ග්‍රහ ලොව සෙන්පති කටකයේ නීච වෙයි

ජූලි 5, 2019

ගුවන් යානා හා නාවික අනතුරු , ජල විපත්

වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, කුම්භ, මීන යන ලග්නවලට මධ්‍යම සුබ ඵල

මේෂ, කටක, කන්‍යා, සිංහ, ධනු, මකර යන ලග්නවලට අසුබයි

ග්‍රහ ලොව චන්ඩියා, නැතහොත් සෙන්පති හෙවත් පුරුෂ කාරක මෙන්ම සහෝකර කාරක, භූමි පුත්‍ර ග්‍රහයා ලෙස හඳුන්වන පෘථිවියට වඩාත් සමානම ග්‍රහ ලොව වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා 2019 ජුනි මස 22 වන සෙනසුරාදා රාත්‍රී 11.21 ට මෙතෙක් ගමන් ගත් මිථුන රාශියෙන් මිදී සිය නීච, දුබල අපල හා පීඩා කාරක රාශිය වන සඳු හිමි කටක රාශියට පිවිසුණි. එම කුජ ග්‍රහයා 2019 අගෝස්තු 09 වෙනිදා දක්වා ම කටක රාශියේ මෙම නීච රාශි ග්‍රහ චලිතය පවත්වා ගැනීමත් අනුව මෙම ග්‍රහ ලොව බලවතා ගේ කටක රාශි ගත ග්‍රහ චලිතය මත සලකා බැලීමේ දී පොදු වශයෙන් වෘෂභ, මිථුන, තුලා, වෘශ්චික, කුම්භ, මීන යන ලග්නවලට මධ්‍යම සුබ ඵල ද මේෂ, කටක, කන්‍යා, සිංහ, ධනු, මකර යන ලග්න වලට අසුබ ඵල ද උදාවනු ඇත.

මෙම ග්‍රහ මාරුවත් සමගින් අප රට දෙස අවධානය යොමු කිරීමේ දී ලෝකායතන ඡ්‍යොතිෂයට අනුව කුම්භ ලග්න ලංකා කේනන්දරයේ නීච කුජ 6 වැන්නේ ගමන් කිරීම හේතුවෙන් මෙම කාලය තුළ වසංගත රෝගයක් පැතිර යා හැකි ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී - බණ්ඩාරගම

සම්පත් එස්.කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.