ලෙඩ කරවන්නත් සුව සෙත දෙන්නත් බලය ලැබූ සූනියම් දෙවියෝ

නොවැම්බර් 15, 2024

ගම්බාර දේවතා සූනියම් යක්ෂයා හා ඔඩ්ඩිස කුමරු ඇඳත්ත ඔඩ්ඩිස යන නාමවලින් සූනියම් දෙවියන් හඳුන්වනු ලැබේ. අර්ධ මිනිස් හා දේව යක්ෂ අවතාරවලින් පිරිපුන්ය. මහා භාරතයේ සිට මෙහි පැමිණ ඇත. මහා බලගතු දෙවියෙකි.

සූනියම් දෙවියන් ලෙස පෙනී සිටින්නේ පුරපසය. අවපස යක්ෂ අවතාරයක් වේ. හදිහූනියම් අණවින භූතදෝෂ වළකා සෙතක් ශාන්තියක් ලබාගැනීමට හැකි බලවත්ම දෙවියෙකි සූනියම් දෙවියෝ.

සූනියම් දේව උපත පිළිබඳ සුවිශේෂි අගයාත්මක වැනුම් සහිතව දේව සංකල්පයේ සඳහන්ව තිබේ. කුඩා වියේදීම නිරන්දන නම් වනයේ හුඹසක සිටි නාගයන් 36 දෙනකු අල්ලාගෙන මුළු ඇඟ පුරාම වෙළා ගත්තේය. කටින් පොළඟෙකු අල්ලා උගේ ලේ උරා බීවේය. එයින් යක්ෂයෙකු බවට පත්විය. මහකෙළ නාග රාජයා අල්ලා මුළු සිරුරම වෙළා ගත්තේය. සුදු අසෙකු පිට නැඟී ගිනිකබලක් අතින් දරාගෙන සිය රාජධානියට ගියේය. ශක්‍රයා මේ දෙවියන් අල්ලා නැවැත්වීමට නොහැකි වූයෙන් මිනිසුන්ට ලෙඩ කරන්නටත් සුව කරන්නටත් බලය දුන්නේය.

මිනිසුන් ලෙඩ වූ විටදී පිදේනි දී පූජා පැවැත්වීමෙන් ලෙඩ සුව කරන ලදි. සූනියම් දෙවියන්ට මෙලොව කළ හැකි සියලුම දේ කරති. එතරම් මහා බලගතුය. සූනියම් දෙවියන්ට පහන් තබා නොවරදවාම ඇදහිය යුතුයි. කඩනොකළ යුතුයි.

මිනිසුන්ට සෙත සලසන එකම බලවත්ම දේව උතුමාණන් වහන්සේ සූනියම් දෙවියෝය.

නන් පරසිදු අසුගෙ පිටින් වැඩම කරනවා
රන්පට සළු හැට්ටය දෙවුර දරනවා
බන්ධන දොස් අවහිර ගිනිදැල් අත්වෙනවා
ගත්පෙරවෙනි දෙවිතුමගේ අප රැක දෙනවා

උපුල්වන් දෙවියන්ගේ පණිවුඩකරු ලෙසද මේ දෙවියන් වැඩ කටයුතු කරන්නේය.

බුලත්, මල්වර්ග, රොටී, කැවිලි, පලතුරු, ගොඩමස්, දියමස්, පුළුටු, බිත්තර, කුකුල්මස් වැනි ආහාර වර්ග පි‍්‍රයතම ආහාර වන්නේය. පුද පූජා හරියාකාරව තබා සූනියම් දෙවියන්ගෙන් බැතිමතුන්ට තමාට අවශ්‍ය යහපත් කරුණුූ ඉටුකර ගැනීමට හැකිවේ. දුර්දාන්ත ඊර්ෂ්‍යාකාර, කුඩුකේඩු, නරක වැඩකරන අයට මේ බලගතු සූනියම් දෙවියෝ තම අණසක පතුරවා දඬුවම් දෙන්නේය. මිනිසුන්ගේ යහපත උදෙසාම සූනියම් දෙවියන් අදහන අයට මහත් සෙතක් ශාන්තියක් ලැබෙනු නියතයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.