වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
මම ඖෂධයේ ශාකයේ පොත්ත සිනිදුය. සාමාන්‍යයෙන් මෙම ඖෂධීය ශාකය අඩි හතරක් පහක් පමණ උසට වැඩේ. පත්‍ර අඟල් තුනක්, පහක් අතර දිගටිව හටගනී. අණ්ඩාකාරය,...
2021-05-13 18:30:00
එළවළු පිසීමේදී ඒවායේ ස්වභාවය වෙනස් වී දිරවීමට පහසු තත්ත්වයට පත් කරයි. අලුත් එළවළු හා පළා වර්ග වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම වර්ධනය වේ. කෙස්වල...
2021-05-13 18:30:00
පෙර රජ දවස පුරාණ ලක්දිව මෙම වසංගත තත්ත්වය හැඳින්වූයේ දෙවියන්ගේ ලෙඩ වශයෙනි. එකලදී හැදුන ලෙඩේ හැඳින් වූයේ අම්මාවරුන්ගේ අසනීපය සේය. එසේ වැලඳුණ ලෙඩක්...
2021-05-06 18:30:00
ඇදුම රෝගය යනු ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව හටගන්නා රෝගයකි. ශ්වසන පද්ධතියට අයත් නාසය නාකුහරය ස්වසනාලය අනු ශ්වාසනාලිකා, පෙනහලු කුහර යන පෙණහලු ගර්ත ආදී කොටස්...
2021-05-06 18:30:00
රථවාහනවලින් නිකුත් කෙරෙන දුම් ඕසෝන් වායුව පෙනහලුවල ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට පවා ප්රබලය. මීට අමතරව පරාග මල් රේණු, පූස් සත්ත්ව ලොම් දූවිලි, හුණු...
2021-04-29 18:30:00
මෝහයන ගුප්ත ශාස්ත්‍ර මතපදනම් වූවක් හෝ මැජික් ශිල්පීය ක්‍රමයක් නොවන අතර විවිධ ඇබ්බැහි වීම් මානසික පීඩන තත්ත්වයන්, කායික රෝගයක් නොවන අවස්ථාවකදී අධ්...
2021-04-22 18:30:00
රෝගාබාධ දුරලා සුවය ලබා ගැනීම, දෙවියන් පුදා යහපත ළඟා කරගැනීම සශ්‍රීකත්වය පතා ආදි කල සිට කොහොඹා කංකාරිය නැටීම චාරිත්රයකි. එදා මේ රාත්‍රී කීපයක් එක...
2021-04-22 18:30:00
තෙල් සකස් කරගන්නා ඖෂධවලට අඩංගු ඖෂධ හා එහි ශුභ මුහූර්ත සහ ඉන් ලැබෙන මහඟු ඵල ප්‍රයෝජන සහිත විස්තරාත්මක පත්‍රිකා දැනට දශක තුනක පමණ කාලයක සිට පවතින රජයේ...
2021-04-08 18:30:00
දරුඵල නැති අයට හාතාවාරිය ඖෂධය අද බොහොමයක් කාන්තාවෝ විවාහයෙන් පසු දරුඵල නොමැතිවීම නිසා මහත් කණස්සල්ලෙන් පසුවන අතර, ඒ සඳහා යන්ත්‍ර මන්ත්‍ර, බලි තොවිල්...
2021-04-01 18:30:00
ඉපැරණි ආයුර්වේද පොත්වල සඳහන් වන ආකාරයට වේතසාම්ල , වෘක්ෂාම්ල ඖෂධ ද්‍රව්‍ය දෙකකි. පැරණි ආයුර්වේදයේදී මෙය තිබුණත් දැන් ඒවා නැත. අද ඖෂධ නිෂ්පාදනයේදී...
2021-04-01 18:30:00
අධි රුධිර පීඩනය ද දියවැඩියාව මෙන්ම සමහර විට ඊටත් වඩා නිහඬ මාරයෙක් ලෙස වෛද්‍යවරු හඳුන්වති. හෘද ස්පන්දනයේ දී ඇති වන උපරිම පීඩනය සන්‍යස්ත පීඩනය (...
2021-04-01 18:30:00
අකාලයේ දත් සෙලවීමටකයිප්පු, සහිඳලුණු කළන් 3 බැගින් ගෙන කුඩුකර ගෙන තාච්චියකට තලතෙල් තුන් කාලක් දමා එයට එම කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුණු පසුව ඉන්...
2021-03-25 18:30:00
අවුරුදු 66 ක කාන්තාවක්මි.කඩවත ඉහළ බියන්විලශරීරය අප්‍රාණික බව පවතී. මූත්‍ර දැවිල්ල , හිසරදය, පිපාසය දණහිසෙන් පහළ නිතරම ඉදිමීම පවතී. නිදි මත නැත.වාත...
2021-03-18 18:30:00
සමස්ත ලෝකය පුරාම මෙන්ම අප ශ්‍රී ලංකාව තුළ ද ඉතා වේගයෙන් පැතිර යන රෝගාබාධයක් ලෙස පියයුරු පිළිකා දැක්විය හැකි ය. මූලික අවස්ථාවේදීම නියමාකාරයෙන් පියයුරු...
2021-03-18 18:30:00
නිරෝගී දිවියකට කායික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍යය ද වැදගත්වන බව ආයුර්වේදයේ සඳහන් වේ.කායික, මානසික, සමතුලිත බවත්, සමාජයීය ආධ්‍යාත්මික ප්‍රසන්න බවත්...
2021-03-11 18:30:00
නාත්තන්ඩිය,වලහපිටිය – ගාමන්ත, වයස 54කි.මගේ පාද දෙකේම නහරගැට ගැසී ඇත. ප්‍රතිකාර දක්වන මෙන් ඉල්ලමි.අද දක්වන ප්‍රතිකාරයෙන් තවත් බෙහෙත් පන්ති කීපයක්...
2021-03-04 18:30:00