පිය රජු මවගේ නිවසට

ජූලි 12, 2019

2019 ජූලි මස 17 වෙනි බුදදින පෙරවරු 4.32 ට හෙවත් ජූලි 16 දින 55 පැය 57 න් ලොව පාලනය කරන රවි, සඳු හිමි කටක රාශියට පැමිණේ.

සෞර ග්‍රහ මණ්ඩලයේ පියා රවි ලෙසත් සඳු මව ලෙසත් හැඳින්වෙන අතර 2019 ජූලි 16 සිට 2019 අගෝස්තු 17 තෙක් කටක රවියයි. “පුනවස් එක පුෂ, අස්ලිස කටක රැස” යනුවෙන් කටක රාශිය ගුරු හිමි පුනාවස නැකතේ 4 වන පාදයත් පුෂ හා අස්ලිස නැකත් දෙක සම්පූර්ණවත් ගමන් කිරීමට රවිට මසක පමණ කාලයක් වෙන්ව තිබේ. කටක රවිය තුළ ග්‍රහ මාරුවීම් කිහිපයක් සිදුවේ. ජූලි 23 දින සිකුරු කටක රැසට පැමිණෙන අතර අගෝස්තු 16 දින සිකුරු, සිංහ රැසට පැමිණේ. ජූලි 30 වෙනි දින මිථුන රාශිගතවන බුධ අගෝස්තු 03 දින කටකයට පැමිණේ. අගෝස්තු 09 දින කුජ සිංහ රාශියට පැමිණේ. තත්කාල සටහන අනුව බුධ හිමි මිථුන රාශිය හා ගුරු හිමි ධනු නවාංශකය උදාව ඇත. ග්‍රහ පිහිටීම් මෙසේය. ලග්නයේ රාහු සිකුරුවේ. 2 වැන්නේ රවි, කුජ , බුධ ද සයවැන්නේ ගුරුද, සත් වැන්නේ ශනි හා කේතු ද, සඳු අට වැන්නේ ද නෙප්චූන් නව වැන්නේද 11 වැන්නේද යුරේනස් ද වේ.

ගුරු ශනි දෙපළම වක්‍රම ගමනෙහි යෙදෙන අතර අගෝස්තු 11 වෙනි දින ගුරු නිවෘත වේ. මෙම ග්‍රහ තත්වයන් සැලකිල්ලයට ගත්කළ රටට එතරම් හිතකර තත්වයක් විද්‍යාමාන නොවේ. ස්ත්‍රී,ළමා දෙපාර්ශ්වයටම අහිතකර ග්‍රහ තත්ව බලපාන අතරම කලා ක්ෂේත්‍රයන්හි නිරතව සිටින අයටද විශේෂ යහපතක් සිදු නොවේ.

07 පිටුවට....

ඡ්‍යොතිර්වේදී - වැලිගම

කේ.එච්. ධනපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.