පාසල එපා කරවන හේතුව සොයා ගැනීම වැදගත්

අගෝස්තු 23, 2019

මේ පාසල් නිවාඩු කාලයයි. දරුවන්ගේ අඩුපාඩු සොයා පිළියම් කිරීමට සුදුසුම කාලයයි.පසුගිය පාසල් වාරයන්හිදී දරුවා පාසල් ගියේ අකැමැත්තෙන් නම් ඊට හේතුව සොයා පිළියම් කිරීමට සුදුසුම කාලයයි.

දරුවන් මිදුලේ වැලි මාළිගා තනද්දී මාපියන් දරුවන් පිළිබඳ සිහින මාළිගා තනන්නේ පාසලේය. අන් සියල්ලට වඩා ඔවුන් උනන්දු වන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමටයි. එහෙත් ‘අ’ යන්න ලොවටම ඇහෙන්න කියන්න මුල පුරන බාලක, බාලිකා වයසේදීම දරුවා පාසල් යාම ප්‍රතික්ෂේප කළහොත් ඊටත් වඩා හද පාරවන වෙනත් කරුණක් මාපියන්ට නැති තරම්ය.

සමහර දරුවෝ පාසල් යාම මඟ හැරීමට විවිධ හේතු ගෙනහැර පාති. සමහර කරුණු පිළිගත හැකි ඒවාය. ඇතැම් කරුණු සම්පූර්ණයෙන්ම මුසාවාදය.

දරුවකු දිගින් දිගටම පාසල් යාම ප්‍රතික්ෂේප කරනවා නම් කිසියම් මානසික ගැටලුවක් ඇති බව අවබෝධ කරගත යුතුයි. ඇතැම් විට ළමයාගේ හැසිරීම්වල ද සැලකිය යුතු වෙනසක් දැකිය හැකියි. බොහෝ විට ප්‍රතික්ෂේප කිරීම්වලට පෙනෙන්නට හේතුවක් නැත.

දරුවා නොහඳුනා ගත් විෂාද තත්ත්වයක්, දුක, කලබලය, කෝපය, සිරුරේ වේදනාවන්, සතුට, ආශාව නැතිවීම වැනි ලක්ෂණත් පෙන්නුම් කිරීමට පුළුවන. මේ ලකුණු පාසල් යන සෑම දිනකම මතු වෙයි. එහෙත් සති අන්තයේදී ඉහත කී කිසිදු අපහසුතාවයක් දක්නට නොලැබෙයි.

ඇතැම් දරුවන් පාසල් යාමට බියය. තවත් දරුවන්ට පාසල් යාම එපා වන්නේ පාසලේදී අධික කාංසාවක් දැනීම නිසයි. එක්වරම දරුවාට පන්තියේදී තනිකමක් දැනෙයි. දහදිය දමා පපුව ගැහෙන්නට ගනියි. නිවෙසේදී එවන් අපහසුතාවක් නොදැනෙන නිසා පාසලට නෑවිත් නිවෙසේ සිටීමට කැමැත්තක් දක්වයි.

මාපියන්ගෙන් දුරස් වී පාසලට යාමට සිදුවීමෙන් වෙන්වීමේ කාංසා අක්‍රමිකතාවට ද දරුවා ගොදුරු විය හැකිය. ඇතැම් විට ප්‍රශ්නය ඇත්තේ පාසලේ වීිමටත් පුළුවන. ගුරුවරයාට බිය වීම, උගන්වන විලාසයට, රටාවට අකැමැති වීම, අනෙක් ළමයින් ඉදිරියේ අපහාසයට ලක්වේවියි සිතීම, අනෙක් ළමයින්ගේ අඩන්තේට්ටම්වලට ලක්වීම (බූලිං) පාසල එපා කරවන හේතු අතර තිබිය හැකිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති
සටහන චම්පිකා දීපානි රණසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.