බුධ - සිකුරු සුබ ගමනේ

ජනවාරි 29, 2021

රවි, බුධ ආදිත්‍ය, ගුරු, ශනි, බුධ ශුක්‍ර, නීච භංග, පාපකර්තරී, අර්ධ කාලසර්ප, යෝග රැල්ල ආශි‍්‍රත පංච මහා ග්‍රහයෝග රැසක්

ශනි චන්ද්‍ර, රවි චන්ද්‍ර, ගුරු චන්ද්‍ර, බුධ චන්ද්‍ර, කුජ ශනි ත්‍රිකෝණ දෘෂ්ටිය, කුජ චන්ද්‍ර සප්තම දෘෂ්ටිය, මකර , රාශිය කන්‍යා නවාංශකය, දෙනට 02 පාදය, මූලාශ්‍රයව උත්තරායනය, ශිශිර ඍතුවේ මකර රවි 22 භාගවූ දුරුතු මහේ අව අටවක තිථිය ලත් පෙබරවාරි මස 04 වෙනි ගුරු දින රාත්‍රී 10.56 ට මකර රාශි ගතවෙන ඤාණකාරක බුධගේ සංක්‍රමණයෙන් විස්මිත ක්‍රමෝපායන් විශ්වය පුරාවට විශ්ව මන්ද්‍රකිණිය උදා කරවන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි උදාවන්නාවු සෙනසුරු හිමි මකර රාශි අධිවේගී ග්‍රහ ගමන් මඟ මෙසේය. රවි සතුරුවු වක්‍ර බුධ සමවද ගුරු නීඡවද ශනි ස්වක්ෂේත්‍රවද සිකුරු මිත්‍රශීලිවද යෙදී අති ප්‍රබල පංච මහා ග්‍රහයෝගය ලග්නගතව ද නැප්චූන් සමව 02 වැන්නවූ ධනස්ථානගතව ද අඟහරු මූල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව යුරේනස් සමව 04 වැන්නේ ද උච්ච ක්ෂේත්‍ර රාහු 05 වැන්නේ ද නීච ක්ෂේත්‍ර චන්ද්‍රයා 10 වැන්නවූ කර්මස්ථානගතව ද කේතු උච්ච ක්ෂේත්‍රව අයස්ථානය වූ 11 වැන්නේද ප්ලූටෝ මිත්‍රශීලිව 12 වැන්නවූ වැය ස්ථානගතව ද නිර්මාණය වන්නේය.

ශ්‍රී ලංකේය අභිමානය ගරා වැටුන පසුබිමෙන් මුදා ප්‍රධාන ජීවන වෘත්තිය ලෙස පැවතුන කෘෂිකාර්මික දැවැන්ත මෙහෙයුමට ධනය, බලය, යොදා 1948.02.04 සිට 1950 දශකයේ මැද භාගය දක්වා ජනපද ව්‍යාපාර සමාරම්භය ඩී.එස්.සේනානායක මහාමාත්‍යතුමාගේ පුනර්ජීවනය අනුස්මරණ 2021.02.04 දිනට 73 වසරක් ගෙවී යන දවසයි. ත්‍රිසිංහලය පුරාවට නිදහස් කුම්භ රාශි සටහනට සමගාමීව 2021 වසර පුරාවට මඟ හැරුණ කෘෂිකර්මාන්තයට දැඩි මුවහත් බවකින් සක්‍රිය වෙනු ලබන ඤාණකාරක බුධ පංච මහා ග්‍රහ යෝගයක් උදාකරලීමේ පරම පිවිතුරු අභිමතාර්ථයන් මුදුන් පත්වි යාමේ පූර්ව නිමිත්තයි.

ජාතික ධනය එක්රැස්වීම ත්‍රි සිංහලේ පොදු ජනතා අවධාරණයයි. පක්ෂ විපක්ෂ සමගි සාමගි‍්‍රයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා නව ගමන් මඟකට යොමු කෙරෙණ පෙබරවාරි 04 නිදහස් උදානය අතිශය විස්මිත විශිෂ්ටතම කෘෂිකාර්මික ජන ජීවිත ස්වයංපෝෂිත වී යාමකි. මෙකී චර්යා ධර්මතාවයන්ගෙන් පොදු ජනතාව යුක්තවීම සොබාදහම තුළින්ද සුරක්ෂිතව ශුභවාදිවී යාමෙකි.

 

ඡ්‍යොතිෂවේදී-කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

 

 

දිව්‍යමය සුබ මුහුර්ත

ජනවාරි 29 දා සිට පෙබරවාරි 04 දක්වා

 

29 ශු - උදේ 07.25 සිට උදේ 07.39 දක්වා

30 ශ - උදේ 06.27 සිට උදේ 06.56 දක්වා

31 ර - උදේ 08.03 සිට උදේ 08.24 දක්වා

01 ච - උදේ 08.53 සිට උදේ 09.15 දක්වා

02 කු - උදේ 06.27 සිට උදේ 06.56 දක්වා

03 බු - උදේ 07.25 සිට උදේ 07.39 දක්වා

04 ගු - උදේ 09.36 සිට උදේ 09.53 දක්වා

 

ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුබදායකයි.

 

චම්පිකා අඹුවන්ගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.