වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මානසික ආබාධ රැසක් සුවකිරීම සඳහා බහුලව භාවිතාවන ඥානාත්මක චර්යාගත චිකිත්සාව
ඥානාත්මක චර්යාගත චිකිත්සාව යනුවෙන් හඳුන්වන්නේ (CBT) දැනට බහුලව භාවිතාවන එක් මනෝ රෝග (psychotherapeutic) චිකිත්සක ක්‍රමයකි.
මෙමඟින් එක් අතකින් මානසික ආබාධවලින් පෙළෙන අයගේ සිතුම් පැතුම් කෙරෙහි මෙන්ම එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන අසාමාන්‍ය චර්යාවන් කෙරෙහි බලපාන බාධාකාරී සහ විනාශකාරී සෘණාත්මක චිත්තවේගයන් හඳුනාගෙන ඉන් ගැළවීමට අවශ්‍ය ප්‍රතිකාර උපදේශන විධික්‍රම යටතේ හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කරනු ලබයි. එසේම මෙම චිකිත්සක ක්‍රමය යටතේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මානසික ආබාධවලින් පෙළෙන අයගේ චිත්තවේගයන්හි (emotions) ඇතිවන විවිධ
දුෂ්කරතාවයන් අපහසුතාවයන් හෝ ගැටලු කෙරෙහි ය. විශේෂයෙන් ආතතිය විශාධය මෙන්ම කාංසාවට අදාළ විවිධ මානසික ආබාධ ඇතිවන්නේ මෙවැනි සෘණාත්මක චිත්තවේගයන් නිසා ය. මෙම චිත්තවේගයන් මානසික ආබාධවලින් පෙළෙන අයගේ මනෝභාවයන් (mood) වෙනස්කිරීම කෙරෙහි අහිතකර ලෙස බලපායි. මේ අනුව මානසික ආබාධවලට තුඩුදෙන ගැටලු සහගත සහ සිතට වදදෙන කරදරකාරී සිතුවිලිවලින් ඉවත්වීමට මෙම චිකිත්සක ක්‍රමය බෙහෙවින් උපකාරී වේ.
මෙම චිකිත්සක ක්‍රමය යටතේ උප චිකිත්සක ක්‍රම 4 ක් භාවිතාවන අතර එමගින් ප්‍රධාන වශයෙන් රෝගීන්ගේ සිතුම් ඇතුම් රටාව මෙන්ම සංකල්පනාවන් කෙරෙහි අවධානය යොමු කෙරේ.
1. සාමාන්‍ය ඥානාත්මක චිකිත්සාව
මෙමඟින් රෝගීන් තුළ ඇති අයහපත් සහ වැරදි සහිත චින්තන රටාවන් මෙන්ම චිත්ත වේගයන් හඳුනාගෙන ඒවා යහපත් අතට යොමුකළ හැකි ප්‍රතිකාරක ක්‍රම ක්‍රියාත්මක කෙරේ.
2. බහුමාන චිකිත්සාව
මෙම චිකිත්සක ක්‍රමය යොමුකර ඇත්තේ එකිනෙකට අන්තර් සම්බන්ධතාවයකින් යුත් ප්‍රාකාරතාවයන් (modalities) කෙරෙහි ය. මින් අදහස් කරන්නේ මානසික ආබාධවලින් පෙළෙන්නන් දක්වන හැසිරීම් රටාව, දක්වන විවිධ බලපෑම්, සංවේදනීය විලාසයන්, උද්වේගය, රූප සහ සංඥා යනාදියයි. මීට අමතරව නරක ඇබ්බැහිවීම්, මත් ද්‍රව්‍ය භාවිතය සහ අනෙකුත් අසාමාන්‍ය ජීව විද්‍යාත්මක කරුණු කෙරෙහි ද අවධානය යොමු කෙරේ.
3. තාර්කික චර්යාත්මක චිකිත්සාව (DBT)
මෙමගින් අවධානය යොමු කරනු ලබන්නේ මානසික ආබාධවලින් පෙළෙන අයගේ අයහපත් චිත්තවේගයන් පාලනය කිරීම මෙන්ම නිවරදි සිහිකල්පනාවන් ලබාදිය හැකි ක්‍රමෝපායන් කෙරෙහි ය.එසේත් නැත්නම් සම්මා සතිය ඇතිකළ හැකි ක්‍රම කෙරෙහි ය.
4. බුද්ධිමය සහ චිත්තවේගාත්මක චර්යාගත චිකිත්සාව (REBT)
මෙම ක්‍රමය උපකාරීවන්නේ අයහපත් මිථ්‍යා ඇදහිලි සහ විශ්වාස මෙන්ම ඊට සම්බන්ධ සිතුම් පැතුම් මෙන්ම සෘණාත්මක ක්‍රියාකාරකම්වලින් රෝගීන් ගලවා ගැනීමට අවශ්‍යවන විධික්‍රම හඳුනාගැනීම සඳහා ය. මෙම ඇදහිලි නිසා බොහෝවිට සිදුවන මුලාවීම් නිසා කල්පනාශක්තිය ව්‍යාකූල වීමෙන් රෝගී තත්ත්වයට පත්විය හැකි ය.
මෙම චිකිත්සක ක්‍රමය යටතේ උපදේශනයේ යෙදෙන්නන් හට ඉහළ වගකීමක් පැවරෙන අතර ඔහුට ව්‍යාක්ත කථිකත්වයක් තිබිය යුතු වේ. ඊට හේතුව ප්‍රතිකාර ක්‍රමවලදී කතාබහට සහ සාකච්ඡාවට මූලිකත්වයක් ලැබෙන බැවිනි. හොඳින් භාෂාව හැසිරවීමටත් ප්‍රසන්න ලෙස අදහස් හුවමාරු කර ගැනීමටත් එමෙන්ම බොහෝ කරුණු කාරණා ඉතා හොඳින් ඒත්තු ගැන්වීමේ හැකියාවද බෙහෙවින් වැදගත් වේ. අනෙක් අතට උපදේශන ක්‍රමෝපායන් යටතේ වැදගත්වන සිද්ධාන්ත සහ සදාචාරාත්මක කරුණු පිළිපැදීමද මෙහිදී අත්‍යවශ්‍ය වේ. මෙම චිකිත්සක ක්‍රමය යටතේ රෝගීන් හට ද තම නිවසේ දී කළයුතු වැඩ කොටසක් පැවරෙන අතර ඒවා විධිමත් ලෙස ඉටුකිරීමෙන් ඉක්මන් සුවයක් ලැබිය හැකි ය.
විශේෂයෙන් රෝගීන් හට තමා වටා ඇති පරිසරය සහ සමාජය දෙස සාමාන්‍ය තත්ත්වයෙන් බැලීමටත් එමෙන්ම හැසිරීමටත් අවශ්‍ය ලෙස ඔවුන්ගේ සිතුම් පැතුම් මෙන්ම චිත්ත වේගයන් සකස් කර ගන්නා ආකාරය අදාළ උපදේශනය තුළින් උගන්වනු ලැබේ. මෙම චිකිත්සක ක්‍රමය දැනට ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත වෙමින් පවතින අතර ඊට පහත දැක්වෙන කරුණු හේතු වී ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>