දුරුතු මස අග සරු පල දෙන වගා නැකැත්

ජනවාරි 24, 2025

 

මිරිස්, මාළු මිරිස් වගාවට

ජනවාරි 25, සෙනසුරාදා, උදේ 6.35ට උතුර බලා සුබයි. 11 වැන්නේ සඳුය. ගජ කේෂරී යෝගයයි. ලග්න භාවයේ බුධ ගමන් කිරීම මගින් පන් දහසක් දෝෂ භංග වේ.

 

බඩ ඉරිඟු වගාවට

ජනවාරි 25, සෙනසුරාදා, උදේ 6.55 ට උතුර බලා සුබයි. අව එකොලොස්වක තිථියයි. රවි,බුධ ලග්නයේද, ගුරු 5 වැන්නේද, වෙයි. දිවි කරණයයි. සතුන්ගෙන් හානි නොවේ.

 

බටු, බණ්ඩක්කා වගාවට

ජනවාරි 25, සෙනසුරාදා, උදේ 6.59 ට උතුර බලා සුබයි. අනුර නැකැතට අමෘත යෝගය උදාව පමණි. තත්කාල මකර ලග්නයට දෙවැන්නේ ශනි ස්වක්ෂේත්‍රය. ජය යෝගයයි. නිරෝගී වගාවක් ඇතිවන අතර අස්වැන්න සරුවේ.

 

මෑ, බෝංචි රෝපණයට

ජනවාරි 25, සෙනසුරාදා, උදේ 7.03 ට උතුර බලා සුබයි. තත්කාල මකර ලග්නයේ 5 වැන්නේ ගුරු 11 වැන්නේ සඳුය. ගජකේෂරී යෝගයයි. බුධ ලග්නයේ ගෝචරය වීම තුළින් පන්දහසක් දෝෂ භංග වේ. භූමි දේවතා බලයෙන් අස්වැන්න සරුවේ.

 

වට්ටක්කා, පිපිඤ්ඤා වගාවට

ජනවාරි 25, සෙනසුරාදා, උදේ 7.01 ට උතුර බලා සුබයි. අනුර නැකැතට අමෘත යෝගයයි. පාර්ශව මුඛ නැකතකි. දිවි කරණය බැවින් සතුන්ගෙන් හානි සිදු නොවේ.

 

දෙහි, දොඩම්, නාරං, අන්නාසි වගාවට

ජනවාරි 25, සෙනසුරාදා, උදේ 6.57 ට උතුර බලා සුබයි. අනුර නැකැතට අමෘත යෝගයයි. නන්දා තිථියයි. බුධ ලග්නයේ ගමන් කිරීම නිසා පන්දහසක් දෝෂ භංග වේ. අමෘත යෝගය බැවින් රසමිහිරි වන අතර අස්වනු වැඩිවේ.

 

ගම්මිරිස් වගාවට

ජනවාරි 25, සෙනසුරාදා, උදේ 7.02ට උතුර බලා සුබයි. අමෘත යෝගයයි. තත්කාල මකර ලග්න භවයේ රවි, බුධය. කුජ 6 වැන්නේය. ශනි 2 වැන්නේ ස්වක්ෂේත්‍රය ජය යෝගයයි. පාර්ශව මුඛ නැකැතකි. වැඩි අස්වැන්නක් ලැබේ.

 

පොල් පැළ රෝපණයට

ජනවාරි 26, ඉරිදා, උදේ 8.31 ට නැගෙනහිර බලා සුබයි. ඌර්ධව මුඛ නැකැතකි. සිද්ධි යෝගයයි. තත්කාල කුම්භ ලග්නයේ සිකුරුය. දස දහසක් දෝෂ භංග වේ. සරුසාරව වැඩේ.

කෙසෙල් වගාවට

ජනවාරි 26, ඉරිදා, උදේ 8.32 ට නැගෙනහිර බලා සුබයි. මුල නැකතට සිද්ධි යෝගය උදාව ඇත. තත්කාල චන්ද්‍ර වාසස්ථානය අහසය. සිකුරු ලග්නගත වීම මඟින් දස දහසක් දෝෂ භංග වේ.

 

බුලත් දඬු සිටුවීම

ජනවාරි 26, ඉරිදා, උදේ 8.34ට නැගෙනහිර බලා සුබයි. බුධ හෝරාවේ බුධ පංචමයයි. චන්ද්‍රයා එකොළොස් වැන්නේය. ලග්නභාවයේ සිකුරු හා ශනි ස්වක්ෂේත්‍රයේ ශශ යෝගයයි. සරු ඵලදාවක් ලැබේ.

 

කහ, ඉඟුරු වගාවට

ජනවාරි 26, ඉරිදා, උදේ 8.36 ට නැගෙනහිර බලා සුබයි. භද්‍රා තිථියයි. තත්කාල චන්ද්‍ර වාසස්ථානය අහසය. මූල නැකැතට සිද්ධි යෝගයයි. පිරිපුන් අල සෑදේ.

 

ලොකු ළූණු, රතු ළූණු වගාවට

ජනවාරි 26, ඉරිදා, උදේ 8.38 ට නැගෙනහිර බලා සුබයි. බුධ හෝරාවේ බුධ පංචමයයි. භද්‍රා තිථියයි. සිකුරු ලග්නයේ ගෝචර වීම මඟින් දෝෂ දස දහසක් භංග වේ.

 

අර්තාපල් වගාවට

ජනවාරි 30, බ්‍රහස්පතින්දා, උදේ 6.35ට නැඟෙනහිර බලා සුවණ නැකතට ශුභ යෝගයයි. තත්කාල මකර ලග්නයේ රවි, සඳු සමඟ බුධය. බුධ ලග්නයේ ගෝචරයෙන් පන්දහසක් දෝෂ හරණය වේ. සිංහ කරණය බැවින් සතුන්ගෙන් හානි නොවේ.

 

නෝකෝල්, බීට්, රාබු වගාවට

ජනවාරි 30, බ්‍රහස්පතින්දා, උදේ 6.37ට නැගෙනහිර බලා ශුභයි. තත්කාල මකර ලග්නයේ ශනි දෙවැන්නේ ස්වක්ෂේත්‍රය ජය යෝගයයි. සිකුරු තුන්වැන්නේ උච්චය. මහෞෂධ යෝගයයි. බුධ ලග්නයේ ප්‍රශස්ත පිහිටීමකි.

 

මඤ්ඤොක්කා වගාවට

ජනවාරි 30, බ්‍රහස්පතින්දා, උදේ 6.39 ට නැගෙනහිර බලා සුබයි. ශූභ යෝගය උදා වී ඇත. ශනිගෙන් ජය යෝගයත් සිකුරුගෙන් මහෞෂධ යෝගයත් යෙදී ඇති අතර ලග්නයේ බුධ මඟින් පන්දහසක් දෝෂ භංග වේ. සිංහ කරණයයි. වන සතුන්ගෙන් හානි නොවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.