වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
2023.07.20 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජූලි 19, 2023
ඉර උදාව – පෙ.ව. 06.03
ඉර බැසීම – ප.ව. 06.31
රාහු කාලය – දහවල් 01.50 - 03.24 දක්වා
සුබ දිසාව – උතුර
මේෂ
අමතර කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. ලැබීම් අතින් යහපත් දිනයකි.
වෘෂභ
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. පවුලේ අය අතර සුහදතාවයට කරුණු ඇති කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණුූ කීපයක් සිදුකරයි.
මිථුන
විශේෂ ගමන් කීපයක් යෙදෙන දිනයකි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. හදිසියේ සිදුවන වාහන ගණුදෙනුවකින් වාසි කීපයක් අත්කරයි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.
කටක
කතාව නිසා අන් අයගේ සිත් අසන්තෝෂයට පත් කරයි. ශරීරයට වෙහෙසකර ගතියක් ඇතිවීමෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි. සිතේ තරමක චංචල බවක් ඇති කරයි. අලුත් ආදායම් මාර්ගවලට ඉඩ ඇති බවක් පෙනේ.
සිංහ
බලාපොරොත්තුවක් ඉටුවීමෙන් සිතේ සතුටක් ඇති කරයි. නිතර ඇතිවන සෙම් ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. ගේදොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසේ. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන දිනයකි.
කන්‍යා
වගකීම් බහුල කරයි. ලොතරැයි ජයග්‍රහණවලට ඉඩකඩ ඇත. නොසිතූ ලෙස බාහිර කරදර ගෙන දෙන දිනයකි. තත්ත්වයට නොගැළපෙන අය ඇසුරට අවස්ථාව යෙදේ. ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි.
තුලා
වෙනදාට වඩා පී‍්‍රතිමත් බවකින් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති වගකීම් කීපයක් අඩු වී යන බවක් පෙන්නුම් කරයි.
වෘශ්චික
ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි. වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.
ධනු
සිතට සතුට සැනසීම ඇති කරයි. ඇදුම් පැළඳුම් ලාභයක් හිමි වීමට ඉඩ ඇති දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණුූ පෙනේ. වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් දිනයකි. අඹුසැමි විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත.
මකර
ගතට සිතට සහනය උදාකරන දිනයකි. තම රූපාලංකාරය ගැන වෙහෙසෙන බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ පරිස්සම් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට කරුණුූ ඇති කරයි. වැඩිහිටියකු සමඟ අතමාරුවක් කරගැනීමට හේතු යෙදේ.
කුම්භ
තරමක් දුරට සැනසිල්ල අඩුකරන දිනයකි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපාන දිනයකි. නිතර වැඩිහිටියකුගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.
මීන
විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. එමෙන්ම අලුත් හිත්වතකම් වලට ද ඉඩකඩ ඇති බවක් පෙනේ. හදිසි ධන ලාබයකට හිමිකම් ඇති කරයි. දරුවකු සම්බන්ධ ව සතුටුදායක පුවතක් අසන්න ලැබේ. වෙනදාට වඩා ගරුසැලකිලි හිමිවන දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප යන නැකැතකුත් සහ 2,7,12 යන තිථියකුත්, කුජ,ශනි, රිවි යන දිනයකුත් සම්බන්ධ වීමෙන් ඉතා දුර්ලභ බලගතු ත්...
2023-04-20 18:30:00
බක්මහ වසන්ත සැණකෙළිය අදයිරවි මේෂයේ උච්ච වෙයි බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යයි ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක් පෞද්ගලික ව්‍යාපාර...
2023-04-13 18:30:00
අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද...
2023-04-06 18:30:00
ව්‍යාපාර ක්ෂේත්රයට හොඳ කාලයක් උදාවේඅධ්යාපනයේ පවතින ඌනතා අවම කෙරේසෞඛ්ය අංශයේ දියුණුවක් වසරේ පළමු සූර්ය ග්‍රහණය සුබ නැකැත් ග්‍රහ මාරු සමඟ බක්...
2023-04-06 18:30:00
කුජ-ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි ගුරු බුධ ශුක්‍ර සංයෝගය පංච මහා පුරුෂ යෝග බලයෙන් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි සතරට සස යෝග බලයද ආශ්‍රිතව ඥානකාරක බුධ...
2023-03-30 18:30:00
අවබෝධ ඥානයෙන් කටයුතු කළ යුතු කාලයක්දැහැමි දිවියකට පත්වීම සුබදායක වෙයිදුර දිග බලා තීන්දු තීරණ ගත යුතුයිඋෂ්ණ රෝග සමාජයේ පැතිරිය හැකි කාලයක්ජලජ ප්...
2023-03-16 18:30:00
රවි ග්‍රහයා හෙවත් සූර්යයා මිථුන, කන්‍යා,ධනු,මීන රාශි වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. පුරාතනයේ සිටම මෙම කෝණ මාසවලදී නව නිවාස තැනීම ආරම්භ...
2023-03-09 18:30:00
බුධ 16 දා මීන රාශි ගත වන විට රවිද එහි පැමිණ සිටියි. ගුරු ග්‍රහයා තම ස්වක්ෂේත්ර බල සහිතව මීනයේ ය. බුධට නීච රාශිය මීනයයි. ගුරු මීනයේ බැවින් බුධ...
2023-03-09 18:30:00
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවා ද. එහෙත් ඒ මහඟු ගුණ...
2023-03-02 18:30:00
විවාහය යනු ජීවිත කාලය පුරාම ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර, ඇතිකරන උතුම් බැඳීමක් වේ. තම පරපුර පවත්වාගෙන යාම සඳහා දරුවන් බිහිකිරීම සඳහා සදාචාරාත්මක...
2023-02-23 18:30:00
උත්තරායනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි 20 භාග මැදින් මහේ පුර තෙළෙස්වක තිථිය සෙනසුරු හිමි පුෂ නැකත සෙනසුරු හිමි කුම්භ රාශිය මාර්තු 04 වැනි ශනි දින...
2023-02-16 18:30:00
සිද්ධි යෝගය - ගුරු හංස යෝගය සහ මාලවි යෝගයද සහිත මෙම සුබ නැකත 2023 මාර්තු 03 සිකුරාදා යෙදේ. මෙමඟින් අකුරු කියවීමට ප්‍රධාන වශයෙන් සුබවන්නේ මිථුන, කන්...
2023-02-09 18:30:00
2023 ජනවාරි මස 23 සඳුදාපෙ.ව. 5.54, 5.18 , 6.24, 6.54, 07.06, 7.1811.33, 11.54, ප.ව. 12.02, 12.27 සුබ දිශාව - නැඟෙනහිර2023 ජනවාරි මස 24...
2023-01-19 18:30:00
ජනේරුවට අරක් ගත් දෙවියකු ලෙස සලකනු ලබන ජානුස් දෙවියා රෝම නිවෙස්හි බිහිදොරට අරක් ගත් දෙවියා ලෙස සලකමින් යමක් පටන් ගැන්ම එම දෙවියා තුළ යැයි විශ්වාස...
2023-01-12 18:30:00
පංචමහා පුරුෂ යෝග අතුරින් මිථුන-කන්‍යා-ධනු-මීන (ගුරු) හංස යෝගය, වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ට (ශනි) සස යෝගය උදාවෙයි. උත්තරායන සිසිර ඍතුවේ...
2023-01-12 18:30:00