තෙදැති බලැති සූර්ය දිව්‍ය රාජයා මීන රාශියට සංක්‍රමණය වේ

මාර්තු 12, 2021

චන්ද්‍ර මංගල , ශනි මංගල ගජකේශරී

නීච භංග සත්කලත්‍ර යෝග බලය පවතී

කාලගුණික, දේශගුණික විෂමතාවන්

චරිතවත් කුලකතකට කීර්තිය

සාමය මුවහත් කරළීමේ මාර්ග බහුල කෙරෙයි

ඉතා සුබදායක සරස්වතී යෝගයක්

2021 මාර්තු මස 19 වෙනි කිවි දින උදේ 06.22 ට

උතුර බලා අකුරු කියවීම යහපති.

කුජ චන්ද්‍ර,ශනි චන්ද්‍ර,ෂඩ් කෝණ දෘෂ්ඨිය , ගුරු ශනි ,රවි චන්ද්‍ර, බුධ ශුක්‍ර සංයෝගය , පුවපුටුප 04 උත්‍රපුටුප, 01,02,03,04 රේවතී 01,02,03,04 පාද 9 ගුරු ශනි බුධ ග්‍රහයන් හිමිව අපි‍්‍රයෙල් 14 මැදියම් රැය දක්වා මීන රාශිය කටක නවාංශකය , පුවපුටුප 04 පාදය ආශි‍්‍රත උත්තරායනය, වසන්ත ඍතුවෙහි මැදින් මහේ පුර පෑලවිය තිථියලත් කුම්භ රවි 30 භාග මාර්තු 14 රිවි දින පස්වරු 06.03 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ගේ මීන රාශියට සූර්ය දිව්‍ය රාජයානෝ කෝණ මාසය උදාකරලමින් සංක්‍රමණය වෙන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි සිංහ රාශි ශ්‍රී ලාංකේය ජනරජ කේන්දර රාශියට සමගාමිව කේතු ග්‍රහයා උච්ච ක්ෂේත්‍රව 04 වැන්නේද ප්ලූටෝ මිත්‍රශීලිව 05 වැන්නේ ද ගුරු නීචව ශනි ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව 06 වැන්නේද බුධ නැප්චූන් සමවද සිකුරු මිත්‍රශීලිව 07 වැන්නේද චන්ද්‍ර සමව රවි මිත්‍රශීලිව 08 වැන්නේද යුරේනස් සමව 09 වැන්නේද අඟහරු සමව රාහු උච්ච ක්ෂේත්‍රව ග්‍රහ සංකලනය වේ.

චන්ද්‍ර මංගල ශනි මංගල ගජකේශරී නීචභංග සත් කලත්‍ර යෝග බලැතිව රවි මීන රාශි සංක්‍රමණය ශුභවාදි ග්‍රහචාර ග්‍රහ පිහිටීම් ජම්මරාශි කේන්දර ග්‍රහසටහන් ශුභවාදී බවටද කාලසර්ප යෝගය සහ සර්පශාපදෝෂ අශුභවාදී බවටද පාත්‍රවෙනු ඇත.

අඩුවැඩි පීඩනය සීමිතවූ වායුගෝලීය ගැටුමකි. කාලගුණික දේශගුණික විෂමතාවයන් මත කඳුකඩා වැටීම්, භූකම්පා, නාය යෑම්, ගිලා බැසීම් , අකුණුගැසීම්, ගංවතුර ගැලීම්, කුණාටු, චණ්ඩ මාරුත දෙස් විදෙස්හි නිර්මාණය වීයාමේ ප්‍රවණතාවයක් ග්‍රහ ගමන් මගෙන් දර්ශනය වෙයි. චරිතවත් කුල කතකට කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය අතුරු අනතුරු බලපානු පෙනී යයි. සාමය මුවහත් කරළීමේ මාර්ග බහුල කෙරෙයි. රැකිරක්ෂා ආදායම් මාර්ග කෙරෙහි මහජනතාවට හිතකර බවක් රාජ්‍ය තාන්ත්‍රිකයන් උදාකරවනු ඇත. චිරං ජයතු!

 

උක් සකුරු, කිරිබත්, කැවිලි, පලතුරු , සමන්පිච්ච මල්, බෙලිකොළ, ගිතෙල් පහනක් , ඉදුණු කෙසෙල් ගෙඩි, මී පැණි මේවා සරස්වතී දේවියට පුදා මේ ගාථාව 7 වර බැගින් කියා අකුරු කියවීම යහපති.

සරස්වතී මහා දේවී – වීණා පුස්තක ධාරණී

හංස වාහන සමායුක්තං – විද්‍යා ධානං කුරුං මම

ශක්ති ධානං කුරුං මම

මෙම සරස්වතී යෝගයට කවියක් මොහොර්ති චින්තාමණියේ මෙසේ දක්වා ඇත.

සියතුඟු රැස් සිටියත් ග්‍රහයකුගේ

සියදින හෝරා ලත් කල ඔහුගේ

විය සරසවි මෙලෙසින් සත් යෝගේ

කියවිය කවුරුත් නොනුවනු නොනැඟේ

ඉහත කී කවියේ සඳහන් කළ පරිදි සිකුරුගේ තම උච්ච රාශිය වන මීන ලග්නයට සිකුරු පැමිණීම සිකුරාදා දිනය උදාවීම සිකුරුගේ තත්කාල හෝරාවේ සිකුරුගේ පංචම කාල හෝරාව යෙදීම ආදි කරුණු සියල්ලෙන් සමන්විතව මේ නැකත අංග සම්පූර්ණ වී ඇත.

මේ අවස්ථාවට දරුවා වාඩි කරවා පන්සිල් සමාදන් වී දෙවියන්ට පින් දී ඉහත ගාථාව 7 වරක් කියවා පූජාව කර අකුරු කියවීම ආරම්භ කරන්න.

දරුවා නාවා පිරිසුදු කර සුදුවතින් සැරසී අකුරු කියවන ස්ථානයේ වාඩි කරන්න. දරුවා කැමැති කෙනෙකු ගෙන්වා ගෙන ඒ සඳහා අකුරු කියවීම යහපති. මේ වෙලාවට අකුරු කියවීමෙන් පඬිවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු, කාව්‍ය විශාරදයන්, ග්‍රන්ථ කර්තෘවර්න් බිහිවන යෝගයකි.

මෙම යෝගයෙන් අකුරු කියවීම තුළින් ඉහත කී බුද්ධිමතුන් බිහිවන බව කිව හැකිය. මේ නැකැත් හිමි අයට විශේෂයෙන් ගුණදායක බව කිව හැකිය.

පුවපල්, බෙරණ, පුවසල, දෙට, රේවතී, අස්ලිස, පුනාවස, විසා, පුවපුටුප , කැති, උත්‍රපල්, උත්‍රසල, සිත, මුවසිරස , දෙනට

එම නිසා සුබසෙත පාඨකයන් මේ නැකත ප්‍රයෝජනයට ගැනීමට උත්කෘෂ්ඨ වේවා!

 

ඡ්‍යොතිෂවේදී

මහතුං ජාතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.