වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 06 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ජූලි 5, 2023
ඉර උදාව - පෙ.ව. 06.00
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - දහවල් 01.48 - 03.23 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
ඉක්මන් කේන්ති යන ගතියකින් කටයුතු කරන දිනයකි. සිතේ චංචල බවක් ඇති කරයි. වෙහෙස ගෙනදෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. විවාහ ගිවිසුමකට කටයුතු සූදානමක් ඇති කර ගනී.
වෘෂභ
අඹුසැමි සුහදතාවයට කරුණු සැලසේ. ගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. අලුත් රැකියා හිමිකම් ඇති කරන දිනයකි. ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.
මිථුන
නිවෙසේ ආගමික සැලසුමකට සූදානමක් ඇති කර ගනී. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවක් සිදුකර ගන්නා දිනයකි.
කටක
අතමිට මුදල් ගැවසෙන දිනයකි. එහෙත් තමා සතු දෙයක් නැති වීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර ප්‍රභූ අය හා ඇසුරට කටයුතු උදාකරන දිනයකි.
සිංහ
සිතේ සතුටට කරුණු උදාකරන දිනයකි. නිතර තම රූපාලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අඹුසැමි සිත් නොහොඳකමක් ඇති කරන දිනයක් වන අතර, පවුලේ වගකීමක් තමා පිට පැවරෙන බවක් ද පෙන්නුම් කරයි.
කන්‍යා
නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදාකරයි. පවුලේ අය පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ.
තුලා
නිතර ඇවිදිලි වැඩිකරයි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන දිනයකි. රැකියාවේ කටයුතු පිළිබඳ දුරදිග සිතා බලන්න. වරින් වර ඇති කරන හිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
වෘශ්චික
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. අලුත් රැකියා අපේක්ෂිතයන්ට සුබදායක බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියාවක් පිළිබඳ වෙහෙසීම් ඇති කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.
ධනු
සහෝදර බැඳීම්වලට බාධාගෙනදෙන දිනයකි. වැරැදි වැටහීමක් දුරදිග යන බවක් පෙන්වයි. පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් දැරීමට සිදුවෙයි. අලුත් හිතවත්කම්වලට මුල පිරෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ.
මකර
ගේ දොර කටයුතු පිළිබඳ අපිළිවලක් ඇති කරයි. නිතර දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සතුරු කරදරයක් පැවැතියේ නම් ඒවා මඟහැරී යයි. මුත්‍රා අමාරුවක් වැනි දෙයකින් සුළු සුළු අමාරුකම් ඇති කරයි.
කුම්භ
සිතේ සතුට අඩුව යන දිනයකි. නිතර කරදර සිත්තැවුල්වලට මුහුණපෑමට සිදුවෙයි. ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරයි. ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. දුර ගමනක් යෙදීමට ඉඩ ඇත.
මීන
අමතර වියදම් බහුල කරයි. පවුලේ කටයුතු කීපයක් මඟහැරී යන දිනයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා ඇසුරු කරන අය සමඟ පරිස්සමින් කටයුතු කරන්න. විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප යන නැකැතකුත් සහ 2,7,12 යන තිථියකුත්, කුජ,ශනි, රිවි යන දිනයකුත් සම්බන්ධ වීමෙන් ඉතා දුර්ලභ බලගතු ත්...
2023-04-20 18:30:00
බක්මහ වසන්ත සැණකෙළිය අදයිරවි මේෂයේ උච්ච වෙයි බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යයි ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක් පෞද්ගලික ව්‍යාපාර...
2023-04-13 18:30:00
අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද...
2023-04-06 18:30:00
ව්‍යාපාර ක්ෂේත්රයට හොඳ කාලයක් උදාවේඅධ්යාපනයේ පවතින ඌනතා අවම කෙරේසෞඛ්ය අංශයේ දියුණුවක් වසරේ පළමු සූර්ය ග්‍රහණය සුබ නැකැත් ග්‍රහ මාරු සමඟ බක්...
2023-04-06 18:30:00
කුජ-ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි ගුරු බුධ ශුක්‍ර සංයෝගය පංච මහා පුරුෂ යෝග බලයෙන් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි සතරට සස යෝග බලයද ආශ්‍රිතව ඥානකාරක බුධ...
2023-03-30 18:30:00
අවබෝධ ඥානයෙන් කටයුතු කළ යුතු කාලයක්දැහැමි දිවියකට පත්වීම සුබදායක වෙයිදුර දිග බලා තීන්දු තීරණ ගත යුතුයිඋෂ්ණ රෝග සමාජයේ පැතිරිය හැකි කාලයක්ජලජ ප්...
2023-03-16 18:30:00
රවි ග්‍රහයා හෙවත් සූර්යයා මිථුන, කන්‍යා,ධනු,මීන රාශි වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. පුරාතනයේ සිටම මෙම කෝණ මාසවලදී නව නිවාස තැනීම ආරම්භ...
2023-03-09 18:30:00
බුධ 16 දා මීන රාශි ගත වන විට රවිද එහි පැමිණ සිටියි. ගුරු ග්‍රහයා තම ස්වක්ෂේත්ර බල සහිතව මීනයේ ය. බුධට නීච රාශිය මීනයයි. ගුරු මීනයේ බැවින් බුධ...
2023-03-09 18:30:00
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවා ද. එහෙත් ඒ මහඟු ගුණ...
2023-03-02 18:30:00
විවාහය යනු ජීවිත කාලය පුරාම ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර, ඇතිකරන උතුම් බැඳීමක් වේ. තම පරපුර පවත්වාගෙන යාම සඳහා දරුවන් බිහිකිරීම සඳහා සදාචාරාත්මක...
2023-02-23 18:30:00
උත්තරායනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි 20 භාග මැදින් මහේ පුර තෙළෙස්වක තිථිය සෙනසුරු හිමි පුෂ නැකත සෙනසුරු හිමි කුම්භ රාශිය මාර්තු 04 වැනි ශනි දින...
2023-02-16 18:30:00
සිද්ධි යෝගය - ගුරු හංස යෝගය සහ මාලවි යෝගයද සහිත මෙම සුබ නැකත 2023 මාර්තු 03 සිකුරාදා යෙදේ. මෙමඟින් අකුරු කියවීමට ප්‍රධාන වශයෙන් සුබවන්නේ මිථුන, කන්...
2023-02-09 18:30:00
2023 ජනවාරි මස 23 සඳුදාපෙ.ව. 5.54, 5.18 , 6.24, 6.54, 07.06, 7.1811.33, 11.54, ප.ව. 12.02, 12.27 සුබ දිශාව - නැඟෙනහිර2023 ජනවාරි මස 24...
2023-01-19 18:30:00
ජනේරුවට අරක් ගත් දෙවියකු ලෙස සලකනු ලබන ජානුස් දෙවියා රෝම නිවෙස්හි බිහිදොරට අරක් ගත් දෙවියා ලෙස සලකමින් යමක් පටන් ගැන්ම එම දෙවියා තුළ යැයි විශ්වාස...
2023-01-12 18:30:00
පංචමහා පුරුෂ යෝග අතුරින් මිථුන-කන්‍යා-ධනු-මීන (ගුරු) හංස යෝගය, වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ට (ශනි) සස යෝගය උදාවෙයි. උත්තරායන සිසිර ඍතුවේ...
2023-01-12 18:30:00