ජුනි 09 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 8, 2023
 
ඉර උදාව – 05.54
ඉර බැසීම – 06.25
 
රාහු කාලය – උදේ 10.35 -12.10
 
සුබ දිශාව – දකුණ 
 
මේෂ 
පවුලේ කටයුතු සම්බන්ධ විශේෂ වෙනස්කම් කීපයක් සිදුකරයි. නිතර යෙදෙන ගමන් පිළිබඳ සැලකිලිමත්වන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන බවක් පෙන්වයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. 
 
වෘෂභ 
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්වයි. විදෙස් ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. සහෝදර පක්ෂයෙන් උපකාර හිමිවන දිනයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට මඟ සැලසේ. 
 
මිථුන 
සිතේ සැහැල්ලුවෙන් ගත කරන දිනයකි. දරුවකු පිළිබඳ සතුටට පත්වීමට හේතුවන කරුණු කීපයක් සිදු කරයි. මෙතෙක් පීඩා ගෙන දුන් ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. ඉක්මන් තීරණ ගැනීම තමාට අවාසිදායකයි. 
 
කටක 
අලුත් බලාපොරොත්තු ඇතිකරන දිනයකි. වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරි කර ගැනීමට කටයුතු යෙදේ. නිතර නිවෙසින් බැහැරව කටයුතු යෙදෙන බවක් පෙන්නුම් කරයි. හදිසි ආදායම් මාර්ග කීපයක් යෙදෙන දිනයකි. 
 
සිංහ 
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. තමා ළඟින් ඇසුරු කළ අයකුගේ දුරස්වීමක් සිදුවන බවක් පෙන්වයි. පවුලේ ගැටලුවක් දුර දිග යන බවක් පෙනේ. 
 
කන්‍යා 
ඉදිරි සැලසුම් කීපයක් සාර්ථක කරයි. හදිසි මුදල් ගනුදෙනුවකට සම්බන්ධ වීමට කටයුතු යෙදේ. වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන දිනයක් බැවින් කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත් වේ. 
 
තුලා 
අලුත් රැකියා ලාබ හිමිකම් ඇති දිනයකි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවන බවක් පෙන්නුම් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාකාරි බවක් ඇති කරයි. දේපළ ගැටලුවකට මුහුණපාන දිනයකි.
 
වෘශ්චික 
ගේ් දොර අඩුපාඩුකම් කීපයක් මතු කරන දිනයකි. පවුලේ අය අතර ප්‍රශංසා හිමිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අමතර ලැබීම් හිමි වුවත් ඒවාට බාධාකාරි බවක් ඇති කරයි. නිතර තැන තැන ඇවිදිලි ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. 
 
ධනු 
අවිවේකී ලෙස දවස උදාවුවත් සැලසුම් කළ ලෙස කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙන්වයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. 
 
මකර 
උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. නොසිතූ ලෙස හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙන්වයි. සිත් කලකිරීම් බහුල වන බවක් පෙනේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න. 
 
කුම්භ 
වරින්වර ආගමික සහන පතන බවක් පෙනේ. වැඩිහිටි දෝෂාරෝපණයක් තමාට එල්ලවන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිකරයි. එමෙන්ම අලුත් රැකියා මාර්ග හිමි වුවත් ඒවාට යම් යම් බාධා පැන නැගෙන දිනයකි. 
 
මීන 
අතමිට සරු වුවත් වැය පස අධික වන දිනයකි. නිතර ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රාත්‍රී ගමන් බහුල වන දිනයකි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. 
 
ජ්‍යොතිෂවේදිනී
ධම්මිකා රාජපක්ෂ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.