වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
අඟහරු හිමි මේෂ රාශියෙහි යුරේනස් ග්‍රහයා වක්‍ර වෙයි
ජූලි 16, 2021
සයුර, අහස, ගොඩබිම් අනතුරු
විවිධ වසංගත පැතිරීම්
අර්බුධ කුමන්ත්‍රණ නිර්මාණය වේ
අනාචාර, දුරාචාර කටයුතු වර්ධනය වීම
ජන සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්රයන්හි නවතාවයක්
සුඛෝපභෝගි මෙන්ම කලාත්මක භාණ්ඩ, රෙදි පිළි දේශීය නිෂ්පාදන හිස එසවේ
දක්ෂිණායනය, වර්ෂා සෘතුවෙහි සිංහ රවි 04 භාග නිකිණි මසේ පුර දොළොස්වක තිථිය මේෂ රාශිය තුලා නවාංශකය බෙරණ 03 පාදය පාද කොට ජුලි 20 කිවිදින පෙරවරු 7.11 ට විශ්ව තාරකා මන්දාකිණිය ගිණියම් කරවමින් විශ්ව කේන්ද්‍රය හිමි මේෂ රාශියෙහි යුරේනස් ග්‍රහයා වක්‍ර වෙන්නේ ය.
නැඟෙනහිර ක්ෂිතිජයෙහි උදාරාශිය මෙන්ම ශ්‍රී ලාංකේය ජනරජ ආත්මකාරක රවි හිමි සිංහයෙහි රවි ස්වක්ෂේත්රව මුල ත්‍රිකෝණව කුජ බුධ මිත්රශීලීව සිකුරු ග්‍රහයා නීච ක්ෂේත්රව දෙවැන්නවූ ධනස්ථානගතවද කේතු උච්චව සිව්වැන්න වූ ගරුක කර්මය විවරණය කෙරෙන ස්ථානගතව ද චන්ද්‍රයා සමව සෙනසුරු, වක්‍රව ස්වක්ෂේත්රව වක්‍ර ප්ලූටෝ සතුරුව රෝග සතුරු ස්ථානගතව ද බ්‍රහස්පති වක්‍රව නැප්චූන් සමව ධර්මද්වීපයෙහි ප්‍රජාව පිළිබඳ සත්වැන්නේ ද යුරේනස් වක්‍රව භාග්‍ය ස්ථානය වූ නව වැන්නේ ද උච්ච රාහු කර්මස්ථානය සහ ශ්‍රී ලාංකේය ජනරජය ආශි‍්‍රතව දසවැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලය උඩුයටිකුරුවෙන කාලපරාසයකට දොරගුළු විවෘත කෙරෙයි. 01, 02, 06, 10, 11 යන ස්ථාන දුර්වල කෙරෙමින් විශ්ව මේෂ රාශි සටහන යුගකාලීනව සක්‍රීය වෙන්නේ ය.
අර්බුධ කැරලි ගැසීම්, සුනාමි, විලාප, සාගරය, ආකාශය, ගොඩබිම් මාර්ග අනතුරු විවිධ වසංගත, කුමන්ත්‍රණ, කැණහිලිකම් නිර්මාණය සමඟ අනාචාරය, දුරාචාරය වර්ධනය කෙරෙණ ග්‍රහ රිද්මයෙකි. ජන සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්රයන්හි නවතාවයක්, සුඛෝපභෝගි මෙන්ම කලාත්මක භාණ්ඩ, රෙදි පිළි දේශීය නිෂ්පාදන හිස එසවීම, යම්කිසි වෘත්තියක් ඉලක්ක වෙන දේශීය කෘෂිකර්මාන්තයට මූලිකත්වයක් ලැබෙන සංශෝධන ක්‍රියාත්මක කරලීම, කඩිනමින් සිදුවිය යුත්තෙකි. දේශීය පොහොර නිෂ්පාදනය අතිශය වැදගත් වෙන්නෙකි. ගතානුගතික හෝ අක්රමික ක්‍රියාකාරකම් කාලානුරූපව දේශීය බවකින් මුවහත් කිරීමට ශ්‍රී ලාංකේය රාජ්‍යය මෙන්ම රටවැසියා වෙරවීරිය කළයුතු කෘෂිකර්මාන්ත විප්ලවයට සමාරම්භය අතිශය ප්රශ්සත වූවෙකි. චිරංජයතු
කොත්මලේ
විජිත ඩී ලියනආරච්චි
෴ සබැඳි ලිපි ෴
බුද්ධිමත්ව තීරණ ගන්නා කාලයක්මේෂ- වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-ධනු-කුම්භ-මීන ලග්නවලට අතිශය සුබපල කටක-තුලා-වෘශ්චික-මකර ලග්න හිමියන්ට මිශ්රපලමිථුන, කන්‍යා,...
2024-06-13 18:30:00
සෙත් කවිය ඡ්‍යොතිෂය හා භාෂාව පදනම් කරගනිමින් බිහි වූ ඉතා අසීමිත බලයකින් යුතු වූ ශාන්තිකර්මයක් ලෙස හැඳින්විය හැකිය. භාෂාවේ තිබෙන සියලුම අකුරු කවර හෝ...
2024-06-06 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයේ රජු හෙවත් රවි එළැඹෙන ජූනි 15 වැනිදා රාත්‍රී 12.27ට බුධ හිමි මිථුන රාශිගත වෙයි. එය කෝණ මාසයද අරඹමින් සිදුවන අතර ජූලි 16 මධ්...
2024-06-06 18:30:00
ග්‍රහ ලොව සෙන්පති වශයෙන් හඳුන්වන කුජ ග්‍රහයා ජුනි මස 01 වැනිදා සවස 03.36ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වන්නේ ය. මේෂ යනු කුජගේ බලවත්ම රාශියකි. එය කුජට...
2024-05-30 18:30:00
එළැඹෙන ජුනි මස 02 වෙනි දා ඉරිදා උදේ 7.00 ට නන්දා යෝගය උදා වෙයි. එම යෝගයෙන් උතුර බලා ළිං කැපීම යහපති.මේ නැකතට කපන ළිඳක නියං කාලයට වුවද ජලය සිඳෙන්නේ...
2024-05-23 18:30:00
සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්...
2024-05-23 18:30:00
මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන්...
2024-05-16 18:30:00
මාලවී යෝග බලයෙන් වෘෂභ-සිංහ-වෘශ්චික-කුම්භ ලග්න හිමියන්ගේ ජීවිත මිහිරියාවෙන් පිරේ ලග්න දොළසටම වරප්‍රසාද හිමිවන කාලයක් නාවික, ගුවන්, මහා මාර්ග...
2024-05-09 18:30:00
ඥානකාරක බුධ ග්‍රහයා මැයි 10 සිකුරාදා පස්වරු 06.49ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය වෙයි.ඒ අනුව ලග්න දොළසටම බුධ ආධිත්‍ය යෝගය,වෙශි වොශි උභයචාරි...
2024-05-02 18:30:00
කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හිමියන්ට ධන ලාභතුලා ලග්න හිමියන්ට සරලා විපරීත යෝග බලයෙන් සුබ පලවෘෂභ, මිථුන ලග්න හිමියන් පිනට දහමට යොමු...
2024-04-25 18:30:00
නීච භංග රාජයෝග, චන්ද්‍ර මංගල, ශනි මංගල, රවි ගුරු, ගජකේශරී යෝග බල රාශි දොළසටමමිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට මාලවී මහා පුරුෂ යෝග බලයසිංහ,...
2024-04-18 18:30:00
පුණ්‍ය කාලයඅපේ්රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදාඅලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්අපේ්රල් මස 13 වැනි සෙනසුරාදා...
2024-04-11 18:30:00
කෝණ මාසය අවසන් වීමත් සමඟ 2024 අප්‍රේල් මස 19 වැනිදා සිකුරාදා පෙ.ව. 08.51ට ඉතාමත් සුබ නිවාස නැකැතක් යෙදේ. ඉතා බලවත් ග්‍රහ පිහිටීමක් පවතින ඒ...
2024-04-11 18:30:00
අඟහරු මීන රාශියට එයිඅභියෝග ජය ගැනීමේ නීච භංග රාජ යෝග බලය සියලු ලග්නවලට සෞරග්‍රහ මණ්ඩලයේ සෙනෙවියා හෙවත් භූමි පුත්‍ර අගහරු මේ මස 23 වැනිදා...
2024-04-11 18:30:00
මේ වර්ෂයේ යෙදෙන පළමු පූර්ණ සූර්යග්‍රහණය සිදු වන්නේ අප්‍රේල් මස 08 වැනිදා සඳුදා මෙරට වේලාවෙන් රෑ. 9.12 සිට 10.08 දක්වාය. ඈපා පංචාංග ලිතට අනුව මෙය මීන...
2024-04-04 18:30:00
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය අරඹන මේ අලුත් අවුරුදු උදාව යෙදෙන මොහොතේ එනම් රාජ්‍ය වර්ෂ 2024ක් වූ උත්තරායනය, වසන්ත සෘතුවෙහි මීන, රවි 31...
2024-04-04 18:30:00