භූමි සම්පත්වලට අරක්ගත් බහිරව දේවතාවා

ජුනි 14, 2024

 

ඈත අතීතයේ සිටම පොළොවට අධිපති මහා අදෘශ්‍යමාන බලවේගයක් පවතින බවට විශ්වාස කරමින් ඒ සඳහා පුද පූජා පවත්වමින් ධන නිධාන ලබාගත් බවට ජනවහරේ පවතින කතාවලින් හෙළි වේ. පොළොව යට වළක් සාදා ආරක්ෂාවට තබා ඇති රන් රිදී, මුතු, මැණික් හා වටිනා කෞතුක භාණ්ඩ මේ බලවේගය මඟින් ආරක්ෂා කරන බවත් ඒවායේ ප්‍රධානියා බහිරවයා බවත් විශ්වාසයයි. පොළොව යට සඟවා ඇති මේ වස්තූන් හා සම්බන්ධ බොහෝ තොරතුරු කියැවෙන නිදන් වදුළෙන් බහිරව දේවතාවාට දී ඇත්තේ ද්විතීය ස්ථානයකි.

මහා පොළොව යට සඟවා ඇති ධන නිධාන, මුතු මැණික්, භවභෝග සම්පත් ආදියේ හිමිකරුවා මෙන්ම ආරක්ෂකයා ලෙසද නම්කර ඇති බහිරවයාගේ පහළවීම පිළිබඳව ආදි ජනකතාවල විවිධ මත රාශියක්ම ඇත. පොළොවට අධිගෘහිත ප්‍රධානියා ලෙස නම් කර සිටින බහිරව දේවතාවා

ආදියේ සිටි මහා ධනකුවේරයන් තම ධනය සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පොළොව යට වළලා ආරක්ෂා සහිතව තබන ලදී. එසේ ධනය වළලා ඒ ගැන සිතමින් සිටිනවිට හදිසියේ මිය ගියහොත් සිය ධනයට ලොල්ව එම ධනයට ආසාව උපදවා ඒවා ආරක්ෂා කිරීමට එන අදෘශ්‍යමාන මහා බලවේගයක් යයිද පිළිගත් මතයක් ද එදා පැවැතියේය. පොළොව යට වළලන ලද මහා ධනස්කන්දය රන්, රිදී, මුතු, මැණික් මුදල් හා කෞතුකභාණ්ඩ යන සම්පත් සදාකල් ආරක්ෂා කර ගැනීම සඳහා යම් යම් අවස්ථාවල්වලදි බිල්ලට දෙන අහිංසකයන, එම ධනයට ආසාවෙන් පවතින අය අදෘශ්‍යමාන බලවේගයන්ට පත්ව ඇතැයිද කියති.

එහෙත් බහිරවයා පොළොවට අධිපති බැවින් වළලන ලද සියලු මුතු, මැණික් රන් සියල්ලක්ම අයිති වන්නේ ද බහිරවයාටමය. ඒ ගැන පුරාණ රෝමන්වරුන්ගේද පිළිගැනීමකට ලක්ව ඇත. පොළොව යට වළලා ඇති විශාල ගල් පර්වතයක ඇලදොළ ආශි‍්‍රතව මෙසේ රන්, රිදී, මුතු, මැණික් මෙන්ම වටිනා දියමන්ති ආදි කෞතුක භාණ්ඩ ද වේ. බහිරවයා බාරයේ පවතින මේ වටිනා රන්භාණ්ඩ මුතු, මැණික්, දියමන්ති හා කෞතුක භාණ්ඩ ගෙන්වා ගැනීමට යාමේදී විනාශකාරි සිදුවීම්ද බෙහෙවනින්ම අසන්නට ලැබේ. ගල් පර්වත පවා පුපුරුවා හැරීමටත් ඇළ දොළ ගංගා අසල ගල්තලාව කඩා බිඳ දමා සත්ව මෙන්ම මිනිස් බිලි පවා දී ඇති බවත් එදා මෙන්ම අදත් අසන්නට ලැබෙන තොරතුරු වේ. ගල්ගෙවල්, සිද්ධස්ථාන, දේවාල භූමිවල පවා ඇතැයි කියන නිදන්වස්තු ගැනීමට බහිරවයාට පුද පූජා පවත්වා ඇති අතර නර බිලි හා සත්ව බිලිද දී ඇත. එමෙන්ම විශාල ඉඩම්වල ගොඩනැඟිලි නිවෙස් සෑදීමේදී බහිරවයාට පුද පූජා පැවැත්වේ. සිරිතක් පෙර මෙන්ම අද ද සිරිතක් වශයෙන් පැවැත්වේ.

මේ දිවයිනේ මූලාරම්භයේ විසුවන් පවා පොළොවට අධිපති බහිරවයා යැයි අදෘශ්‍යමාන බලවේගයක් ගැන විශ්වාස කොට ඇත. ලොව පුරා පොළොව යට සැඟවා ඇති විසල් ධන නිදානවලට අධිපතියා බහිරවයා හෝ වෙනත් බලවේගයක් යැයි සිතීමට බොහෝ විද්‍යාත්මකවත් කරුණු සොයා ඇත. රන්රිදී, මුතු, මැණික්, දියමන්ති ආදි ස්වභාවික ධන සම්පත් වගේම සියලුම වස්තුන්ට ආරක්ෂකයා වගේම හිමිකරු බහිරවයා හෝ වෙනත් බලවේගයක් ඇතැයි අතීතයේ විසු රෝමන්වරු ඉහළින්ම විශ්වාස කළහ. බහිරව, වයිරව, බැරැන්ඩි යන නම්වලින්ද බහිරව දෙවියන් නම් කර ඇත. විශේෂයෙන් බහිරව දෙවියන් මැණික් පතල් කැණීම්වලටද අධිපති දෙවියා යැයි විශ්වාස කරන බැවින් ඒ සඳහා ද පුද පූජා පවත්වති. පවුලකට කුලුඳුල් පුතෙක් ලැබුණු විට ඒ දරුවාට බහිරව බැල්ම වැටීම නිසා මුළු පවුලම විනාශ වේ යැයි කියන විශ්වාසයක් නිසා කුලුදුල් පුතා බහිරවයාට බිලිදීමේ චාරිත්‍රයක්ද එකල පැවැති බවත් ජනප්‍රවාදයේ එයි.

බොහෝ ඈත ගම්වල කිසිදු වැඩකට නොගන්නා විශාල ඉඩම් ඇත. වල්බිහිව පවතින සමහර විශාල ඉඩම්වල පැවැති නිවාස අතහැර දමා තිබේ. ඒවායෙහි බහිරව දෝෂ ඇති බවට ද විශ්වාස කෙරේ. එමෙන්ම පාළුවට ගොස් තිබූ පසුව නිවාස සෑදීමට ගන්න ලද ඉඩම්වලද වෙළෙඳ ව්‍යාපාර සඳහා ඉදිකෙරෙන ඉඩම්වලට බහිරවදෝෂ තිබිය හැකිය. එමෙන්ම එම ඉඩම්වල අයිතිකරුවන්ව සිට ඉඩම්වලට ආසාවෙන් මියගිය අයගේ ඇල්ම බැල්ම ඉඩම්වලට අරක්ගෙන තිබිය හැකිය. මේ නිසා ඒ ගැන විශ්වාස කරන අය නිවසට හෝ වෙළෙඳ ව්‍යාපාරයකට වෙනත් ආයතනයක් සඳහා හෝ පාළුවට ගිය ඉඩමක් හෝ නව ඉඩමක් හෝ ගෙන ගොඩනැඟිල්ලක් ඉදිකරන විට මුල්ගල තබන දිනයට පෙර දින රාත්‍රියේ බහිරව පූජාවන් තබා ඉදිකරනු ලබන ගොඩනැඟිල්ල ආරක්ෂා කර ගැනීමට කටයුතු කරති.

ගොඩනැඟිලිවලට බහිරව බැල්ම වැටීමෙන් නොයෙකුත් බාධක මත ඉදිකිරීම් කටයුතු අවසන්කොට පදිංචි වුවත් යම් යම් කරදරවලට මුහුණපෑමට සිදුවන අතර රෝගාබාධවලින්ද දියුණුවටද බාධා ඇතිවේ. කරන කියන කිසිදු කටයුත්තක් සාර්ථක නොවන අතර දිනෙන් දින පිරිහීමට ලක්වේ. වෙළෙඳ හෝ වෙනත් ව්‍යාපාරයක් නම් නොසිතූ ලෙස පාඩු සිදුවන අතර පවුලක් නම් අසමගිතාවයෙන් හා රෝගාබාධවලින් හා කිසිදු දියුණුවක් නොලබා ප්‍රශ්න පිට ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවේ. මෙවැනි තත්ත්වයකට බෙහෙවින් පත්වන්නේ බහිරව බැල්ම හෝ ඉඩමඩට හෝ නිවසට ආශාවෙන් මිය ගොස් ඒවාට ආශාවෙන් බැල්ම හෙළා සිටින මළගිය ඇත්තන්ගේ ඇල්ම බැල්ම හේතුවෙනි.

එබැවින් එවැනි අපල උපද්‍රවලින් වැළකී නම් ඒ ගැන දන්නා අවබෝධයක් ඇති ඡ්‍යොතිෂවේදියෙකුගෙන් කරුණු අසා දැන ගත යුතුය. කළ යුතු සෙත් ශාන්ති ගැන අවබෝධයකින් කටයුතු කළ යුතුය. ඉඩමක පේ‍්‍රතපාද, දේවපාද, මනුෂ්‍යපාද හා බ්‍රහ්ම පාද යන ප්‍රධාන කොටස් හතරක් ඇත. ඉදිකිරීමේදී පේ‍්‍රතපාදය අසු නොවිය යුතුය. බ්‍රහ්මපාදය වැදගත් වේ. බ්‍රහ්ම පාදය පිරිසුදුව තිබිය යුතුය. එය පෑගීමට සුදුසු නොවේ. ගොඩනැඟිල්ලට විශ්ව ශක්තිය එන්නේ බ්‍රහ්මපාදය පිහිටි ස්ථානයෙනි. නිවසේ ගිනිකතුරෙන්ද ප්‍රවේශම් විය යුතුය. නිවසක් ඉදිකළ යුත්තේ සමබරතාවයකිනි. එසේ නොවුණවිට බිත්ති පිපිරීම ගිලාබැසීම බිත්ති ඇලවීම් ආදිය සිදු වේ.

යමක් ඉදිකිරීමේදී නිවසක් හෝ වෙනත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේදි සිදුවන දෝෂ නිසා පේ‍්‍රත කුම්භාණ්ඩ පිසාච ආදි අමනුෂ්‍ය දෝෂ එකහෙලා නිවසට හෝ ගොඩනැඟිල්ලට ඇතුළු වේ. එම බලපෑම් බොහෝ හිරිහැර කරදරවලට මෙන්ම පාළු ස්වභාවයක් ඇති කිරීමට ද හේතු වේ. ඒ සියලු කරදරබාධක අපහසුතා ඉවත්කොට දියුණුවට මඟ පාදා ගැනීමට නම් බහිරව දෝෂ ඇත්නම් ඒවාද පේ‍්‍රත, අමනුෂ්‍ය දෝෂ ඇත්නම් ඒවාද ඉවත් කර ආරක්ෂා කළ යුතුය.

 

ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර

මොරටුවේ තිස්ස මහානාම

බී. ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.