ ඉතා රසවත් පලතුරකි. සංස්කෘත භාෂාවෙන් ’ජම්බු’ වශයෙන් හඳුන්වන අතර මෙයින් මධුර...
2021-01-07 18:30:00
වර්තමානයේ බොහෝ සෙයින් කතා කරනු ලබන ද්‍රව්‍යයක් ලෙස ‘සාදික්කා’ හැඳීන්විය හැකිය. කුළු බඩු විශේෂයක් ලෙස ආහාර රසවත් කිරීමටත්, අරිෂ්ඨ, ආසව, ගුලි, තෛල,...
2021-01-07 18:30:00
රෝග රැසකට ගුණ ගෙන දෙන මුරුංගා කොළ මැල්ලුම දරුවන්ගේ අස්ථි වර්ධනයට මාංශ පේශි වර්ධනයට මෙන්ම සිරුරට අවශ්‍ය ප්‍රෝටීන්ද ලබාදෙන මහඟු ඖෂධයකි. ප්‍රෝටීන්,...
2021-01-07 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේ බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙන ශාක අතර ‘ගස් නිදිකුම්බා’පැළෑටිය ඉතාමත් විශේෂිත වේ.ගස් නිදිකුම්බා...
2020-12-31 18:30:00
විශේෂයන් ගලගණ්ඩ, ගණ්ඩමාල ආදී රෝගයන් සඳහා විශිෂ්ට ගුණ ලබාදෙන වටිනා ඖෂධීය ශාකයක් වන කොබෝලීල ශාකයෙන් ලැබෙන ප්‍රයෝජන අති මහත් වෙයි. මෙනිසා පාරිසරික...
2020-12-24 18:30:00
බුදුන් විසින් අනුදැන වදාළ සප්තවිධ පාන අතුරින් මුල් තැන අඹවලට හිමිවේ. දෙව් ලොව අමෘත රසයත් මනු ලොව අඹ රසයත් එක හා සමාන බව භාරතීයයන්ගේ විශ්වාසයයි. ඉන්...
2020-12-24 18:30:00
කොරෝනා විෂබීජය දැනට ශ්‍රී ලංකාව ආදි ලොව පුරා රටවල් රාශියක මුළුමනින්ම ව්‍යාප්ත වී ඇති බව පෙනේ. නමුත් මෙම රෝග තත්ත්වය පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්...
2020-12-17 18:30:00
ආහාර ගැන කතා කරන විට බත් ප්‍රධාන තැන ගනී. පෙරදිග බොහෝ රටවල ප්‍රධාන ආහාරය බත් බව අපි කවුරුත් දනිමු. බත් වර්ග රාශියකි. වී වර්ගද එසේ මය. පුරාණ කාලයේ...
2020-12-17 18:30:00
දෙළුම්වල වෛරස් බැක්ටීරියා නසාලීමේ ගුණයක්ද පවති. විටමින් සී සහ විටමින් බී සහිත පලතුරකි. පැසවුන තුවාල උල්වාරම් ආදි රෝග සුවය සඳහා දෙනු ලබන නේද්රබිංදු...
2020-12-17 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී ළමාරෝග චිකිත්සාව සඳහා ලැබෙනුයේ විශේෂ ස්ථානයකි. එයට හේතුව ළමාරෝග චිකිත්සාව අනෙක් චිකිත්සාවන්ට වඩා...
2020-12-17 18:30:00
පෙරදිග රටවල් බොහෝමයකම ආහාර හා ඖෂධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා කොත්තමල්ලිඅපට නම් අලුත් දෙයක් නොවේ. එහෙත් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවටත් බටහිර ඖෂධ සොයන...
2020-12-10 18:30:00
උදෑසන හිස්බඩ කොළ කැඳ කෝප්පයක් පානය කිරීමෙන් සියලුම ගුණ අන්තර්ගත බලය ශක්තිය, ලැබෙන අතර කායික මානසික සුවය ද ලැබේ. පිෂ්ටය අඩංගු නිසා ශරීරයට අවශ්‍ය...
2020-12-10 18:30:00
නීරමුල්ලිය හදවත් ආබාධ, ඇස් රෝග මෙන්ම දියවැඩියා රෝගය සුවයට මහෝපකාරී වෙයි. තවද ඉකිරිය පැළෑටිය නිතර ඇසුරු කිරීම සිකුරු බලවත් අයගේ ශුභ පල වැඩි කිරීමට ද...
2020-12-10 18:30:00
අප ජීවත් වන පරිසරය තුළ ඇති ඖෂධ පැළෑටි වලින් වැඩි ප්‍රමාණයක් හඳුනන අය සිටිනුයේ ඉතා අල්ප ප්රමාණයකි. එයට හේතු වී ඇත්තේ ඒ පිළිබඳ දක්වන ඇල්ම සහ අවධානය...
2020-12-10 18:30:00
මල්ගෝවා හැඳීන්වෙන්නේ ලොව තිබෙන ආහාරවලින් ඉතාම ගුණදායක ආහාරයක් වශයෙනි. මල්ගෝවාවල විද්‍යත්මක නාමය වන්නේ “බ්රැසිකා ඔලෙරසියා (Brassica Oleracea) ය. එය...
2020-12-03 18:30:00
වර්තමානයේ අප රටේ මෙන්ම ලොව පුරා පැතිරී යන භයානක ‘කොරෝනා’ රෝගය මැඬලීමට දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්රමයේ ද ප්‍රතිකාර රාශියක් යොදා ගනු ලබයි.මේ අතුරින්...
2020-12-03 18:30:00