වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
වගකීම් සහගත ජීවිතයක පදනම විවාහයයි. එම නිසාම ශිෂ්ඨ සම්පන්න ගමනේ බොහෝ දුර ගමන් කළ හැකි බැවින් මිනිස් වර්ගයා විවාහය සඳහා විශේෂයෙන්ම ආසියාතික රටවල පූර්ව...
2021-10-28 18:30:00
වර්ණ හෙවත් පාට ස්වභාවධර්මයේ අපූර්වතම වූ නිර්මාණයකි. වර්ණ නැතිනම් පාට අපේ එදිනෙදා ජීවිතයත් සමඟ බෙහෙවින් ම සම්බන්ධය.ඒ අනුව අපේ ජීවිතයත්...
2021-10-14 18:30:00
අපේ ආයුර්වේදයේ ඉගැන්වීම අනුව ශරීරයේ අභ්‍යන්තරිකව සහ බාහිරව ඇතිවන දිලීර බැක්ටීරියා සහ වෛරස් ආසාදනවලට එරෙහිව මර්දනය කිරීම සහ සටන් කිරීමේ ගුණයක් කහ සතුව...
2021-10-07 18:30:00
ගැස්ට්‍රයිටිස් රෝගයේ අපහසුතාවන්ගෙන් මිඳීමට භාවිතා කළ හැකි අත්බෙහෙතකි. කොත්තමල්ලි, සූදුරු, ඉඟිනි ඇට, මුං ඇට, කබලේ බැද තම්බාගත් වතුර පානය කිරීම යහපති....
2021-09-30 18:30:00
ඉර හඳ ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය ඇසුරු කොට සොයා ගන්නා ලද පුද්ගල කේන්ද්‍රයේ ඵලාඵල විස්තරය කෙනෙකුගේ උපන් මොහොතේ සිට අවසන් මොහොත දක්වාම සොයා ගැනීමට හැකිවේ....
2021-09-23 18:30:00
ආයුර්වේදයේ පෙන්වා දෙන ආකාරයට ආහාරය මිනිසාගේ ප්‍රාණය හා සමානය. ආහාර නොමැතිව කිසිවකුට ජීවත් විය නොහැකි ය. පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය...
2021-09-23 18:30:00
වකුගඩු නරක්වන්නේ ඇයි ? එවැනි තත්ත්වයක් හඳුනාගත හැක්කේ කෙසේද ? ශරීරයට ඉතාම අවශ්‍ය ප්‍රධාන ඉන්ද්‍රියයක් වන වකුගඩු ආරක්ෂා කරගත හැක්කේ කෙසේද ? මේ පිළිබඳව...
2021-09-09 18:30:00
ර්ධපඪදඨච ධතඥඪටඥපච යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මුරුංගා ලංකාවේ වියළි හා අතරමැදි කලාපවල හොඳින් වර්ධනය වේ. යාපනය පළාතේ ජනතාව අතර මුරුංගා ජනපි‍්...
2021-08-26 18:30:00
සෑම සතෙකුටම තම ජීවිතය සුඛිත මුදිත කරවීම සඳහා දෑසක් පිහිටා ඇත. ස්වභාවික වූ මෙම ලක්ෂණය නොපිහිටි යමෙක් වේනම් ඔසු අසරණ තත්ත්වයට පත්වෙන බව විශේෂයෙන්...
2021-08-19 18:30:00
රත කල්කය, දෙසඳුන් කල්කය හා කොත්තමල්ලි කල්කය, යනුවෙන් හඳුන්වන රතකල්කය ළදරුවන්ට දීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වන අතර, අස්ථින්ද වර්ධනය වේ. ලේ...
2021-08-12 18:30:00
ක්‍රි.ව. 1954 ඇතිවුණ සූර්යය ග්‍රහණය ලොවට බලවත් ලෙස බලපාන ලදී. උදය කාලයේ ඇතිවන ලද සූර්ය ග්‍රහණය අවස්ථාවේ අන්ධාකාරයකින් ලොව වැසුණු බව එවකට මුහුණ දුන්...
2021-08-12 18:30:00
සිරුරේ මනා පෝෂණය සඳහා අප දෛනිකව ලබාගත යුතු ආහාර වර්ග මොනවාද ? ඒවායේ අඩංගු පෝෂණ තත්ත්වයන් මොනවාද ? කියන කාරණය පමණක් නෙවෙයි අප ආහාර අනුභව කළ යුත්තේ...
2021-08-12 18:30:00
දුම්පානය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් සෑම තත්පර 6 කට වරක් ලෝකයේ කොහේ හෝ රටක එක් පුද්ගලයකුගේ මරණය සිදුවේ. දුම්පානයට ඇබ්බැහි වීමෙන් පෙණහලු පිළිකා...
2021-08-05 18:30:00
විවාපත් යුවළකට දරු සම්පතක් ලැබීම මොනතරම් වාසනාවක්ද? ඒත් දරුවන් නැති සොවින් වැළපෙන බිරින්ඳෑවරුන් සහ සැමියන් කොයි තරම් නම් මේ ලෝකය තුළ සිටිනවාද? එවන්...
2021-07-29 18:30:00
අක්මා ක්‍රියා භානිය අපට භයානක ප්‍රතිඵල ගෙනදෙන්නේ මරණය ඇතිවිය හැකි තත්ත්වයන් වන බැවින් ද එසේම නිසි ප්‍රතිකාර හා නිසි රෝග නිවාරණ ප්‍රතිපත්ති මත නැවත...
2021-07-22 18:30:00
නිරාහාරව සිටීම සහ දුර්භික්ෂය පිළිබඳව මෙහිදී සලකා බැලීම වටී. දුර්භික්ෂය නිසා ලෝකයේ ඇතැම් රටවල මන්දපෝෂණය දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන්නේ...
2021-07-22 18:30:00