අද දවස ඔබට.... මැයි මස 09 වැනිදා අඟහරුවාදා ලග්න පලාපල

මැයි 8, 2023

 

ඉර උදාව පෙරවරු 05:55 ට
ඉර බැසීම පස්වරු 6:19ට

රාහු කාලය 02:50 සිට 4: 25 දක්වා

සුබ දිශාව - නැගෙනහිර

 

මේෂ ලග්නය

 

වැඩිහිටියන්ට හිතවත්ව කටයුතු කරන දිනයකි.  දියුණුව පිණිස කරන කටයුතුවලට මෙන්ම විදේශ ගමන්වලට ද යහපත් වේ. පුණ්‍ය කටයුතු කෙරෙහි හිත යොමු වන අතර ඉගෙන ගන්නා දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු තරග විභාග වැනි දෙයට යහපත් දිනයකි.

 

වෘෂභ ලග්නය

 

රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වැනි දෙයට යහපත් දිනයක් වන අතර නිතර ළඟපාත ගමන් බිමන් යෙදීම සිදු වනු ඇත. සතුටු සිතින් කාලය ගත කිරීමට ද ලැබෙනු ඇත. සෙම් රෝග මෙන්ම හිතේ චංචල බවක් ද ඇති වේ.

 

මිථුන ලග්නය

 

ප්‍රේම සම්බන්ධතා වලට යහපත් දිනයක් වන අතර ලෞකික සැප සම්පත් හොඳින් ලැබෙන දිනයකි.ඳ විවාහ යෝජනා ස්ථිර වීමට හෝ අලුත් යෝජනාවක් පැමිණෙන ලකුණු ඇත. ආහාර ජීර්ණ පද්ධතියඝරේ සම්බන්ධ පීඩාවක් ඇති කරවයි.

 

කටක ලග්නය

 

සතුරු පීඩාවක් ඇතිවීමට පවා ඉඩ ඇති දිනයක් බැවින් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු අතර ශරීර ශක්තිය හීන වනු ඇත. බඩේ අමාරුව ආහාර නොදිරවීමේ රෝග ලක්ෂණ ඇති කරයි. පැණි රස ආහාරයට ප්‍රිය දිනයකි.

 

සිංහ ලග්නය

 

දරුවන්ට යහපත් දිනයක් වන අතර ඉගෙනීමේ කටයුතුවලට ද යහපත් වේ. ආමාශයේ තෙත ගතිය වැඩි නිසා ඇතිවන රෝග වලට හේතුයි. ලොතරැයි වාසනා වලට පවා ඉඩ ඇත.

 

කන්‍යා ලග්නය

 

ගෙදර දොර කටයුතුවලට යහපත් දිනයක් වන අතර අන් අයගේ කටයුතු වල නිරත වන දිනයක් ද වේ. මව් පාර්ශ්වයේ අයකුගෙන් යම් උදව්වක් ලැබෙන දිනයකි.

 

තුලා ලග්නය

 

නිතර ගමන් බිමන්වල යෙදීමට සිදුවන අතර හිතේ චංචල බවක් ද නොසන්සුන් බවක් ද ඇති වේ. නිතර අදහස් වෙනස් කරන දිනයක් වන අතර සෙම් අමාරු නිසා පීඩා ඇති වනු ඇත.

 

වෘශ්චික ලග්නය

 

නිතර කතාවට කැමති දිනයක් වන අතර වියදම් අධික දිනයක් ද වනු ඇත. රැකීරක්ෂා කටයුතුවලට යහපත් වන දිනයකි. උගුරේ සෙම ගතියක් ඇති වේ.

 

ධනු ලග්නය

 

දුර සිතා බලා කටයුතු කරන දිනයක් වන අතර වැඩි ප්‍රවේශම් වන ගතියක් ද පෙන්නුම් කරයි. ඉවසිලිවන්ත ගතියකින් කටයුතු කරන අතර පලතුරු කෑමට ප්‍රිය කරන දිනයකි.

 

මකර ලග්නය

 

සතුරු කරදර ඇතිවිය හැකි නයක් බැවින් ප්‍රවේශම් විය යුතු අතර නෛතික ප්‍රශ්න වලට පවා මුහුණ දීමට සිදුවිය හැකියි. ගමන් බිමන් වල නිරත වීමට සිදුවෙයි.

 

කුම්භ ලග්නය

 

අලුත් මිත්‍රයන් පිරිසක් හෝ මිත්‍රයකු ඇසුරට ලැබෙන දිනයක් වන අතර ලැබීමට යහපත් වුවත් වියදම් අධික වනු ඇත. ඉක්මන් කේන්ති ගතියක් ඇතිවන අතර හුදෙකලා ව තමාගේ පාඩුවේ කටයුතු කිරීමටද බලනු ඇත.

 

මීන ලග්නය

 

රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වැනි දේට යහපත් දිනයක් වන අතර රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් ඉටු කර ගැනීමට ලැබේ. රැකියාවල නියුතු අයට ප්‍රධානීන්ගේ ආධාර උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.

 

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.