වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
අද දවස ඔබට....2023 මැයි මස 7 දා ඉරිදා
මැයි 6, 2023
සූර්ය උදාව පෙරවරු 05:55 ට
රාහු කාලය 4:25 සිට සිට 05:55 දක්වා
(රාහු කාලය පෙරවරු සහ පස්වරු සඳහා එකම අයුරින් යෙදේ)
මේෂ ලග්නය
කරදර සහිත දවසකි. කණගාටුවෙන් දවස ගත වේ නිසරු ගමන් වියදම් ඇතිකරන අතර සුබ වැඩක යෙදීමට යහපත් දවසක් නොවේ. ආහාර නොදිරවීම නිසා ආබාධ ඇති වීමට ඉඩ තිබේ.
වෘෂභ ලග්නය
හොඳ ආහාර පාන ලැබෙන දිනයක් වන අතර ප්‍රීතිමත් ගමන් යෙදෙනු ඇත. විනෝදයට සිත ඇදී යන අතර මිතුරන් ඇසුරට පෙලඹෙන දිනයකි.
මිථුන ලග්නය
ගෙදරදර කටයුතුවලට වාසනාවන්ත දවසක් වන අතර බලාපොරොත්තු ඉටු වනු ඇත. මහන්සියෙන් වැඩි වැඩක් කිරීමට සිදු වන අතර ලෙඩෙක් ගැන හෝ ලෙඩක් ගැන කතා කරන දිනයකි.
කටක ලග්නය
සිතේ කිසිම ප්‍රීතියක් විනෝදයක් නැති වන අතර බලාපොරොත්තු ඉටු නොවනු ඇත. ආලය පිළිබඳ කටයුතු වලින් සිත් තැවුල් ඇති වන අතර කරගෙන ආ කටයුතුවලට ද කරදර යෙදෙයි. බඩේ අජීර්ණයට ඉඩ ඇති අතර රක්ත වාත ආබාධ ඇති අයට එය උත්සන්න වන දිනයකි.
සිංහ ලග්නය
කරදර සිත් තැවුල් ඇති වන දිනයක් වන අතර කේන්ති මුල් වන දිනයකි. ඥාති මිත්‍රාදීන් සමග අමනාපකම් ඇතිවීමට පවා ඉඩ ඇති නිසා කල්පනාවෙන් සහ ඉවසිල්ලෙන් ක්‍රියා කළ යුතු දිනයකි. හිතවතකුගෙන් තෑග්ගක් ලැබේ.
කන්‍යා ලග්නය
සතුරන් ඇති වීමෙන් හෝ සතුරන් ඇති වන ආකාරයට කතාවක් හෝ කේලාම් බස් හෝ ඇති වේ. මිල මුදල් නැති කම ගැන කරදර වේ.
තුලා ලග්න
තමා කෙරෙහි අන් අය අතර පැවැති ගෞරවය අඩුව යන දිනයක් හෝ තමාට අගෞරව වන ලෙස වෙන අයෙක් කතා කරයි. කතාවට අකමැති ගතියක් හෝ ප්‍රමාණයටත් වඩා වාචාල ගතියක් ලෙස කතා කිරීමට හෝ කැමති දවසකි.
වෘශ්චික ලග්නය
අසහනකාරී අදහස් සිතෙහි ඇති වන දිනයක් වන අතර ලාභ ලබන ආකාරය ගැන කල්පනා කරයි. පෞද්ගලික කටයුතුවලට සිත ඇදී යන දිනයකි.
ධනු ලග්නය
නොතේරුම් කමක් හෝ වැරදීමෙන් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතු දිනයකි. තමා අතින් ම යම් කිසි පාඩුවක් සිදුවේ.
මකර ලග්නය
දියුණුවට කටයුතු සැලසෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමු වන අතර අලුත් හිතවත් හිත මිත්‍ර පිරිසක් ආශ්‍රයට ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට ප්‍රීතියක් ඇති වේ
කුම්භ ලග්නය
වාසනාවන්ත දවසක් වන අතර අන් අයගේ උදව් උපකාරද ලැබෙනු ඇත. භුමිය පිළිබඳ කටයුත්තක් හෝ ගෙදර බඩු මුට්ටු පිළිබඳ වෙනසක් හෝ කිරීමට සිතෙන දිනයකි.
මීන ලග්නය
සිත් තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර පිනට දහමට ආශාව ඇති වේ.
ආගමික භක්තිය ඇති කරන දිනයකි. ගෙදර
දොර කටයුතු හරි හැටි තේරුම් නොගැනීම නිසාද කරදර ඇතිවේ.
෴ සබැඳි ලිපි ෴
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00