අක්මාව අකර්මණ්‍ය වීම හෙවත් ක්‍රියාභානිය

ජූලි 23, 2021

අක්මා ක්‍රියා භානිය අපට භයානක ප්‍රතිඵල ගෙනදෙන්නේ මරණය ඇතිවිය හැකි තත්ත්වයන් වන බැවින් ද එසේම නිසි ප්‍රතිකාර හා නිසි රෝග නිවාරණ ප්‍රතිපත්ති මත නැවත යම් සේ තත්ත්වයට ගත හැකි වුව ද දීර්ඝකාලීනව ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම ඉතාම වැදගත් වේ. තව ද අනිසි ක්‍රියාකාරකම් මත්පැන් භාවිතය වැනි ක්‍රියා වහාම නතර කළ යුතු වේ. එසේම හිතුමතයට කිසිම බෙහෙතක් පාවිච්චි කිරීම ද නොකළ යුතුය.

 

රෝග ඉතිහාසයේ පැවති අක්මා රෝග තත්ත්වයන් ද සලකා බැලීම අවශ්‍ය නිසා පැවති තත්ත්වය රෝග පුවත් වැදගත් වේ.

අක්මාව දැඩි ලෙස අකර්මණ්‍ය වීම හඳුන්වන්නේ ෆුල්මිනන්ට් හෙපටික් ෆේලියර් ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) ලෙසය. සති දෙකකට අඩු කාලයකදී අක්මාව අකර්මණ්‍යවීම ඇකියුට් හෙපටික් ෆේලියර් (ඒජභබඥ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) ලෙස හැඳින්වේ. නමුත් සිරෝසිස් තත්ත්වයක් උදාවීමට කාලාන්තරයක් ගත වේ.

ඇකියුට් හෙපටික් ෆේලියර් (ඒජභබඥ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) ක්ෂණික අක්මා අකර්මණ්‍යතාව ඇතිවීමට ගතවන්නේ සති 2ක් පමණ කෙටි කාලයකි. මීට පෙරදී කිසියම් රෝගයක් නිසා රෝගී බවට පත් නොවුණු අක්මාවක් එක්වරම සති 2ක් වැනි කෙටි කාලයක් තුළ දී දැඩි ලෙස අකර්මණ්‍ය වීම (ඒජභබඥ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) රෝගයේ ඇති භයානකම තත්ත්වයයි. සිරෝසිස් රෝගය නිසාද අක්මාව අකර්මණ්‍ය වන අතර, සිරෝසිස් තත්ත්වයට රෝගියෙකු පත්වන්නේ කාලාන්තරයක් තිස්සේ මද්‍යසාර භාවිතය, හෙපටයිටිස් බී, සී, ඩී වැනි රෝග වැලඳීම, ෆැටී ලිවර් ඔටෝ ඉමියුන් හෙපටයිටීස් (ජ්චබබර තඪමඥප චභබධ ඪථථභදඥ ඩඥනචබඪබඪඵ) වැනි තත්ත්ව වලිනි. සිරෝසිස් මෙන්ම ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) යන රෝගී තත්ත්ව නිසාද අක්මාව අකර්මණ්‍ය වේ. එමඟින් මොළයට බලපෑම් ඇති වී එන්කෙපලෝපති තත්ත්වයට රෝගියා පත්වීමට ඉඩ ඇති අතර, මේ තත්ත්වය හේතුවෙන් රෝගියා මිය යාමට තිබෙන ඉඩකඩ ද වැඩිය.

අක්මාව අකර්මණ්‍ය වීමට බලපාන රෝග

1. හෙපටයිටීස් ඒ රෝගය නිසා ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) තත්ත්වය ඇතිවීමට ඉතා සුළු සම්භාවිතාවක් ඇත. එසේම හෙපටයිටිස් ඊ වලින් ද ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) ඇතිවිය හැකි ය. නමුත් වාසනාවකට මෙම රෝග දෙකෙන්ම සිරෝසිස් තත්ත්වයක් දක්වා රෝගය වර්ධනය වන්නේ නැත.

2. වෛද්‍යවරයා නිර්දේශ කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකින් සමහර ඖෂධ ගැනීමෙන් අක්මාවට හානි සිදුවිය හැකි අතර, ඖෂධ මාත්‍රාව වැඩිපුර ගැනීමෙන් ද සුළු කාල පරිච්ඡේදයක දී අක්මාව අකර්මණ්‍ය විය හැක. විශේෂයෙන් පැරසිටමෝල් පෙති 20ක් වැනි ප්‍රමාණයක් එකවර ගත් විටකදී හදිසියේම අක්මාවට හානි වී රෝගීන් මිය යාම පවා සිදුවන්නේ මෙම ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) රෝගය හේතුවෙනි.

3. හෙපටයිටීස් බී නිසාද සති 2ක් වැනි සුළු කාලයකදී අක්මාව අකර්මණ්‍යවීමට ඉඩ ඇත. හෙපටයිටීස් බී රෝගීන් බහුතරයකට සිරෝසිස් වැලඳීමට ද ඉඩ ඇති අතර, හෙපටයිටීස් බී නිසා ඉතා සීමිත ප්‍රතිශතයකට ද ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) වැළඳී සති 02 ක් වැනි සුළු කාලයකදී අකක්මාව අකර්මණ්‍ය වීමටද ඉඩකඩ ඇත.

4. ඔටෝ ඉමියුන් හෙපටයිටිස් ( ඒභබධ ඪථථභදඥ ඩ්ඥනචබඪබඪඵ) තත්ත්වයේදී ද සිදුවන්නේ මෙම ක්‍රියාවලියයි. මේ රෝගය නිසා වැඩි ප්‍රතිශතයකට සිරෝසිස් වැළඳීමට ඉඩ ඇති අතර, සුළු ප්‍රතිශතයකට ඉතා සුළු කාලයකදී ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) තත්ත්වය උදාවීමට ඉඩ ඇත.

5. ඇකියුට් ෆැට් ලිවර් ඔෆ් ප්‍රෙග්නන්සි (ඒජභබඥ ටචබබර ඹ්ඪමඥප ධට නපඥඨදචදජර) තත්ත්වයේදී ෆුල්මිනන්ට් හෙපටික් ෆේලියර් ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) තත්ත්වය උදාවිය හැකි ය. (මෙය සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් ආකාරයේ ජ්චබබර ඹ්ඪමඥප රෝගයකි.

6. රේයිර් සින්ඩ්‍රොම් (අඥරඥ’ඵ ඉරදඤපධථඥ) රෝගී තත්ත්වය නිසාද අක්මාව ඉතා කෙටි කාලයක් තුළ අකර්මණ්‍යවීමට පුළුවන. ඇස්පී‍්‍රන් නැමැති ඖෂධය අධි මාත්‍රාවෙන් භාවිත කිරීමෙන්ද වෙනත් ඖෂධ නිසාද අක්මාවේ ප්‍රදාහක තත්ත්වයක් ඉතා සුළු කාලයක් තුළ දී ඇතිවීමට පුළුවන. කුඩා දරුවන්ට වෛද්‍යවරුන් විසින් බොහෝ විට ඇස්පී‍්‍රන් නිර්දේශ නොකරන්නේ ඇස්පී‍්‍රන් නිසා (අඥරඥ’ඵ ඉරදඤපධථඥ) රෝග තත්ත්වය ඇතිවිය හැකි බැවිනි.

7. විල්සන්, ඩිසිස් (එඪතඪඵධද’ඵ ඤඪඵඥචඵඥ) (අක්මාවේ තඹ තැන්පත් වීම නිසා ඇතිවන රෝග තත්ත්වය) මේ හේතූන් නිසා ද අක්මාව අකර්මණ්‍යවීමට තිබෙන ප්‍රවණතාව වැඩිවේ.

අක්මාවට හානිකාරකයන් තත්ත්වයන්.

1. වයිරස් ආසාදන

1. හෙපටයිටීස් ඒ.බී.සී.ඩී. ඊ (ඩ්ඥනචබඪබඪඵ ඒ, ඕ, ඛ්, ච්, ඡ්)

2. එජස්ටීන් බාර් වයිරසය (ඡ්නඵබඥඪද ජ්චපප මඪපභඵ)

3. සයිටෝමෙගලෝ වයිරසය (ඛ්රබධථඥඨචතධ මඪපභඵ)

4. යෙලෝ ෆීවර් වයිරසය (කඥතතධඹ ජ්ඥමඥපමඪපභඵ)

5. ඩෙංගු ෆීවර් වයිරසය (ච්ඥදඨභ ටඥමඥප මඪපභඵ)

2. බැක්ටීරියා ආසාදනය - මී උණ

3. ප්‍රොටෝසෝවා ආසාදනය - එන්ටම්බා, මැලේරියා

4. ඖෂධ - මධ්‍යසාරය, පැරසිටමෝල් අධිමාත්‍රාව, ක්ෂය රෝගය සඳහා ලබාදෙන ඖෂධ, කොලෙස්ටරෝල් අඩු කිරීමට දෙන ඖෂධ, දිලීර නාශක ඖෂධ, විටමින් ඒ අධි මාත්‍රාව, නිර්වින්දන ඖෂධ

5. විෂද්‍රව්‍ය - රටකජුවල තිබෙන දිලීරයක විෂ, සමහර බිම්මල්වල විෂ

6. ශරීරයෙන්ම අක්මාවට හානිකර වීම, ඔටෝ ඉමියුන් හෙපටයිටිස් ( ඒභබධ ඪථථභදඥ ඩ්ඥනචබඪබඪඵ) 7. අක්මාවේ යකඩ තැන්පත් වීම - හිමෝක්‍රෝමැටෝසිස් (ඩ්චඥථධජඩපධථචබධඵඪඵ)

8. අක්මාවේ තඹ තැන්පත් වීම - විල්සන් ස් ඩීසිස් (එඪතඵධද’ඵ ඤඪඵඥචඵඥ)

9. ගර්භිණීභාවයේ දී ඇතිවන සමහර අක්මා රෝග - ඇකියුට් ෆැටී ලීවර් ඔෆ් ප්‍රෙග්නන්සි (ඒජභබඥ ටචබබර ඹ්ඪමඥප ධට නපඥඨදචදජර)

අක්මාව දැඩි ලෙස අකර්මණ්‍යතාවයට පත්වන ( ජ්භතථඪදචබ ඩ්ඥනචබඪජ ජ්චඪතභපඥ) ඇතිකරන රෝග තත්ත්වයන්

1. වයිරස් රෝග නැත.

2.ඖෂධ පැරසිටමෝල් අධිමාත්‍රාව

3. අක්මාවේ තඹ තැන්පත් වීම (එඪතඵධද’ඵ ඤඪඵඥචඵඥ)

4.ගර්භිණීභාවයේ දී ඇතිවන සමහර අක්මා රෝග (ඒජභබඥ ටචබබර ඹ්ඪමඥප ධට නපඥඨදචදජර)

5. ශරීරයෙන්ම අක්මාවට හානිවීම ( ඒභබධ ඪථථභදඥ ඩ්ඥනචබඪබඪඵ)

6. අඥරඥ’ඵ ඉරදඤපධථඥ

 

 

 

ආයුර්වේද වෛද්‍ය

නිරූපා සංජීවනී

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.