වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුලි 02 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජූලි 1, 2023
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - ප.ව. 04.56 - 06.30 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
අවුල් වියවුල් සහිත දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා ඇතිවේ. සිතේ ධෛර්යමත් බවකින් කටයුතු කිරීමට නොලැබෙනු ඇත. හදිසි මුදල් වියදමක්ද යෙදෙන බවක් පෙන්නුම් කරයි. බලාපොරොත්තු කඩවන දිනයකි. සෙම් අමාරුවක් නිසා පීඩා ඇතිවනු ඇත.
වෘෂභ
මිල මුදල් ලාභ ලැබෙන දිනයකි. හිත මිතුරන් ආශ්‍රයට ඉඩකඩ ලැබේ. තරග වාද විවාද වැනි දෙයට පි‍්‍රය කරයි. තම ගෞරවය වැඩිවන දියුණුවට කරුණු යෙදෙන දිනයකි.
මිථුන
ගෙදර දොර කටයුතුවල යම් සාර්ථක බවක් හේතුවෙන් හිතට සතුටක් ඇතිකරයි. සුළු සුළු ලාභ ලැබෙනු බවක් පෙනේ. බලාපොරොත්තු ඉටුවන අතර අදහස් ඉෂ්ටවීම නිසා සිතේ සතුටක් ඇතිවනු ඇත.
කටක
කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් ඇතිවන අතර විවාහය නිසා හෝ ප්‍රේම සම්බන්ධතාවක් නිසා සිතේ යම් කනස්සලු බවක් ඇති කරයි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමට හැකි වුවත් ඒවායින් සිතට පී‍්‍රතියක් ඇති නොවේ. රක්තවාත අමාරු නිසා පීඩා ඇති කරයි.
සිංහ
නින්දට බාධා වතුරෙන් පීඩා ගෙන දිය හැකි අතර ඉක්මන් කේන්තිය ගතියක් ඇතිවේ. සෑම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි. ඇසුරු කරන අයකු සමඟ හෝ නොදන්නා අයකු සමඟ මතභේද ආරවුල් ඇතිවිය හැකිය. පපුවේ සෙම ගතිය වැඩි දිනයකි.
කන්‍යා
හිතේ චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. මුදල් නැතිකම ගැන හිතේ කනස්සලු බවක් ඇති කරයි. මෙම දිනවල සතුරන් ඇතිවීමක් හෝ සතුරන් ඇතිවන අන්දමේ කතාබහක් ඇතිවේ. දියුණුවට ගන්නා උත්සාහයන් ව්‍යර්ථ වනු ඇත. මානසික වශයෙන් කලකිරීම් තත්ත්වයක් ද ඇති කරයි.
තුලා
තමා අතින් පාඩු සිදුවීමට කරුණු යෙදෙනු ඇත. තම තත්ත්වයට නොගැළපෙන කතා ඇසීමට සිදු වෙයි. ඉදිරි කටයුතුවලට මුදල් සෙවීමට උත්සාහ ගන්නා නමුත් ඒවා ඉටු නොවීමෙන් බලාපොරොත්තු කඩවයයි. විවාහ අයගේ සහකරු හෝ සහකාරියට සුළු අසනීප තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත.
වෘශ්චික
වංචාකාරී අදහස්, හිතේ හට ගන්නා අතර ප්‍රයෝගයෙන් හෝ තම සිතැඟි ඉටුකර ගැනීමට බලන කාලයකි. තම අදහස් අනුවම කටයුතු කිරීමට ද සිතයි. ගෙදර දොර පිරිසුදුව තබා ගැනීමට සිත් දෙනු ඇත. ඔළුවේ සෙම ගතියක්ද ඇතිවේ.
ධනු
ගෞරව සැලකිලි අඩුව යනු ඇත. අවනම්බු ලැබෙන දිනයකි. නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් ක්‍රියා කළ යුතු ය. විශේෂයෙන් ගනුදෙනු කිරීමේදී නොයෙක් වැරැදීම් මුළාවීම් සිදුවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
මකර
දියුණුවට කටයුතු සැලසේ. වාසනාවන්ත දිනයකි. පී‍්‍රතියෙන් කාලය ගත කිරීමට හැකි ඉඩ කඩ ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය සැනසීම හිමි කරයි. ස්ත්‍රී ආශ්‍රයට මඟ පෑදෙනු අතර වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අයට ලාභ හිමිකරයි. සමාජ ආශ්‍රයට ලැදි වෙයි.
කුම්භ
සාමාන්‍යයෙන් වාසනාවන්ත දවසක් වනු ඇත. සුළු සුළු වස්තු ලාභ මෙන්ම අන්සතු වස්තුවක් පවා ලැබෙන්නට ඉඩ තිබේ. මවගෙන් උපකාර ලැබෙන දිනයකි. ගෙදර බඩුමුට්ටු පිළිබඳ වෙනසක් කිරීමට සිතෙන හෝ කරන දවසක් වෙයි. උද්‍යෝගිමත්ව කටයුතු කරයි.
මීන
සිත් තැවුල් කනගාටු සහිත දිනයකි. උසස් අයගෙ දෝෂ දර්ශනයට ලක්වනු ඇත. තම ගෞරවය නම්බුව නැතිවන අන්දමේ කටයුතුවලට සිත ඇදී යයි. ගෙදර දොර අඩුපාඩු යෙදේ. ගෙදරින් පිටව වාසය කිරීමට පවා සිත්දෙනු ඇත. සෙම් අමාරු නිසා පීඩාකාරී වන අතර ආගම දහම පිළිබඳ කටයුතුවල නිරත වේ.
ඡ්‍යොතිෂවේදිනි ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
මේෂ ලග්නය වැඩ කටයුතුවල යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර...
2023-05-05 18:15:00
මෙම වසරේ පළමු සූර්ය ග්‍රහණය අපේ‍්‍රල් මස 20 වැනිදා සිදුවූ අතර එහි බලපෑම 2023.12.31 දක්වා බලපානු ඇත. එය කාලගුණ, දේශගුණ විපර්යාස මිනිස් සංහතියට මෙන්ම...
2023-05-04 18:30:00
කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප යන නැකැතකුත් සහ 2,7,12 යන තිථියකුත්, කුජ,ශනි, රිවි යන දිනයකුත් සම්බන්ධ වීමෙන් ඉතා දුර්ලභ බලගතු ත්...
2023-04-20 18:30:00
බක්මහ වසන්ත සැණකෙළිය අදයිරවි මේෂයේ උච්ච වෙයි බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යයි ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක් පෞද්ගලික ව්‍යාපාර...
2023-04-13 18:30:00
අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද...
2023-04-06 18:30:00
ව්‍යාපාර ක්ෂේත්රයට හොඳ කාලයක් උදාවේඅධ්යාපනයේ පවතින ඌනතා අවම කෙරේසෞඛ්ය අංශයේ දියුණුවක් වසරේ පළමු සූර්ය ග්‍රහණය සුබ නැකැත් ග්‍රහ මාරු සමඟ බක්...
2023-04-06 18:30:00
කුජ-ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි ගුරු බුධ ශුක්‍ර සංයෝගය පංච මහා පුරුෂ යෝග බලයෙන් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි සතරට සස යෝග බලයද ආශ්‍රිතව ඥානකාරක බුධ...
2023-03-30 18:30:00
අවබෝධ ඥානයෙන් කටයුතු කළ යුතු කාලයක්දැහැමි දිවියකට පත්වීම සුබදායක වෙයිදුර දිග බලා තීන්දු තීරණ ගත යුතුයිඋෂ්ණ රෝග සමාජයේ පැතිරිය හැකි කාලයක්ජලජ ප්...
2023-03-16 18:30:00
රවි ග්‍රහයා හෙවත් සූර්යයා මිථුන, කන්‍යා,ධනු,මීන රාශි වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. පුරාතනයේ සිටම මෙම කෝණ මාසවලදී නව නිවාස තැනීම ආරම්භ...
2023-03-09 18:30:00
බුධ 16 දා මීන රාශි ගත වන විට රවිද එහි පැමිණ සිටියි. ගුරු ග්‍රහයා තම ස්වක්ෂේත්ර බල සහිතව මීනයේ ය. බුධට නීච රාශිය මීනයයි. ගුරු මීනයේ බැවින් බුධ...
2023-03-09 18:30:00
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවා ද. එහෙත් ඒ මහඟු ගුණ...
2023-03-02 18:30:00
විවාහය යනු ජීවිත කාලය පුරාම ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර, ඇතිකරන උතුම් බැඳීමක් වේ. තම පරපුර පවත්වාගෙන යාම සඳහා දරුවන් බිහිකිරීම සඳහා සදාචාරාත්මක...
2023-02-23 18:30:00
උත්තරායනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි 20 භාග මැදින් මහේ පුර තෙළෙස්වක තිථිය සෙනසුරු හිමි පුෂ නැකත සෙනසුරු හිමි කුම්භ රාශිය මාර්තු 04 වැනි ශනි දින...
2023-02-16 18:30:00
සිද්ධි යෝගය - ගුරු හංස යෝගය සහ මාලවි යෝගයද සහිත මෙම සුබ නැකත 2023 මාර්තු 03 සිකුරාදා යෙදේ. මෙමඟින් අකුරු කියවීමට ප්‍රධාන වශයෙන් සුබවන්නේ මිථුන, කන්...
2023-02-09 18:30:00
2023 ජනවාරි මස 23 සඳුදාපෙ.ව. 5.54, 5.18 , 6.24, 6.54, 07.06, 7.1811.33, 11.54, ප.ව. 12.02, 12.27 සුබ දිශාව - නැඟෙනහිර2023 ජනවාරි මස 24...
2023-01-19 18:30:00