වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 28 බදාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 27, 2023
ඉර උදාව - 05.58
ඉර බැසීම - 6.29
රාහු කාලය - දහවල් 12.13 - 01.47 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස ආරම්භ වෙයි. වෙනදාට ලැබීම් අතින් ද යහපත් බවක් පෙන්නුම් කරයි. එහෙත් හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙනේ. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ.
වෘෂභ
පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි. පවුලේ භෝජන සංග්‍රහයකද සැලසුමක් ඇති කර ගනී. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන දිනයකි. විදෙස්ගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන දිනයක් බව පෙනේ. දුර ගමනක් වෙනුවෙන් අමතර කාලයක් මෙන්ම වියදමක්ද දැරීමට සිදුවේ.
කටක
ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවන දිනයකි. රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර දුරදිග බලා කටයුතු කරන්න. අමතර ලාභ හිමිකරන මාර්ගයකට වෙහෙසෙයි.
සිංහ
ගේ දොර අලංකාරය මෙන්ම තම අලංකාරය වෙනුවෙන්ද කාලය ශ්‍රමය කැප කරන දිනයකි. පවුලට අලුත් සාමාජිකයකු එක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි කීපයක් සැලසෙන දිනයකි.
කන්‍යා
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. නිතර ඇතිවන කොන්දේ අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්වේ.
තුලා
අමතර ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙන දිනයකි. වෙනදාට වඩා ඇවවිදිලි වැඩිකරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. පවුලේ වැඩිහිටියකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගන්නා කාලයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට හේතු යෙදේ.
වෘශ්චික
ගේ දොර අඩුපාඩුකම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවීමට ද ඉඩ ඇත. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර සම්බන්ධවීමට සිදුවන දිනයකි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් පැතීමට සිදුවෙයි.
ධනු
සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩිපුර සම්බන්ධවන දිනයකි. පවුලේ අය අතර හොඳ හිත දිනා ගැනීමට හේතු ඇති කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. පැවැති ගැටලු කීපයකින් තරමක් දුරට නිදහස් වීමට අවස්ථාව උදාකරයි.
මකර
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. නිතර ගේ දොර කටයුතුවලින් ඈත් වී සිටීමට හේතු යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.
කුම්භ
සිතේ සතුට ඇතිවන කරුණු කීපයක් යෙදෙන දිනයකි. එහෙත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට වෙහෙසීම් වැඩිකරයි. ආගමික කටයුතු කෙරෙහි වෙනදාට වඩා නැඹුරුවන අතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.
මීන
ගතට සිතට වෙහෙසීම් වැඩිකරන දිනයකි. මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේ දී කල්පනාකාරී වීම වැදගත් වේ. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
මේෂ ලග්නය වැඩ කටයුතුවල යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර...
2023-05-05 18:15:00
මෙම වසරේ පළමු සූර්ය ග්‍රහණය අපේ‍්‍රල් මස 20 වැනිදා සිදුවූ අතර එහි බලපෑම 2023.12.31 දක්වා බලපානු ඇත. එය කාලගුණ, දේශගුණ විපර්යාස මිනිස් සංහතියට මෙන්ම...
2023-05-04 18:30:00
කැති, උත්‍රපල්, උත්‍රසල, පුනාවස, විසා, පුවපුටුප යන නැකැතකුත් සහ 2,7,12 යන තිථියකුත්, කුජ,ශනි, රිවි යන දිනයකුත් සම්බන්ධ වීමෙන් ඉතා දුර්ලභ බලගතු ත්...
2023-04-20 18:30:00
බක්මහ වසන්ත සැණකෙළිය අදයිරවි මේෂයේ උච්ච වෙයි බාධක, අවහිරතා, දුෂ්කරතා මඟ හැරී යයි ජනතාවගේ ශ්‍රම දායකත්වයට නව පණක් පෞද්ගලික ව්‍යාපාර...
2023-04-13 18:30:00
අලුත් අවුරුද්දත් අත ළඟටම ඇවිල්ලා. අලුත් අවුරුද්ද ගැන ඔයාලාට මතක් කරන්නත් නැකත් ගැන කියන්නත් එලෙසම එයට සුදානම් වන ආකාරය ගැන කියන්නත් තමයි අද...
2023-04-06 18:30:00
ව්‍යාපාර ක්ෂේත්රයට හොඳ කාලයක් උදාවේඅධ්යාපනයේ පවතින ඌනතා අවම කෙරේසෞඛ්ය අංශයේ දියුණුවක් වසරේ පළමු සූර්ය ග්‍රහණය සුබ නැකැත් ග්‍රහ මාරු සමඟ බක්...
2023-04-06 18:30:00
කුජ-ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි ගුරු බුධ ශුක්‍ර සංයෝගය පංච මහා පුරුෂ යෝග බලයෙන් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන රාශි සතරට සස යෝග බලයද ආශ්‍රිතව ඥානකාරක බුධ...
2023-03-30 18:30:00
අවබෝධ ඥානයෙන් කටයුතු කළ යුතු කාලයක්දැහැමි දිවියකට පත්වීම සුබදායක වෙයිදුර දිග බලා තීන්දු තීරණ ගත යුතුයිඋෂ්ණ රෝග සමාජයේ පැතිරිය හැකි කාලයක්ජලජ ප්...
2023-03-16 18:30:00
රවි ග්‍රහයා හෙවත් සූර්යයා මිථුන, කන්‍යා,ධනු,මීන රාශි වල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. පුරාතනයේ සිටම මෙම කෝණ මාසවලදී නව නිවාස තැනීම ආරම්භ...
2023-03-09 18:30:00
බුධ 16 දා මීන රාශි ගත වන විට රවිද එහි පැමිණ සිටියි. ගුරු ග්‍රහයා තම ස්වක්ෂේත්ර බල සහිතව මීනයේ ය. බුධට නීච රාශිය මීනයයි. ගුරු මීනයේ බැවින් බුධ...
2023-03-09 18:30:00
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසාම දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවා ද. එහෙත් ඒ මහඟු ගුණ...
2023-03-02 18:30:00
විවාහය යනු ජීවිත කාලය පුරාම ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර, ඇතිකරන උතුම් බැඳීමක් වේ. තම පරපුර පවත්වාගෙන යාම සඳහා දරුවන් බිහිකිරීම සඳහා සදාචාරාත්මක...
2023-02-23 18:30:00
උත්තරායනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි 20 භාග මැදින් මහේ පුර තෙළෙස්වක තිථිය සෙනසුරු හිමි පුෂ නැකත සෙනසුරු හිමි කුම්භ රාශිය මාර්තු 04 වැනි ශනි දින...
2023-02-16 18:30:00
සිද්ධි යෝගය - ගුරු හංස යෝගය සහ මාලවි යෝගයද සහිත මෙම සුබ නැකත 2023 මාර්තු 03 සිකුරාදා යෙදේ. මෙමඟින් අකුරු කියවීමට ප්‍රධාන වශයෙන් සුබවන්නේ මිථුන, කන්...
2023-02-09 18:30:00
2023 ජනවාරි මස 23 සඳුදාපෙ.ව. 5.54, 5.18 , 6.24, 6.54, 07.06, 7.1811.33, 11.54, ප.ව. 12.02, 12.27 සුබ දිශාව - නැඟෙනහිර2023 ජනවාරි මස 24...
2023-01-19 18:30:00