වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුලි 01 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 30, 2023
ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - පෙ.ව. 09.06 - 10.41 දක්වා
සුබ දිශාව - උතුර
මේෂ
නියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින් බාධා ඇතිවේ. කරදර සහිත දවසකි. සිතට සැකයක් ඇතිව සෑම දෙයක්ම කරන්නට සිදුවේ. ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවිය හැකිය.
වෘෂභ
සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන දිනයකි. පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර ආගමික කටයුත්තකට සහභාගිවීමටද ලැබෙනු ඇත. විනෝදයට සිත ඇදී යයි. මුත්‍රා අමාරුවක් වැනි දෙයකින් සුළුවෙන් හෝ ආබාධයක් ඇතිවේ.
මිථුන
මහන්සි වී යම් වැඩක් කිරීමට සිදුවනු ඇත. පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. සතුරු කරදර පැවතියේ නම් ඒවා පහළ වැටේ. සිතේ චංචල ගතියක්ද ඇතිවනු ඇත.
කටක
සිතේ සතුට අඩුව යන දිනයකි. බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත. ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා පැන නැඟීම නිසා හිතට දුක් සහිත ගතියක් ඇති කරයි. බාහිර කරදර පවා ඇතිවනු ඇත. අජීර්ණ රෝගවලටද හේතු ඇතිවේ.
සිංහ
කරදර, සිත්තැවුල් මෙන්ම වැඩකටයුතුවලට බාධා ගෙන දෙනු දිනයකි. සැකසහිතව කටයුතු කරනු ඇත. අධික වියදමක් දැරීමට සිදුවන අතර කරගෙන එන කටයුතුවලට බාධාවීමක් හෝ ප්‍රමාදයක් පෙන්නුම් කරයි. හිතවතකුගෙන් ත්‍යාගයක් ලැබීමටද ඉඩ ඇත. පපුවේ පෙණහලුවල අමාරු ඇතිවීමටද පුළුවන.
කන්‍යා
මිත්‍ර ආශ්‍රයක් හෝ අමුත්තකුගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි දිනයකි. අතමිට මිල මුදල් හිඟවීම නිසා හුදකලාව තමාගේ පාඩුවේ කල්පනා කරමින් සිටීමට පෙලඹෙන අවස්ථාවන්ද ඇතිවේ. ධෛර්යවත්ව වැඩ කිරීමට සිතුවත් එය එසේ කිරීමට අපහසු වනු ඇත. බාධාවන් පැමිණේ.
තුලා
වියදම් අධික කරයි. මුදල් හානි ගෙන දෙන කාලයකි. තමා කෙරෙහි අන් අය අතර පැවති ගෞරවය පිළිගැනීම අඩුවයයි. දියුණුවට ඇති මාර්ගවලට බාධා ප්‍රමාදවීම් ගෙනදෙනු ඇත.
වෘශ්චික
හිතේ සතුටට කරුණු යෙදුණත් එය පවතින්නේ ස්වල්ප වේලාවකි. කෑමක් බීමක් පිළිබඳව අමුත්තක් සිදුවිය හැකියි. සුළු සුළු ලාභ ලැබීමටද හැකි දිනයකි. පෞද්ගලික කටයුතුවලට හිත ඇදී යයි. සිතේ චංචල බව නිසා අරමුණකින් තොරව කටයුතු කරනු ඇත.
ධනු
කරගෙන යන කටයුතු කැඩී බිඳී යාමට හෝ ප්‍රමාදවීමට පාඩු සිදු වීමට ඉඩ ඇති දිනයකි. අලාභ හානියක් හෝ නැතිවීමක්ද සිදු විය හැකියි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන බවක් පෙන්නුම් කරයි.
මකර
ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කරුණු යෙදෙනු ඇත. ගෙදර දොර සැප පහසුව ඇති කරයි. මිල මුදල් ලැබීම් යහපත්වේ. අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබෙනු ඇත. සමාජ ආශ්‍රයට යොමු වන අතර සමාජයද ඔබට පි‍්‍රය කරයි.
කුම්භ
දියුණුව ඇතිවන අතර බලාපොරොත්තු ඉටුවේ. මිල මුදල් ලාභ, රසවත් ආහාරපාන ලැබීමටත් යහපත් දිනයකි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද දියුණුවට පත්වේ. සිතේ සැනසිලිදායක තත්ත්වයක් ඇතිවනු ඇත.
මීන
ආරවුල් මතුවිය හැකි බැවින් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. දුර ගමනක් යාමට හෝ පිට පළාතක සිටින අයෙක් ගැන මතකයට එයි. සිත් තැවුල් කනගාටු ඇතිවීමටද කරුණු යෙදෙනු ඇත. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සත්කාම ධෙනු යෝගය - කටක, කන්‍යා, වෘශ්චික, මීනරුචක මහා පුරුෂ යෝගය - මේෂ, කටක, තුලා, මකරමාලවි මහා පුරුෂ යෝගය - මීන, මිථුන, කන්‍යා, ධනුසස මහා පුරුෂ යෝගය...
2021-03-18 18:30:00
කුජ තලාව මනාව උස්ව පිහිටා තිබීම වඩාත් වාසනාවන්ත පිහිටීමක් ලෙස සැලකේ. අත්ලේ මැද පිහිටි කුජ තලාව වඩාත් නොඋස්ව පිහිටීම දුර්වල ආර්ථික තත්වයක් මෙන්ම...
2021-03-18 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරේ සෙනසුරුගෙන් උපදින සස යෝගය අනෙක් යෝගවල ගති ගුණ වලට වඩා තරමක් අමුතු ස්වරූපයක් ගනී. සස යෝගය ලබා උපන්නෝ දැසි දසුන් පිරිවැරූ...
2021-03-18 18:30:00
විශ්ව කේන්ද්‍රය නොහොත් මේෂ ලග්නයේ අයස්ථාන ගතවන ගුරු ලංකා කේන්ද්‍රයේ ලග්නගත වීම සුවිශේෂී ග්‍රහ මාරුවක් වශයෙන් සඳහන් කළ හැක. යුක්තිය පසදින්නා,...
2021-03-18 18:30:00
චන්ද්‍ර මංගල , ශනි මංගල ගජකේශරීනීච භංග සත්කලත්‍ර යෝග බලය පවතීකාලගුණික, දේශගුණික විෂමතාවන්චරිතවත් කුලකතකට කීර්තියසාමය මුවහත් කරළීමේ මාර්ග බහුල...
2021-03-11 18:30:00
පුද්ගලික ව්‍යාපාර වැඩි දියුණුවටභාණ්ඩ මිල පහතටරාජ්ය භාණ්ඩාගාරයේ ප්රගතියක්සේවක සුබසාධනය ඉදිරියටසංචාරක ව්‍යාපාරයේ ප්රවර්ධනයක්දේශීය කර්මාන්ත සංවර්ධනයට...
2021-03-04 18:30:00
අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්ෂේත්රවල වෙනස්කම් රැසක් චන්ද්‍ර ශුක්‍ර - රවි චන්ද්‍ර සහ කුජශනි ත්‍රිකෝණ දෘෂ්ඨිය රවි, කුජ, කුජ, ශුක්‍ර චතුර්කෝණ දෘෂ්ඨිය, රවි...
2021-02-11 18:30:00
බලයෙන් පරිපූර්ණ ග්‍රහයකු යහපත් ග්‍රහ දෘෂ්ඨීන් වලින් පරපෝෂිතව ශුභ දාෂ්ටි ලබා දෙමින් අටවැන්නේ තැන්පත් වූයේ නම් ද එම ග්‍රහයන් රාශි බලයෙන් යුක්ත වූයේ නම්...
2021-02-04 18:30:00
වසරකට වරක් ශනි හිමි කුම්භ රාශියට හිරුගේ පැමිණීම සිදුවන අතර, 2021 පෙබරවාරි 12 වෙනි සිකුරාදා සත්තිස් පැය, සත්තිස් විනාඩියට හිරුගේ කුම්භ රාශි සංක්...
2021-02-04 18:30:00
බොහෝ විට අපගේ මෙලොව ජීවිතයේ වාසනාව උදාවන්නේ පෙර කරන ලද කුසල් අනුවය.එම වාසනාව අපගේ ජන්ම පත්‍රයේ සටහන්ව තිබේ. පහත දැක්වෙන්නේ එබඳු වාසනාවන්ත ග්‍රහ...
2021-01-28 18:30:00
රවි, බුධ ආදිත්‍ය, ගුරු, ශනි, බුධ ශුක්‍ර, නීච භංග, පාපකර්තරී, අර්ධ කාලසර්ප, යෝග රැල්ල ආශි‍්‍රත පංච මහා ග්‍රහයෝග රැසක්ශනි චන්ද්‍ර, රවි චන්ද්‍ර, ගුරු...
2021-01-28 18:30:00
ජනවාරි 22 දා සිට 28 දක්වා22 ශු – උදේ 07.23 සිට උදේ 07.37 දක්වා23 ශ – උදේ 06.25 සිට උදේ 06.54 දක්වා24 ර - උදේ 08.01 සිට උදේ 08.22 දක්වා25 ච -දහවල් 10....
2021-01-21 18:30:00
15 ශු උදේ 08.53 සිට උදේ 09.15 දක්වා16 ශ උදේ 06.27 සිට උදේ 06.56 දක්වා17 ර දහවල් 12.22 සිට දහවල් 12.51 දක්වා18 ච උදේ 08.53 සිට උදේ 09.15 දක්වා19 කු...
2021-01-14 18:30:00
ධන ලාභ ගෙන දෙන මෘතපංචකය අනුව ලාභවෘද්ධි පංචකයට අයත් නව නිවාස ආරම්භ කිරීමට මෙන්ම සියලුම නිවාස කටයුතු කිරීමට සහ වෙනත් කටයුතුවලට ද ඉතා සුබ දායක ප්‍රබල...
2021-01-07 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද, සුබ කටයුතු ආරම්භයට සුදුසුයි.18 ශු උදේ 07.14...
2020-12-17 18:30:00
2021 හි පළමු මාසය වන ජනවාරි මාසයේ ගොවිතැන් කටයුතු සදහා උදා වන සුබ වේලාවන් 08 වෙනි සිකුරාදාඋදේ 07.25 ට උතුර බලා කප්පාදු කර නැවත පලදාව ලබාගත හැකි...
2020-12-10 18:30:00