වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
තරුවක් වීමට මෙම යෝග තිබේද?
බ්‍රහස්පති ග්‍රහයා සම්බන්ධ යෝගයකි. ගුරු ග්‍රහයා කටක රාශියෙන් උච්චවීම තුළින් ජයසිඳු යෝගය යෙදේ. මෙම යෝගය පිහිටිම තුළ ජන්මියා ජනපි‍්‍රය පුද්ගලයකු කරන අතර නිතර සමාජ කතාබහට ලක්වන චරිතයක් වේ.
බොහෝ මව්වරුන්ගෙ එකම අරමුණ තම දරුවාගේ සහජ දක්ෂතා තුළින් තරුවක් වීම දැකීමය. බොහෝ තරු පැයූ විගසම අඳුරු වී යන අතර තවත් තරු ටික කලක් එළිය විහිදා අඳුරේ සැඟව යන අතර ඉතා සීමිත පිරිසක් කුසලතා පිරි තරු අතර බැබලෙන සඳු සේ දිලී සැමදා කලා අඹර ඒකාලෝක කරනු දක්නට ඇත. එසේනම් එක පිරිසකට පමණක් මේ ජනපි‍්‍රය බවත් තවත් පිරිසකට හැකියාවක් ඉතා සීමිත පිරිසකට ජනපි‍්‍රය බව හා හැකියාවත් ඇතිවීම ඡ්‍යොතිෂය තුළින් විග්‍රහකර බලමු. සංගීතයට අදාළ විශේෂ ග්‍රහ යෝග කීපයක් විමසා බලමු.
කලානිධි යෝගය
අද වන විට මෙය ගෞරව නාමයක් ලෙස මුදලට විකුණුවද ඇත්ත වශයෙන්ම මෙය ජන්ම පත්‍රයක දෙවැන්නෙ හෝ පස්වැන්නේ බුධගේ හා සිකුරුගේ දෘෂ්ටිය ලබමින් හා ගුරු ග්‍රහයා ස්වක්ෂේත්‍රව පිහිටීමෙන් ද මේ යෝගය යෙදේ. මෙම යෝගය පිහිටා ඇති අය සමාජයේ පිළිගත් කලාකරුවන් වශයෙන් ගරු බුහුමන් ලැබ පිරිස් පාලනය කරමින් කලා කෙත අස්වද්දන මහා ගාන්ධර්වයන් ලෙස සැලකිලි ලබන අය වේ.
උදා කේන්ද්‍රය – 01
මෙම කේන්ද්‍රය හිමි ජන්මියා ඉතා ළයාන්විත හඬක් මෙන්ම ජනතා ආකර්ශනය ලබන රුවක් සහිත විවිධ අංශයන් හි දස්කම් දක්වන එතුමිය ඉතා යහපත් හදවත් ඇත්තියකි. ඇයගේ ජන්ම පත්‍රයේ දස වැන්නෙ ගුරු , බුධ, හා සිකුරු යන ග්‍රහයින් තිදෙනාම ඒකරාශි වී ඇත. ඒ අනුව ඉතා උසස් අයුරින් මෙම කලානිධි යෝගය ඇයට පිහිටා ඇත.
උදා කේන්ද්‍රය 02
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී
රත්න ශ්‍රී සෙනරත්
හොරණ