වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 26 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 26, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - පෙ.ව. 07.31 සිට පෙ.ව. 09.05 දක්වා
සුබ දිශාව - දකුණ
මේෂ
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයක් වනු ඇත. බලාපොරොත්තු ඉටු නොවේ. සිත් තැවුල් ඇතිවන අතර, අධික වියදම් ධන හානි ඇති කරයි. රක්තවාත රෝග, බඩේ අජීර්ණ රෝගවලින් පීඩා ගෙන දෙන දිනයකි.
වෘෂභ
කරදර සිත්තැවුල් ඇති කරන දිනයකි. ඉක්මනින් කේන්ති යයි. සෑම දෙයක් ගැනම සැක සහිතව බලනු ඇත. වියදම් අධිකවේ. ඥාතියෙකු සමඟ හෝ ඇසුරු කරන අයකු සමඟ මතභේද ඇතිවන බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු ය.
මිථුන
සතුරන් නිසා කරදර ඇතිවිය හැකි දිනයකි. දියුණුව පිළිබඳ අදහසක් ඇතිවේ. කලකින් මුණ නොගැසුණ අයෙකු මුණ ගැසීම නිසා හිතට පී‍්‍රතියක් ඇතිකරයි. ත්‍යාග පවා ලැබිය හැකි දිනයකි.
කටක
වියදම් අධික වන දිනයකි. පලක් නැති දෙයට පවා වියදම් කරයි. තමා කෙරෙහි අන් අය අතර පැවති පිළිගැනීම ගෞරවය අඩුවේ. කරගෙන ආ කටයුතු ප්‍රමාද වීමට යම් යම් කරුණු යෙදේ. උත්සාහයෙන් යුතුව වැඩකළ යුතු දිනයකි.
සිංහ
එදිනෙදා කටයුතු පිළිවෙළට සකස්කර ගැනීමට සිදුවේ. කෑමක් පිළිබඳව අමුත්තක් ඇති කරයි. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. ලාබ ලැබෙන මාර්ග ගැන ද සිතයි. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටද බලයි.
කන්‍යා
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය. අන් අය හා ආශ්‍රය හා ගනුදෙනු කිරීම පිළිබඳවද කල්පනාකාරීව කළ යුතුය. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවනු ඇත. ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ. විදෙස් ගතවීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා යොමුවිය යුතු දිනයකි.
තුලා
ඇසුරු කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසෙනු ඇත. ගෙදර දොර සැප පහසුව සැලසේ. මෙතෙක් ලැබීමට ප්‍රමාදවෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. අලුත් පිරිසක් ඇසුරට ලැබේ. සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි.
වෘශ්චික
සුළු සුළු වස්තුලාභ ලැබේ. හොඳින් කාලය ගතවේ. තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයකි. ධෛර්යවන්තව කටයුතු කරනු ඇත.
ධනු
තම නම්බුව කෙලෙසන වැඩකට අත ගැසීමට සිත්දෙනු ඇත. මුදල් අතින් අගහිගකම් ඇතිවේ. උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටි අයකුගේ දෝෂාරෝපණයට ලක්වේ. ආමාශයේ ආබාධ ගතියක් ඇති කරයි.
මකර
නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ ධෛර්යමත්බව අඩුව යනු ඇත. හදිසි වියදම් සිත් තැවුල් වැනි දෙයින් සිතේ චංචල බවක් ඇතිවේ. ජලයෙන් පීඩා ඇතිවීමටද පුළුවන.
කුම්භ
හොඳ ආහාර පාන සැප පහසුව ලැබෙන දිනයකි. මිතුරන් සමඟ විනෝදවීමටද ගමන් බිමන් යාමටද හැකිවේ. ගෞරවය වැඩිවන අතර දියුණුවද ඇතිවේ.
මීන
පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. අදහස් ඉෂ්ඨ වේ. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන දිනයකි. අසනීප තත්ත්වයක් ගැන කතා කිරීමට ද සිදුවේ.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
කොතලාවල මැතිතුමා නිතරගයෙන් රාජ සභාවට යවන්නට ජසයා ගුරුන්නාන්සේ සෑදූ නැකතමුලින්ම ජෝන් ලයනල් කොතලාවල යැයි නම් කෙරී තරුණ වියෙහිදීම එංගලන්තයේ...
2019-06-27 18:30:00
මෙය මහණ යෝගයක් වශයෙන් ඡ්‍යොතිෂ විද්වත් මහතුන් විසින් පෙන්වාදී ඇත. නමුත් ඡ්‍යොතිෂ නිගමනය අනුව සඳු සහ සිකුරු සුකොමළ තරුණ ස්ත්‍රී ග්‍රහ දෙපලක් වශයෙන්...
2019-06-27 18:30:00
ග්‍රහලොව මනාලිය වූ සිකුරු තමාට සතුරු රාශි භවනක් වන සඳුට අයත් කටක රාශියට 2019 ජුලි 23 වන කුජ දින දවල් 12.49 ට පිවිස බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ...
2019-06-27 18:30:00
ජුනි 21 සිකුරාදා උදේ 06.54 - 06.59 දක්වාජුනි 22 සෙනසුරාදා උදේ 06.28 - 06.33 දක්වාජුනි 23 ඉරිදා උදේ 09.04 - 09.09 දක්වාජුනි 24 සඳුදා උදේ 08.28 - 08.33...
2019-06-20 18:30:00
මෙම වසර තුළ සිදුවන ග්‍රහණ අතරින් ප්‍රථම මෙන්ම අවසාන පූර්ණ සූර්යයා ග්‍රහණය 2019 ජුලි මස 2 වන කුජ දින සිදුවනු ඇත. පූර්ණ සූර්ය ග්‍රහණයේ ආරම්භය රාත්‍රී...
2019-06-20 18:30:00
මෙම නිල් මැණික් නිවැරැදිව පැළැඳීම තුළින් අපට සෙනසුරු අපලය පමණක් නොව බොහෝ ජයග්‍රහණ, ධන වාසනා, තම බලය වැඩිකර ගැනීම්, ව්‍යාපරිකයන්ගෙ ව්‍යාපාර දියුණුව...
2019-06-20 18:30:00
මෙතැන් පටන් ශ්‍රී ලංකාව බොදු රටක් හැටියට පතළ වුණා. දාන, සීල, භාවනා වැඩෙන්න වුණා. සැමදෙනාගේ සිත සැහැල්ලු වුණා. මිහින්තලාව සත්ව දඩයමට තහනම් වුණා. එකම...
2019-06-13 18:30:00
ග්‍රහයෙක් උච්ච හෝ ස්වක්ෂේත්ර තත්ත්වයට පත්වෙනවා යනු තම ශක්තීන් උපරිම අන්දමට පොළොවට පතිත කළ හැකි රාශියක ගමන් කිරීමයි. එබැවින් උච්ච හෝ ස්වක්ෂේත්ර ග්...
2019-06-06 18:30:00
තමාට සම රාශි භවනක් වූ සෙනසුරුට අයත් කුම්භ රාශියෙහි බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ දෙවන පාදයෙහි ගමන් කරමින් සිටින නැප්චූන් තම සුපුුරුදු ගමන් රටාවෙන්...
2019-06-06 18:30:00
නවීන විද්‍යාව හරහා ඉහළ තලයට පිවිස ඇති තාක්ෂණයේ දියුණුව විශ්වයේ එළිපත්තට පැමිණ ඇත. මෙකී සංකීර්ණ සමාජ රටා වියමනේදී නිසි අවබෝධයකින් යුතුව කතා කළ යුතුයි....
2019-05-30 18:30:00
දකුණු සිරිලක හික්කඩුව ග්‍රාමයේ පවුලකට ලැබුණු තුන්වැනි දරුවාගේ උත්පත්තිය පල්ලියේ පොතේ සඳහන් කරන්නට ගිය පියාණන්ට එහි පාදිලිතුමාගෙන් දරුවාට ලැබුණු නාමය...
2019-05-30 18:30:00
වසර 50 ක් නොව වසර සියයක් වුව ඉදිරියටත් නොනැසී හිඳින්නට සුබසෙතට ආයුබල පවතින බව අදද එයට තිබෙන විශාල පාඨක ප්‍රතිචාර අනුව පෙනෙන්නට තිබේ.සුබසෙත 2019 මැයි...
2019-05-23 18:30:00
ග්රහමණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ ග්‍රහයා තමාගේ ස්වක්ෂේත්ර රාශි භවන වූ මිථුන රාශියට 2019 ජූනි මස දෙවන රවි දින පිවිස එම මාසයේ 21 වන කිවි දින...
2019-05-16 18:30:00
එකම පොහොය දිනක එකම නැකතට හා එකම තිථියකදී ඉපදීම, බුදුවීම හා පිරිනිවීම යන තෙමඟුලම යෙදුන ශාස්තෘන් වහන්සේ නමක් වීනම් ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ...
2019-05-16 18:30:00
අවුරුද්ද ඉවරයි. නමුත් සමහර අය තවමත් අවුරුදු සමරනවා. සමහරු දුක්වෙනවා. ඒ යම්කිසි කරුණක් නිසා. පසුගිය 17 වැනිදා බදාදා උදේ 7.40 උදාවූ සඳුගේ, හෝරාවේ...
2019-05-16 18:30:00
සිකුරු බුධ සංයෝගය කේන්ද්‍රයක යම් ශුභ ස්ථානයක පිහිටීම විවාහ ජීවිතයට මෙන්ම ලෞකික සැපසම්පත් විඳීමට සලස්වනු ලබන ඉතා වැදගත් යෝගයකි. විවාහයක් සාර්ථක වීමට...
2019-05-09 18:30:00