වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 26 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 26, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - පෙ.ව. 07.31 සිට පෙ.ව. 09.05 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයක් වනු ඇත. බලාපොරොත්තු ඉටු නොවේ. සිත් තැවුල් ඇතිවන අතර, අධික වියදම් ධන හානි ඇති කරයි. රක්තවාත රෝග, බඩේ අජීර්ණ රෝගවලින් පීඩා ගෙන දෙන දිනයකි.
වෘෂභ
කරදර සිත්තැවුල් ඇති කරන දිනයකි. ඉක්මනින් කේන්ති යයි. සෑම දෙයක් ගැනම සැක සහිතව බලනු ඇත. වියදම් අධිකවේ. ඥාතියෙකු සමඟ හෝ ඇසුරු කරන අයකු සමඟ මතභේද ඇතිවන බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු ය.
මිථුන
සතුරන් නිසා කරදර ඇතිවිය හැකි දිනයකි. දියුණුව පිළිබඳ අදහසක් ඇතිවේ. කලකින් මුණ නොගැසුණ අයෙකු මුණ ගැසීම නිසා හිතට පී‍්‍රතියක් ඇතිකරයි. ත්‍යාග පවා ලැබිය හැකි දිනයකි.
කටක
වියදම් අධික වන දිනයකි. පලක් නැති දෙයට පවා වියදම් කරයි. තමා කෙරෙහි අන් අය අතර පැවති පිළිගැනීම ගෞරවය අඩුවේ. කරගෙන ආ කටයුතු ප්‍රමාද වීමට යම් යම් කරුණු යෙදේ. උත්සාහයෙන් යුතුව වැඩකළ යුතු දිනයකි.
සිංහ
එදිනෙදා කටයුතු පිළිවෙළට සකස්කර ගැනීමට සිදුවේ. කෑමක් පිළිබඳව අමුත්තක් ඇති කරයි. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. ලාබ ලැබෙන මාර්ග ගැන ද සිතයි. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටද බලයි.
කන්‍යා
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය. අන් අය හා ආශ්‍රය හා ගනුදෙනු කිරීම පිළිබඳවද කල්පනාකාරීව කළ යුතුය. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවනු ඇත. ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ. විදෙස් ගතවීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා යොමුවිය යුතු දිනයකි.
තුලා
ඇසුරු කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසෙනු ඇත. ගෙදර දොර සැප පහසුව සැලසේ. මෙතෙක් ලැබීමට ප්‍රමාදවෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. අලුත් පිරිසක් ඇසුරට ලැබේ. සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි.
වෘශ්චික
සුළු සුළු වස්තුලාභ ලැබේ. හොඳින් කාලය ගතවේ. තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයකි. ධෛර්යවන්තව කටයුතු කරනු ඇත.
ධනු
තම නම්බුව කෙලෙසන වැඩකට අත ගැසීමට සිත්දෙනු ඇත. මුදල් අතින් අගහිගකම් ඇතිවේ. උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටි අයකුගේ දෝෂාරෝපණයට ලක්වේ. ආමාශයේ ආබාධ ගතියක් ඇති කරයි.
මකර
නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ ධෛර්යමත්බව අඩුව යනු ඇත. හදිසි වියදම් සිත් තැවුල් වැනි දෙයින් සිතේ චංචල බවක් ඇතිවේ. ජලයෙන් පීඩා ඇතිවීමටද පුළුවන.
කුම්භ
හොඳ ආහාර පාන සැප පහසුව ලැබෙන දිනයකි. මිතුරන් සමඟ විනෝදවීමටද ගමන් බිමන් යාමටද හැකිවේ. ගෞරවය වැඩිවන අතර දියුණුවද ඇතිවේ.
මීන
පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. අදහස් ඉෂ්ඨ වේ. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන දිනයකි. අසනීප තත්ත්වයක් ගැන කතා කිරීමට ද සිදුවේ.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සඳු, කුජ සහ ශනි සංයෝගවී මේෂ සහ වෘෂභ රාශිවල පිහිටීම මෙන්ම සඳු පාපකර්තරීව ලග්නයේ පිහිටීම නිසාද ජන්මියා සුදුකබර රෝගයට ගොදුරු විය හැකිය. ශරීරයේ පිටත...
2019-08-01 18:30:00
ලග්න රැසකට සුබ ඵලමේෂ, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබ පල උදා වන අතරඔවුන්ගේ සිතුම් පැතුම් ඉටුවනු ඇත.ග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා,...
2019-08-01 18:30:00
කාන්තා අභිවෘද්ධියට පියවරග්රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයා තමාට සතුරු රාශිභවනක් වූ රවිට අයත් සිංහ රාශියට 2019 අගෝස්තු මස 16 වන කිවි දින රාත්‍රී 8...
2019-08-01 18:30:00
මෙහෙම ආරම්භයක් ගත්තට කලබල වන්ට හොඳ නැහැ. පොරොන්දම කිව්වේ ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේ විවාහය ගැන පරික්ෂාවක් බව දන්නවනේ. සමහර විවාහක අය ජීවත්වනවා හැමදාම...
2019-07-25 18:30:00
සිකුරු ,සෙනසුරු සහ චන්ද්‍ර බුධ සප්තම දෘෂ්ඨියෙන්ද ලග්නාධිපති මෙන්ම 06 වැන්න වූ රෝග සතුරු ස්ථානාධිපති සිකුරු සමව මිත්රශීලිවූ රාහු සමඟ 02 වැන්නා වූ...
2019-07-25 18:30:00
ඉහත විභාග පරීක්ෂණ කටයුතු ආරම්භය අගෝස්තු මස 05 වැනි සඳුදා දිනයේ සිට අගෝස්තු මස 31 වැනි සෙනසුරාදා දක්වා වේ. අගෝස්තු 05 වැනිදා සිට අගෝස්තු 22 දින දක්වාම...
2019-07-18 18:30:00
විවාහය සඳහා පොරොන්දම් ගැළපීම පමණක් ප්‍රමාණවත් නොවන බව බොහෝ දෙනෙකු මේ වන විට දැනුවත් වී ඇති අතර ග්‍රහ පිහිටීම් ගැනද සොයා බැලීම දක්නට ලැබේ. පොදුවේ...
2019-07-18 18:30:00
සතියේ යෙදෙන සුබ මුහුර්තය ණයට දීමටශුභ දිනය - 2019 ජූලි 19 වන කිවි දිනශුභ වේලාව - උදේ 06.08ශුභ දිශාව - ඊසාන බලාඔබ උපන් නැකත බෙරණ, පුවසල, පුවපල්, රෙහෙන...
2019-07-18 18:30:00
ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට මිත්‍ර රාශි භවනක් වූ සිංහ රාශියට අගෝස්තු මස 9 වන කිවි දින පාන්දර 4 පසුවි විනාඩි 47 ට පිවිස කේතුට අයකුª මා නැකතේ...
2019-07-18 18:30:00
ඈත අතීතයේදී මිනිසා නිවාස සෑදීමේදී වාස්තු විද්‍යාවේ මූලාශී්රය පදනම අනුගමනය කළ බවට සාක්ෂි ඇත්තේය. විශේෂයෙන්ම හිරුගෙන් නිකුත්වන වර්ණාලෝක ගණනයේදී එය...
2019-07-11 18:30:00
යම් කෙනෙකුගේ ජන්ම කේන්දරයක් පරික්ෂා කිරීමේදි රාශිය , හෝරාව, නවාංශකය , ද්වදශාංශකය, ත්‍රිංශාංශකය මෙන්ම දෙර්කාණය ඉතා වැදගත් ය.දෙර්කාණයක් යනුවෙන්...
2019-07-11 18:30:00
2019 ජූලි මස 17 වෙනි බුදදින පෙරවරු 4.32 ට හෙවත් ජූලි 16 දින 55 පැය 57 න් ලොව පාලනය කරන රවි, සඳු හිමි කටක රාශියට පැමිණේ.සෞර ග්‍රහ මණ්ඩලයේ පියා රවි...
2019-07-11 18:30:00
විවිධ වූ පෙරළිකාර සිදුවීම් ඇති කිරීමට සමත් ඉන්ද්‍ර හෙවත් යුරේනස් අඟහරුට අයත් මේෂ රාශියෙහි ගමන් කරමින් සිටියදී 2019 අගෝස්තු මස 12 වන සඳු දින කේතුට...
2019-07-11 18:30:00
බ්‍රහස්පති ග්‍රහයා සම්බන්ධ යෝගයකි. ගුරු ග්‍රහයා කටක රාශියෙන් උච්චවීම තුළින් ජයසිඳු යෝගය යෙදේ. මෙම යෝගය පිහිටිම තුළ ජන්මියා ජනපි‍්‍රය පුද්ගලයකු...
2019-07-04 18:30:00
ගුවන් යානා හා නාවික අනතුරු , ජල විපත්වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, කුම්භ, මීන යන ලග්නවලට මධ්‍යම සුබ ඵලමේෂ, කටක, කන්‍යා, සිංහ, ධනු, මකර යන ලග්නවලට...
2019-07-04 18:30:00
ප්‍රබල භූචලනයක්ග්රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයින් සතර දෙනකු චර රාශි භවනක් වන කටක රාශිගතව ගමන් කිරීමක් සිදුවනු ඇත. ඒ අනුව රවි 2019 ජූලි 17 වන බුධ දින...
2019-07-04 18:30:00