වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 18 ඉරිදා - ලග්න සහ රාහු කාලය
ජුනි 17, 2023
ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - පෙ.ව. 07.29 සිට පෙ.ව. 09.01
සුබ දිශාව - දකුණ
මේෂ
තමා ගැන ගුණවර්ණාවක් අනෙකකු විසින් කරන දිනයක් වනු ඇත. මිත්‍ර ආශ්‍රයක් ඇතිවේ. මිතුරන් හා සතුටුවීමට අවස්ථාවක් උදා කරයි. උත්සාහය උනන්දුවකින් යුතුව කටයුතු කිරීම නිසා බලාපොරොත්තු ඉටුවේ.
වෘෂභ
මුදල් වියදම් කිරීමට කටයුතු සැලසේ. තමා සතු දෙයක් නැතිවීමට හෝ තමා අතින්ම කැඩීබිඳී යාමට ඉඩ ඇති දවසකි. පාඩුවක් මිස ලාභයක් අත් නොවනු ඇත. හිතේ කනස්සලු බවකින් යුතුව කටයුතු කරයි.
මිථුන
කෑමක් බීමක් පිළිබඳ අමුත්තක් සිදුවේ. ලාභ ලැබෙන මාර්ග ගැන සිත යොමු කරයි. සමහරවිට සුළු සුළු ලාභ ලැබීමටද පුළුවන. ස්ථාන පිළිබඳව සුළුවෙනසක් හෝ ඇති කිරීමටද සිතයි. සමාජයෙන් ඈත්ව හුදකලාව කටයුතු කිරීමට ද බලයි.
කටක
සිතේ ඇතිවන නොසන්සුන්බව නිසා කරගෙන යන කටයුතු අතර මඟ නතර කර දැමීමට හෝ තම කටයුතු ප්‍රමාද වීමට කරුණු ඇතිවේ. සුළු තුවාල, අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් පරිස්සම් වන්න.
සිංහ
ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ. ගෙදර දොර සැප පහසුව ඇතිවේ. මෙතෙක් ලැබීමට ප්‍රමාද වෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. වෙළඳ ව්‍යාපාර, ගොවිතැන් කටයුතු කරගෙන යන අයට වැඩි ලාභ ලැබෙනු ඇත.
කන්‍යා
බලාපොරොත්තු ඉෂ්ට වේ. එයින් දියුණුවද ඇති කරයි. ඥාතීන්ද තමා ගැන සතුටුවේ. මිලමුදල් ලාභද හිමිකරයි. කරගෙන එන කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද දියුණු වේ. රැකියා කටයුතුවලට යහපත් වේ.
තුලා
ගෙදර දොර අඩුපාඩු වැඩිවන දිනයක් වන අතර තම ආත්ම ගෞරවය නැතිවන අන්දමේ කටයුතුවලට හිත යොමු වනු ඇත. අන් අයගේ තැන්වල වාසය කිරීමට පවා සිදුවේ. ආමාශගත ආබාධ ඇතිවීමටද පුළුවන.
වෘශ්චික
නිකරුනේ නොකල වැරදිවලට නින්දා දෝෂාරෝපණ ඇසීමට සිදුවන අතර සිතට සැක ඇතිව සෑම දෙයක්ම කිරීමට සිදුවෙයි. ශුභ වැඩකටයුතුවලට අත නොගැසිය යුතු දිනයකි. අධික වියදම් යෙදෙනු ඇත. සෙම් අමාරු නිසාද පීඩා ඇතිවේ.
ධනු
පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙනු ඇත. විනෝදයට සිත ඇදීයයි. තරඟ වාද විවාදවලට පි‍්‍රය කරන දිනයකි. එවැනි කටයුතුවලින් සතුටක් ද ඇතිවේ. ප්‍රේම සම්බන්ධතා කෙරෙහි හිත යොමුවනු ඇත.
මකර
සුව පහසුවට කටයුතු කිරීමට ලැබෙන දිනයකි. ගෙදර දොර වාසනාවන්ත වේ. කරන කියන කටයුතුවල සාර්ථක බවක් ඇති වුවත් ශරීර සනීපයට යම් යම් බාධා ගෙනදෙනු ඇත. බඩේ අමාරු, ආහාර නොදිරවීමේ ආබාධ ඇති කරයි.
කුම්භ
විවාහ ජීවිතයේ ගැටලු ඇතිවීමට පවා ඉඩ ඇති දිනයකි. බලාපොරොත්තු කඩවීම මත සිත් තැවුල් ඇතිවන අතර සිතේ නොසන්සුන් බවක් ද ඇතිවනු ඇත. සෙම් අමාරු නිසා පීඩාවන් ඇතිවේ.
මීන
කරගෙන එන කටයුතුවල ප්‍රමාදවීමක් හෝ අලාභ හානියක් සිදුවන දිනයක් වන අතර එයින් පාඩුද ඇති කරයි. ගෙදර දොර වුවත් අපිළිවෙළකමක්, අපිරිසුදුකමක් පෙන්නුම් කරයි.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
මේෂ, කන්‍යා, තුලා, මකර, රාශි හිමියනට ප්රශස්ත ගමනකට කදිම කාල පරාසයක් බිහි කරමින් ග්‍රහ ලොව රජු ලෙස සලකන රවි, සඳුගේ රාශිය වන කටකයට සංක්රාන්ත...
2024-07-04 18:30:00
කෝණ මාසය ජූලි 16න් අවසන් වීමත් සමඟ එළැඹෙන ඉතාමත් වාසනාවන්ත නිවාස නැකැතක් 2024 ජුලි මස 19 වැනි කිවිදින පෙරවරුවේ යෙදෙයි.නිවාස, වෙළෙඳ ආයතන ඉදිකිරීම සඳහා...
2024-06-27 18:30:00
වසංගත රෝග බහුල වේඉදිරි දින 24ක් පුරා දැඩි පාරිසරික බලපෑම් ජූලි 31න් පසු සහනදායි කාලයක් මාසයක් වැනි කෙටි කලක් තුළ සිකුරු ග්‍රහයා කටක සිංහ...
2024-06-27 18:30:00
ඡ්‍යොතිෂයට අනුව රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශිවල ගමන් කරන අවස්ථා කෝණ මාස ලෙස සලකන අතර බොහෝ විට මුහුර්ත සාධනයෙහි එම කාලයන් භාවිත නොකළ ද...
2024-06-20 18:30:00
මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්න අටට සර්වජන ආකර්ෂණීය යෝග බලය ලබා දෙමින් ජූනි 29 වැනි ශනි දින පස්වරු 12.27 ට ඥානකාරක බුධ ග්...
2024-06-20 18:30:00
අකුරු කියැවීමට1.2025 ජනවාරි 2 බ්‍රහස්: උදේ 10.35ට බටහිර බලා2. 2025 ජනවාරි 30 බ්‍රහස්: උදේ 10.30ට නැඟෙ: බලා3. 2025 පෙබරවාරි 20 බ්‍රහස්: උදේ 6....
2024-06-13 18:30:00
මේ මස 19 වැනිදා බදාදා උදේ 06.02ට දකුණ බලා අකුරු කියවීමට ඉතා ශුභයි. මෙදින මුළු දිනයම පංචාංග ශුද්ධිය යෙදී ඇත. මිථුන ලග්නය උදාව පවතින අතර ලග්නයේ රවි,...
2024-06-13 18:30:00
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00