වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
විවාහ ජීවිතයට එළැඹුණ යුවලකගේ එකම ආශාව බලාපොරොත්තුව වනුයේ දරු සම්පතක් පිළිබඳවයි. මානව වර්ගයාගේ පැවැත්මට මෙන්ම ක්රමික විකාශනයද සිදුවනුයේ දරුවාගේ...
2021-07-22 18:30:00
විවාහ ජීවිතයට එළැඹුණ යුවලකගේ එකම ආශාව බලාපොරොත්තුව වනුයේ දරු සම්පතක් පිළිබඳවයි. මානව වර්ගයාගේ පැවැත්මට මෙන්ම ක්රමික විකාශනයද සිදුවනුයේ දරුවාගේ...
2021-07-22 18:30:00
පිහිනීම තුළින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්න ලේසියෙන්ම පුළුවන්. ශරීරයේ අනවශ්‍ය ලෙස මේද තැන්පත් වීම වළක්වා ගැනීම, එමඟින් සිරුරේ හැඩය මනාව පවත්වා...
2021-07-22 18:30:00
ආයුර්වේද මතනුව ශාක වර්ග (එළවළු පළාවර්ග) ධාන්‍ය වර්ග (සහල්, ඇට වර්ගාදිය) මාංස වර්ග (මස් මාළු) ක්ෂීර වර්ග (කිරි වර්ග) ඵලා වර්ග (පලතුරු) කන්ද වර්ග (අල...
2021-07-15 18:30:00
“බෙලි කොළ පාවට්ට කොළ ගෙන සමසමව කොටාඑම කුඩු දමා අරගෙන ගිණිකබල වටාදුම් අල්ලන්න කැක්කුම යයි ඉවත ගටාගලවා සිටිය හැක හිස බැඳ තිබෙන ජටා” වශයෙන් බෙලි...
2021-07-15 18:30:00
මධුමේහය (දියවැඩියාව) නිසා හිසේ සිට පාදාන්තය දක්වා සිරුරේ බොහෝ ඉන්ද්රියයන්හි පීඩා හටගනී. ඉන් ස්නායුවල ඇති වන පීඩා ‘නාඩිගතවාත’ යනුවෙන් ආයුර්වේදයේ...
2021-07-08 18:30:00
කෙසෙල්වල මූලාරම්භය ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි අග්නි දිග ආසියා ප්‍රදේශ ලෙස සැලකේ. ක්‍රි.පූ. 500 පමණ ඉන්දියාවේ ලියවුණ සංස්කෘත...
2021-07-01 18:30:00
විවාපත් යුවළකට දරු සම්පතක් ලැබීම මොනතරම් වාසනාවක්ද? ඒත් දරුවන් නැති සොවින් වැළපෙන බිරින්ඳෑවරුන් සහ සැමියන් කොයි තරම් නම් මේ ලෝකය තුළ සිටිනවාද? එවන්...
2021-06-24 18:30:00
කිසිම මස් වර්ගයක් ආහාරයට ගැනීමට අකමැති වැඩිහිටියන් මෙන්ම දරුවන්ද අප අතර සිටී. මේ නිසා සමහර මව්පියන් තම දරුවාට “නිසි පෝෂණයන් නොලැබේය” යන අනියත බියකින්...
2021-06-17 18:30:00
ක්‍රි.ව. 1954 ඇතිවුණ සූර්යය ග්‍රහණය ලොවට බලවත් ලෙස බලපාන ලදී. උදය කාලයේ ඇතිවන ලද සූර්ය ග්‍රහණය අවස්ථාවේ අන්ධාකාරයකින් ලොව වැසුණු බව එවකට මුහුණ දුන්...
2021-06-10 18:30:00
උපුල්, අවිස්සාවේල්ල. වයස 47 කි. සෑහෙන කාලයක සිට බඩේ දැවිල්ලක් ඇත. කෑම උගුරට එයි. බඩේ ශබ්ද ඇතිවේ. ඔබට අම්ලපිත්තය තදබල ලෙස පවතී. පළමුව වමනය කර...
2021-06-10 18:30:00
සමහරකුට උපතින්ම ඇති පීනස නිසා උදේ කාලයේ නිතර නිතර සෙම ගැලීම සිදුවේ. මෙම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමෙන් ඒවා සයිනස් කුහරවලට එකතුවිය හැකියි...
2021-06-03 18:30:00
පිහිනීම තුළින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කර ගන්න ලේසියෙන්ම පුළුවන්. ශරීරයේ අනවශ්‍ය ලෙස මේද තැන්පත් වීම වළක්වා ගැනීම, එමඟින් සිරුරේ හැඩය මනාව පවත්වා...
2021-05-27 18:30:00
හැසිරීම් පිළිපැදීම අනුගමනය කිරීම අර්ථ චර්යා යනුවෙන් හැඳින්වේ. මේ අනුව පුද්ගලයන්ගේත් සමාජයේත් මනා පැවැත්මට හේතුවන හැසිරීම් රටා රාශියක් මෙහි දක්වා ඇත....
2021-05-20 18:30:00
කාන්තාවන්ගේ පංච කල්‍යාණය පිළිබඳව කතා කරන විට දිගු කෙස් කළඹ එහි එක් අංගයකි. සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් දිගු කෙස් කළඹ නිරෝගීව පවත්වාගෙන යා යුතු...
2021-05-20 18:30:00
සාංකාව (ඒදයඪජඥබර) යන පීඩාකාරී තත්ත්වයේ ලක්ෂණ, වරින්වර ඇතිවීම හෝ දිගටම පැවතීම හෝ එක්තරා අවස්ථාවකදී පමණක් ඇතිවීම සිදුවේ. මෙම රෝග ලක්ෂණ මානසික සහ...
2021-05-20 18:30:00