උපචය ස්ථානයක බලවත් වීමෙන් සුබපල ගෙනදෙන අසුර රජු

සැප්තැම්බර් 20, 2024

 

රාහු අසුරයන්ගේ රජු ලෙස හදුන්වයි. රාහුගේ ගමන හැමවිටම පසුපසට ය. රාහු කන්‍යාවේ ස්වක්ෂේත්‍ර වෙයි. රාහු, මිථුන රාශියේ උච්ච වෙයි. සමහරු වෘෂභ රාශියේ රාහු උච්ච බව පවසති. එහෙත් මෙහිදී මාගේ මතය අනුව නම් රාහු උච්ච වන්නේ මිථුනයේය. අද, සා, සියාවස නැකැත් තුන රාහුට හිමි වේ. රාහු මහ දසාව වසර 18ක් වේ. රාහු වසර එකහමාරක් එක රාශියක සිටියි. මුළු රාශි වළල්ල ගමන් කිරීමට අවුරුදු 18ක් ගත වෙයි.

ඒ අනුව අදාළ පුද්ගලයන්ගේ පලාපල කථනය චන්ද්‍රයාගේ ගමන උපයෝගී කරගෙන කළ යුතුය. ඊට අදාළව ගෝචර පල බැලිය යුතුය. ඒ අනුව ග්‍රහ ගමන තීරණය කළ යුතුය. රාහු වසර එකහමාරක් පාසා රාශියක සිටිමින් ආපස්සට ගමන් කරයි. රාහුට උපචය ස්ථාන බලවත් වේ. උපචය ස්ථාන ලෙස හඳුන්වන්නේ 3,6,10,11 යන ස්ථානයන්ය. පාප ග්‍රහයින්ට උපචය ස්ථාන බලවත් බව පිළිගැනීම වේ. රාහුට නැකැත් වෙන් කර ඇතිමුත් රාශි වෙන්කර නැත.

උප්පත්ති කේන්දරයේ රාහු බලවත් නම් උපචය ස්ථානයක රාහු පාප පීඩිත නොවී සිටී නම් අපල අවම විය හැකිය. රාහුට මිතුරු ග්‍රහයන් වන්නේ බුධ, සිකුරු හා ශනිය. සම ග්‍රහයන් වන්නේ ගුරු හා කේතු වේ. සතුරු ග්‍රහයන් වන්නේ රවි, චන්ද්‍ර හා කුජය.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ රාහු බලවත් වන්නේ 3,6,10,11 ස්ථානවලයි. එහිදී ඔවුන්ට සුබපල ලැබේ. රාහු අසුබ තැනක ගමන් ගන්නා විට ප්‍රශ්න ගොඩකට මැදිවෙන්නට ජන්මියාට සිදුවෙයි. රාහු කේන්දරයේ බලවත් නම් සුබපල ලැබේ. ගෝචර පලයෙන් චන්ද්‍රයාගේ ග්‍රහ ගමනනේ සුබ අසුබ බව අනුව ඉඩ කඩම් ප්‍රශ්න, තුවාල, වාහන අනතුරු ඇතිවිය හැකිය.

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ රාහු බලවත්ව උපචය ස්ථානයක සිටී නම් සුබපල ලබා දෙයි. වෘෂභ ලග්න හිමියන්ගේ ද 3,6,10,11 ස්ථානවල රාහු බලවත් වෙයි. එවිට වෘෂභ ලග්න හිමියන්ට සුබපල අත්විඳීය හැකිය. රාහු අසුබව පිහිටා ඇති විට චින්තනය විකාර කරයි. මිනිස්සු රවටන්නට, බොරු කියන්නට පෙලඹේ.

 

මිථුන

මිථුන ලග්න හිමියන්ගේ කේන්දරවල ද උපචය ස්ථානයක රාහු බලවත්ව සිටියි නම් ඉඩකඩම් යාන වාහන ලබා දෙයි. ජන්ම කේන්දරයේ රාහු ප්‍රබල නම් මේ අසුබ තත්ත්වයන් ඇති නොවේ. මිථුනයේ රාහු බලවත් නැතිනම් ඉඩකඩම්, ප්‍රශ්න මතුවේ. මවු පාර්ශ්වයේ ගැටලු ඇති විය හැකිය. බන්ධු මිත්‍ර ආදීන්ට අපල ඇතිවේ.

 

කටක

කටක ලග්න හිමියන්ගේ උත්පත්ති කේන්දරයේ උපචය ස්ථානයක රාහු බලවත් වී සිටී නම් මහත් සුබපල ලබා දෙයි. අධ්‍යාපන කටයුතු සාර්ථක කරයි. විභාග ජය අත්වෙයි. උසස් ආචාර්යවරු හිමිවෙයි. තව තව සම්පත් ලබා දෙයි. අසුබව කේන්දරයේ සිටියොත් දුර්විපාක ලැබෙයි. ඉගෙනීම කඩාකප්පල් කරයි. ඔළුව අවුල් කරයි. අලසකම ඇති කරයි.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ උත්පත්ති කේන්දරයේ සඳුගේ පිහිටීම අනුව රාහුගේ පැමිණීම කෙසේදැයි බැලිය යුතුය. චන්ද්‍රයා මීන රාශියේ සිටියහොත් අපල දායක වෙයි. රාහු ද එතැනට පැමිණියහොත් අපල තත්ත්වය වැඩියෙන් බලපායි. මේ තත්ත්වය සමනය වීමට නම් ජන්ම කේන්දරයේ බ්‍රහස්පති බලවත් වී සිටිය යුතුය.

 

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ ද උපචය ස්ථානයක රාහු ගමන් කරන විට ජන්මියාට සුබපල ලැබේ. කන්‍යා ලග්න හිමියන්ගේ මංගල කටයුතුවලට හොඳයි. රාහු ප්‍රබල නම් සහ රාහුගේ දසාවක් තිබීම මෙහිදි ජන්මියාට වැදගත්ය.

 

තුලා

තුලා ලග්න හිමියන්ගේ රාහු ප්‍රබල වන්නේ ලග්නයෙන් තුන්වැන්නේ හිටියොත් එනම් සිංහ රාශියේදීය. එහිදී රාහු බලවත් වෙයි. එවිට ජන්මියාට සුබපල ඇතිවේ. නැතිනම් ගැටලු ඇති විය හැකිය. ලෙඩ දුක් කරදර යෙදිය හැකිය. අනතුරු ඇතිවිය හැකිය.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක රාහු යෙදුණහොත් සුබපල ගෙනදේ. භාග්‍යය උදාකර දෙයි. හදිසි වස්තු ලාභ ලබා දෙයි. දැහැමි ජීවිතයකට පත් කරයි. රාහු නරක් වුණොත් අධර්මිෂ්ඨ ජීවිතයකට උරුම කම් ඇති කරයි. සම්පත් නොලැබී යයි.

 

ධනු

ධනු ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක රාහු යෙදුණ හොත් සුබපල ගෙනදේ. උසස්වීම්, නව රැකියා , ආදායම් මාර්ග සරු කරයි. පියවරුන්ට, ඥාතීන්ට උරුම ලබා දෙයි. රාහු අසුබ තැනක සිටියොත් අසුබ පල ලබා දෙයි. නඩුහබවලට පටලවයි.

 

මකර

මකර ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක රාහු යෙදුණ හොත් සුබපල ගෙනදේ. එය මකර ලග්න හිමයන්ට ප්‍රබල යෝගයක් වෙයි. විවාහ මංගල කටයුතුවලට සුබදායක වෙයි. රාහු දසාවෙන් උපත ලැබූවා නම් රාහුගේ දසාවක් යනවා නම් එය අපල දායක වෙයි. රාහුගේ නැකැතකින් උපත ලබා ඇතිනම් අසුබ පල ලැබෙයි.

 

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක රාහු යෙදුණ හොත් සුබපල ගෙනදේ. රාහු දශාව අසුබ නම් පවුලේ අඬදබර ඇතිවීම් මෙන්ම මුදල් හානි ද සිදුවේ. එහෙත් ප්‍රබල තැනක රාහු හිටියොත් මේ තත්ත්වය වෙනස් වෙයි. උපචය ස්ථානගත වී රාහු බලවත් වී සිටියා නම් බලය ලැබේ. දුර්විපාක අඩුවේ.

 

මීන

මීන ලග්න හිමියන්ගේ ද කේන්දරයේ උපචය ස්ථානයක රාහු යෙදුණ හොත් සුබපල ගෙනදේ. උප්පත්ති කේන්දරයේ මීන ලග්නයෙන් තුන් වැන්නේ එනම් මකර රාශියේ රාහු සිටී නම් එය අති ප්‍රබල වෙයි. සුබපල ලබා දෙයි. ජය ලබා දෙයි. හදිසි ලාබ ලබාදෙයි. රාහු උත්පත්තියේ ප්‍රබල ස්ථානයක හිටියා නම් සුබපල දෙයි. නැතිනම් අවුල් සහගත තත්ත්ව ඇති වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.