ගැබිනි මව්වරුන් සහ කොරෝනා අවදානම

අගෝස්තු 21, 2020

මේ දවස්වල බොහෝ  දෙනෙකු අතර තරමක සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක්,  ඉන්ෆ්ලුවෙන්සාව,  උණ රෝගී තත්ත්වයක්    සුලබව පැතිරී  පවතියි මේ අනුව එවැනි රෝගීන්  අතර  (හිසරදය,  උණ,  උගුරේ  වේදනාව,  බඩ බුරුල්  කිරීම,  සොටු දියර  ගැලීම කැස්ස  වැනි  සමහර රෝග  ලක්ෂණ   සුලබව  ඇති විය හැකියි. 

මේ දිනවල  ලොව  පුරා පැතිර  යමින්  තිබෙන  කොරෝනා  රෝගය ආසාදනය  වීමෙන් ද මීට සමාන රෝග ලක්ෂණ ඇති විය හැකි  බව  මේ  වන විටත්  ඔබ  හොඳීන්ම  දැනුවත් වී තිබෙනවා.  මේ නිසාම ඉහත රෝග ලක්ෂණ  සාමාන්‍ය   රෝගී  තත්ත්වයක් ද නැති නම්  කෙරෝනා  රෝගී  තත්ත්වයක්  ද  යනුවෙන්   හඳුනාගැනීමට  ඔබට  තරමක්  අපහසු විය හැකියි. ඉහත රෝග   ලක්ෂණ  සමගම  පපු  පෙදෙසේ   තද ගතියක්   හෝ  හුස්ම  ගැනීමේ  විශේෂ අපහසුතාවයක්   ඔබට  තිබේ නම්   ඔබ  තරමක්  අවදානම්  සහගත  තත්ත්වයකට පත් වී  තිබෙන බව  වටහා  ගත  යුතුයි.   

(එහෙත්  මේ වන විටත්  කොවිඩ් 19  වෛරසයේ   ස්වාභාවයන්  ගැන  තවමත්   ලොවපුරා අධ්‍යයන  සිදු කෙරෙන අතර  ශරීරයේ  තැනින් තැන  රතු ලප මතු  වීම,   මෙන්ම දිවේ  රතු ලප මතු  වීම ද කොරෝනා රෝගයේ  ලක්ෂණයක් විය  හැකි බවට ද  තොරතුරු වාර්තා වෙයි. කෙසේ  වෙතත් දැනට  පැතිරෙන්නා වූ ඉන්ෆ්ලූවෙන්සා  තත්ත්වය  හා සෙම්ප්‍රතිශ්‍යාව  වැළඳීමෙන් සංකූලතා  වැඩි  වී  නිව්මෝනියා  වැනි  තත්ත්ව  ඇති වන්නේ  ඇදුම,  හතිය, කලක්  තිස්සේ පවතින පෙණහලු  රෝග ,  වකුගඩු රෝගය,  දියවැඩියා රෝගය හා ශරීරයේ ප්‍රතිශක්තිය  අඩු කරන  පිළිකා  වැනි රෝග  තත්ත්වයක්  ඇති  අයටයි. 

මේ  දිනවල  පවතින  වර්ෂාව අනුව  සිදුවන  කාලගුණික  වෙනස්කම්    හේතුවෙන්  සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන්  සුලබව ඇති වීම  සාමාන්‍ය තත්ත්වයකි.  මේ වන විට  සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක දී   මතුවන  උණ සුව වූ පසු  එම රෝගීන්ට  තවදුරටත්  තරමක  කැස්ස තත්ත්වය  කාලයක්  පැවතීමට ද  පුඟඵවන. මේ නිසා  එවැනි  රෝගීන්ට ඇතැම් විට තාවකාලිකව  ඉන්හෙලර්  භාවිතා කිරීමට  බටහිර  වෛද්‍යවරු නිර්දේශ  කරන බව  ද පෙනේ. 

ඔබට වැළඳී තිබෙන්නේ  ඉන්ෆ්ලුවෙන්සා  රෝගය නම්  වහාම ඒ සඳහා  ඖෂධ  ලබා ගත  යුත්තේ  විශේෂයෙන්ම  වයස අවුරුදු  දෙකට  අඩු  දරුවන්ට,  ගැබිනි  මවුවරුන්ට,  වයස අවුරුදු  හැට ඉක්මවූ  අයට  සහ වකුගඩු  රෝග,  පෙනහලු   හා  ශ්වසන ආබාධ  ආදිය  ඇති අයයි. (ශරිරයේ  ප්‍රතිශක්තිකරණ  හැකියාව  ඉහළ පුද්ගලයන්ට  සාමාන්‍ය  පරිදි ප්‍රතිකාර  ලබා දීමෙන්  ඉන්ෆලූවෙන්සා  තත්ත්වයෙන්  සුවපත්  විය හැකියි. 

ගැබිනි මව්වරුන්  කොරෝනා වෛරසයෙන්  ආරක්ෂා  කිරීමට නම්  

කොවිඩ් 19 වෛරසය  රෝගියෙකුගෙන්  තවත්  නිරෝගී  පුද්ගලයෙකුට  බෝවීමේ  ප්‍රධාන  ක්‍රම වන්නේ  ප්‍රාශ්වාසය,  කැස්ස,  කිවිසුම යාම හෝ  සොටු දියර  ගැලීම  සමග  පිට වෙන  ස්‍රාව  කොටස්  ( කෙළ  බිඳීති,  සෙම්  සොටු ආදි )  ආශ්වාසයට   ලක්වීමෙනුයි.  

ඊට අමතරව  රෝගියෙකු  ස්පර්ශ කිරීම,  එකම අවකාශයක  වැඩි  වේලාවක්  රෝගිය  සමග  කාලය  ගත  කිරීම ආදිය   ද මෙම රෝගය  බෝවීමට  හේතු  වේ. 

එමෙන්ම නිසි පරිදි  නොපිසු ආහාර, සත්ත්ව  ආහාර, කොරෝනා රෝගියෙකු   ස්පර්ශ කළ පලතුරු, එළවඵ, පලා  වර්ග  නිසි  සේදීමක්  නොමැතිව   අනුභව කිරීමෙන් ද  රෝගය බෝවිය හැකි   බව  ප්‍රකාශ වී  තිබෙනවා. 

ගැබිනි මව්වරුන්  වඩාත්  ප්‍රවේශම් විය යුත්තේ   ඇයි ?

ඕනෑම  ශ්වසන  ආබාධ  තත්ත්වයක්   ගැබිනි මවකට  සංකූලතා  ඇති  කිරීමට  තිබෙන  හැකියාව තරමක්  ඉහළයි.  දැනට  කොරෝනා වෛරසය ආසාදිත ගැබිනි කාන්තාවන් පිළිබඳව  බහුලව  වාර්තා  නොවුවත්   පසුගිය වසර  කිහිපය  තුළ ශ්‍රී ලංකාවේ  ඉන්ෆලූවෙන්සා රෝගය  ගැබිනි මව්වරුන්ට  බලපෑම්  කළ ආකාරය  පිළිබඳව විශාල අත්දැකීම් ප්‍රමාණයක්  අප  සතුයි.  මේ වන විට  ඉන්ෆලූවෙන්සා   රෝගය නිසා  සැලකිය යුතු තරම් මාතෘමරණ අපේ රටෙන්  වාර්තා   වී  තිබෙනවා. මේ නිසා  ගැබිනි  සමයේ  පසුවන  මව්වරුන්  තවදුරටත්  කොරෝනා  ආසාදනය  විය   හැකි   අවස්ථා  හැකි උපරිමයෙන්  ආරක්ෂාව සලසා   ගැනීම  ඉතාම  වැදගත්  වෙනවා. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.