වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
මැයි මස 19 වැනි සිකුරාදා - ලග්න සහ රාහු කාලය
මැයි 18, 2023
ඉර උදාව - 05.54
ඉර බැසීම - 06.21
රාහු කාලය - උදේ 10.34.00 - 12.07
රාත්‍රී 10.40 - 00.07
සුබ දිසාව - දකුණ
මේෂ ලග්නය
ලැබීම් අතින් යහපත් වුවත් තරමක් දුරට අවිවේකී බවක් ඇති කරයි. නිතර ගමන් යෙදෙන දිනයකි. පවුලේ දියුණුව වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි.
වෘෂභ ලග්නය
අදහස් වෙනස්කරන දිනයක් වන අතර, හිතවතකු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට ද සිදුවන බවක් පෙන්වයි. නිතර ආගමික කටයුතුවල නිරතවන බවක් පෙනේ.
මිථුන ලග්නය
පවුලේ බැඳීම් වැඩිකරයි. ගතට සිතට සහන සැලසෙන දිනයක් බව පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හිතවතුන්ගෙන් උදව් උපකාර හිමිකරන දිනයකි.
කටක ලග්නය
ශාරීරික වෙහෙස ඇති කරයි. පපුවේ සෙම් ගතිය වැඩිවන දිනයකි. නිතර දෙගුරුන්ගේ ප්‍රසාදයට පත් කරයි. පවුලේ ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි.
සිංහ ලග්නය
වගකීම් බහුලයි. තනතුරු මාරුවකට ඉඩකඩ ඇත. මවුපස ඥාතියකුගේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.
කන්‍යා ලග්නය
නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. නිතර වයසින් වැඩි අය හා ඇසුරට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ.
තුලා ලග්නය
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් ද යෙදේ. දුර ගමන් යෙදෙන දිනයකි.
වෘශ්චික ලග්නය
සැලසුම් කීපයක් ප්‍රමාද කරයි. ආගමික නායකයන්ගේ සහය පතන දිනයකි. යටපත් වූ සෙම රෝගයක් නැවත මතුකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.
ධනු ලග්නය
ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නැති වූ දෙයක් නැවත හිමිකරන දිනයකි.
මකර ලග්නය
වගකීම් බහුලයි. එමෙන්ම ණය ගනුදෙනුවකින් නිදහස් වීමට ද කටයුතු යෙදේ. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. දුරදිග බලා කටයුතු කරන්න.
කුම්භ ලග්නය
සමාජ සේවා කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන දිනයකි. නිතර ප්‍රභූන් හා ඇසුරට අවස්ථාව සැලසේ. අතමිට සරු වුවත් වැය පස අධික වන දිනයකි.
මීන ලග්නය
සිතේ පැවැති බලාපොරොත්තුවක් ඉටු කරයි. එමෙන් එදිනෙදා කටයුතු සම්බන්ධ පැවැති බාධාවක් ද මඟ හැරී යයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගි වීමට අවස්ථාව උදාකරයි.
ජ්‍යොතීර්වේදිනී
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00