සිකුරු සිංහයට

අගෝස්තු 2, 2019

කාන්තා අභිවෘද්ධියට පියවර

ග්‍රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයා තමාට සතුරු රාශිභවනක් වූ රවිට අයත් සිංහ රාශියට 2019 අගෝස්තු මස 16 වන කිවි දින රාත්‍රී 8 පසුවී විනාඩි 39 ට පිවිස කේතුට අයත් මා නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් පුවපල් නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයෙන් 2019 සැප්තැම්බර් 10 වන කුජ දින පාන්දර 1 පසුවී විනාඩි 42 දක්වාම ගමන් කරනු ඇත.

කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය විසින් යම් යම් ක්‍රියාදාමයන් ක්‍රියාවට නැංවීමත් නව නීති සම්පාදනය කිරීමත් සිදුවන කාලයක් ද වන අතර රට තුළ විවාහ ගිවිස ගැනීම් වැඩි කාලයකි. මහජන සිත් කලබලකාරී ගති ඇති වන අතර චිත්‍ර, ලේඛක, ග්‍රන්ථ කර්තෘ චිත්‍රපට අධ්‍යක්ෂ තිර රචන ක්ෂේත්‍රවලට සම්බන්ධ සාහිත්‍යවේදියකුට මාරක වන අතර මහජන සිත්

කළඹන අසත්‍ය පුවත් පැතිරයන කාලසීමාවක් ද වනු ඇත.

ඡ්‍යොතිෂවේදී

රේණුක වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.