ජුනි 11 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 10, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.25
 
රාහු කාලය - ප.ව. 04.51 - 06.25 දක්වා
 
ශුභ දිශාව - දකුණ
 
මේෂ
දියුණුවට යම් යම් කටයුතු සිදුවන දිනයක් වන අතර මුදල් ලාභද ලැබෙනු ඇත. ඥාති මිත්‍රාදීන් සමඟ පී‍්‍රතියෙන් ආශ්‍රය කිරීමටද ඉඩ ලැබේ. කරන කියන සැම කටයුත්තකින්ම සිතට පී‍්‍රතියද සැනසීමද ඇතිවනු ඇත. වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට වැඩි ලාභ ලැබීමටද පුළුවන.
 
වෘෂභ
අන්සතු දෙයක් ලැබීමට ඉඩ ඇති අතර රැකීරක්ෂා කටයුතුවලට උත්සාහ කිරීමට සිදුවන අතර ජලය ආශි‍්‍රත කටයුතුවලින් ලාභ ද ලැබේ. බර වැඩක් කිරීමට සිදුවීමට හෝ එවැනි දෙයක් ගැන සිතුවිල්ලක් පැන නැගීමට පවා ඉඩ ඇති අතර තම තත්ත්වය උසස් කර ගැනීමටද සිතයි. පවුලේ වැඩිහිටි අය සමඟ ගනුදෙනුවක් ඇතිවිය හැකියි. කම්මැලි ගති නැතිව උනන්දුවෙන් කටයුතු කරයි.
 
මිථුන
සිත්තැවුල් කණගාටු සහිත දිනයකි. උසස් අයගෙන් හෝ වැඩිහිටියන්ගේ දෝෂ දර්ශනයට යොමුවන බවක් පෙන්වයි. කරදර සහිතව කාලය ගතවන අතර පිනට දහමට ආශාව මෙන්ම ආගම් භක්තිය ද ඇතිකරයි. ශරීරයෙහි දුර්වල ගතියක්, පපුව සම්බන්ධ අමාරුවක් හෝ ශරීරයට වෙහෙස ගතියක් ඇතිවේ.
 
කටක
අවුල් වියවුල් සහිත දිනයකි. කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට සිත් නොදෙන දිනයකි. නිතර අධෛර්යවත්ව කටයුතු කරන අතර කම්මැලි අලසගතියක් ද ඇතිවේ. සිතට සැකයක් ඇතිව සෑම දෙයක්ම කිරීමට සිදුවනු ඇත.
 
සිංහ
සැප පහසුවට කටයුතු කිරීමට ලැබෙන අතර හොඳ ආහාර පානද ලැබෙනු ඇත. මිත්‍රයන් හා ආශ්‍රය ඇතිවන දිනයකි. වෙනදාට වඩා හොඳට සැපට නිදා ගන්නට ලැබේ.
 
කන්‍යා
සැප පහසුවට සිටීමට කටයුතු කිරීමට හැකි දිනයක් වන අතර, හොඳ ආහාර පානද ලැබෙනු ඇත. බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරයි. සිතේ සතුටට කරුණු සැලසේ.
 
තුලා
ආදර සම්බන්ධයක් නිසා සිත්තැවුල් ඇතිවන දිනයකි. සිතේ පී‍්‍රතිය අඩුව යනු ඇත. බලාපොරොත්තු කඩවන අතර බාහිර කරදර මතුවන දිනයකි. අධික වියදම් ධනහානි ඇතිකරයි. බඩේ අජීර්ණ ගති ඇතිවනු ඇත.
 
වෘශ්චික
මිල මුදල් හානියක් හෝ අධික වියදමක් යෙදෙන දිනයකි. ඥාතීන් සමඟ හෝ ඇසුරු කරන අය සමඟ මතභේද තත්ත්වයන් ඇතිවීමටද ඉඩ තිබේ. කල්පනාවෙන් හෝ ඉවසිල්ලෙන් කටයුතු කළයුතු දිනයක් වන අතර කරගෙන අ කටයුතුවලට බාධා ප්‍රමාදවීම්ද ඇතිවේ. හිතවතුන්ගේ සංග්‍රහයකට සහභාගිවීමට හෝ තෑග්ගක් ලැබීමට ඉඩ තිබේ.
 
ධනු
තම කටයුතු සාර්ථකවේද නොවේද මිල මුදල් ලැබේද නොලැබේද යන හිතේ චංචල ගතියකින් යුතුව කටයුතු කරන දිනයකි. මුදල් නැතිකම ගැන කරදර ඇති කරයි. අන් අය හා වාද විවාදවලට යාමෙන් සතුරන් ඇතිවීමට පවා ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය.
 
මකර
පාඩු අලාභ හානි සිදුවන අතර අන් අය අතර තමා කෙරෙහි පැවති ගෞරවය අඩුව යනු ඇත. බලාපොරොත්තු කඩවීම් විවාහයකු නම් තම බිරිඳට හෝ ස්වාමිපුරුෂයාට සුළු හෝ ආබාධයක් වැළඳේ. කරගෙන ආ කටයුතු ප්‍රමාදවිය හැකි බැවින් උත්සාහයෙන් වැඩ කළයුතුයි.
 
කුම්භ
එදිනෙදා කටයුතු පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට හැරෙන අතර සුළු සුළු ලාභ ලැබෙන දිනයක් ද වනු ඇත. පී‍්‍රතිය ගෙන දෙන සුළු ගමන් යාමට අවස්ථාව උදාකරයි. ස්ථාන පිළිබඳ වෙනසක් ඇතිවීමටද ඉඩ තිබේ. අතීතය ගැන සිතා සතුටුවීමට හෝ දුක්වීමට අවස්ථාවක් ද යෙදෙනු ඇත.
 
මීන
ගනුදෙනු නිසා ආරවුල් ඇතිවේ. තම හොඳ නමට කැළල් ගෙන දෙන බැවින් කල්පනාකාරීව කටයුතු කළයුතු වනු ඇත. දේපළ පිළිබඳව හෝ තම අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන දිනයකි.
 
ඡ්‍යොතිෂවේදිනී
ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.