වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
අර්ධ සූර්යග්‍රහණය අප රටට කෙසේ බලපාවිද?
ඔක්තෝබර් 21, 2022
සූර්ය ග්‍රහණයක දී තත්කාල කේන්ද්‍රය යොදා ගත යුතු වන්නේ අමාවක පොහොය ලබන වෙලාවටයි. මේ අනුව 24 දින සවස් යාමයේ එකී වේලාවට මීන ලග්නයත්, වර්ගෝත්තම මීන නවාංශකයක් උදාව පවතී. තත්කාල කේන්ද්‍රයේ ගුරු ලග්නගතව යුරේනස් දෙවැන්නේ ද කුජ හතර වැන්නේ ද සත් වැන්නේ බුධ ද අටවැන්නේ රවි, චන්ද්‍ර, සිකුරු ද එකොළොස් වැන්නේ සෙනසුරු සහ දොළොස්වැන්නේ නෙප්චූන් ද සිටියි. මෙහි ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගත් කළ රටට සහ රට කරවන අයට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. විරුද්ධ පාර්ශ්වයන් ගේ වාද විවාදවලට ලක් වේ. විදේශ මැදිහත්වීමෙන් මූල්‍යමය තත්ත්වයන් ඉහළ නැංවී අපේක්ෂිත ආර්ථික කළමනාකරණය සමඟින්ම මුදල් හා සම්බන්ධ ගිවිසුම් ඇතිකර ගනී. විවිධ අංශ මඟින් මහ බැංකුව පොහොසත් වෙයි. රජය විවේචනය කිරීම අඩුවක් නොවන නමුත් පරිසර විපත් වැඩිවේ. මාර්ග අනතුරු හේතුවෙන් මගී ජීවිතවලට හානි. මුදල් අවභාවිතා කරන අයට නීතිමය පියවර. සොර සතුරු උපද්‍රව වැඩි වෙන අතරම එවැනි අය නීතියේ රැහැනට. ප්‍රභූ මරණ ගැන අසන්නට ලැබේ. නාවික හා පතල් ආශ්රිත සේවා නියුක්ත අයට විපත්. කාර්මික ජීවන තත්වයන්ට පැමිණීමෙන් විපත් අවම කරගන්න.
-----------------
මහරගම ‘අපේක්ෂා රෝහලේ’ ළමා වාට්ටුවට වටිනා ඖෂධ සහ ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාගයක්
‘ලෝක ළමා දිනය’ වෙනුවෙන් ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජය’ මඟින් පසුගිය දින දිස්ත්‍රික්ක 306 සී 1 ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වටිනා ඖෂධ තොගයක් සහ ක්‍රීඩා භාණ්ඩ රැසක් මහරගම ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මැතිතුමා වෙත භාර දුන් අවස්ථාවයි මේ.
සත්වන වරටත් ‘ලෝක ළමා දිනයේදී’ මහරගම ‘අපේක්ෂා රෝහලේ’ පැවති මෙම උත්සවය සඳහා සිංහ සමාජයේ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මහත්ම මහත්මීහු සහ සිසුහු රැසක් සහභාගි වූහ. මෙහි වමේ සිට දකුණට, කර්නල් සිංහ ප්‍රදීප් සේරසිංහ, රෝහල් ලේකම් ප්‍රදීප් රසාංග, සිංහ සමාජ සංවර්ධන සහ කලාපීය සභාපති සිංහ ඇන්ටන් ජයමාන්න, ‘කලම්බු රෝයල්ටි සිංහ සමාජයේ’ සභාපති සිංහ ධම්මික ගුණසේකර, විශේෂ ආරාධිත හිටපු සිංහාධිපති සිංහ මහින්ද පෙරේරා, ‘අපේක්ෂා රෝහලේ’ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, ඖෂධ ව්‍යාපෘතියේ සභාපතිනි සිංහ යමුනා සෙනෙවිරත්න, සිංහ ඩියානි ප්‍රනාන්දු, භාණ්ඩාගාරිකා සිංහ ෂෙරීන් ෆොන්සේකා, ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ සිංහ අනුර සී. පෙරේරා සහ සිංහ රනුක දිසානායක යන මහත්ම මහත්මීහු වෙති.
෴ සබැඳි ලිපි ෴
මහා විෂ්ණු බලා රාජ තෛලය“බැවිල මුල් මැඩ සියක් පලමක් සිව් සැටක් ජල වක්කරා පසුවදා මිරිකා පෙරාගෙන දසය වනතුරු කකාරා ඊට කසපැන් දියත් එපමණ ඇවත දසයට...
2023-09-28 18:30:00
දරුවෝ රටේ සම්පතක්. ඒකට තර්කයක් නැහැ. නමුත් මේ සම්පතින් අපට අපේ රටට ලෝකයට වැඩ සිදු කර ගන්න නම් අපේ මවුපියෝ දරුවන්ව නිවැරැදි මාර්ගයේ යවන්න ඕනෑ. කිසිදු...
2023-09-28 18:30:00
පංචිකාවත්තේ අභයසිංහාරාමය පිහිටා ඇත්තේ ජනාකීර්ණ පෙදෙසකය. ඒ 1935 වර්ෂයයි. එවක එහි විහාරාධිපති වූයේ පූජ්‍යපාද මාදම්පේ ශ්‍රී අත්ථදස්සි සීලක්ඛන්ධ...
2023-09-28 18:30:00
ජීවිතයේ සුන්දරම අවධිය ලෙස සැලකෙන්නේ නව යොවුන් වියයි. අවුරුදු දහතුනටත් දහනවයටත් අතර කාලය තුළ දී මේ තත්ත්වයට පත්වේ. මේ කාලය තුළ දී දරුවකු...
2023-09-28 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ඔක්තෝම්බර් මාසයේ උපන් අයගේ ජීවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර අද අපි නොවැම්බර් හා දෙසැම්බර් මාසවල උපන් අයගේ ජීවන තොරතුරු...
2023-09-28 18:30:00
අගනුවර මැදින් දකුණු දිශාවට හැඩවෙමින් ගලා යන සිසිල් දිය දහර ගී‍්‍රස්මය නිවාලයි. දිවා කාලයට බොල්කඩ පොළොවෙන් අහසට බුර බුරා නඟින තද රශ්මිය මේ නදියෙන්...
2023-09-28 18:30:00
31. ස්තම්භනයස්තම්භනය නම් නිසල කිරීමය. දැඩි කිරීමයි. අනංගයාගේ ඊ වැලටද ස්තම්භනයද අයත් වෙයි. අනංග සර මෙසේ දැක්විය හැකිය.1.පියුම් (උන්මාද)2.හෝපලු (...
2023-09-21 18:30:00
හලාවත මුන්නේශ්වරම් කෝවිලේ නිකිණි මංගල්‍යය සෑම වසරකම අගොස්තු මාසයේදී මහත් උත්සවාකාරයෙන් පැවැත් වේ. ගණදෙවි පූජාව, කතරගම පූජාව, විෂ්ණු පෙරහර, අඹ විදින...
2023-09-21 18:30:00
ඒ 1929 වසරේ ජූලි 29 වැනිදාය. එදින පෙරදිග දේශීය වෙදකමටත් ඒ හා බැඳුණු ඡ්යොතිෂවේදයටත් මහත් සේ ඇලුම් කළ වික්‍රමාරච්චි පණ්ඩිත රාලහාමිගේ හිසේ මලක් පිපුණු...
2023-09-21 18:30:00
සියපත් හෝරාව යනු සුබ මුහුර්ථයකි. ඕනෑම සුබ කටයුත්තක් සඳහා යොදා ගැනීමට හැකි ප්‍රභල නැකැතක් ලෙස මෙය සඳහන් කළ හැකිය. “මය” සෘෂිතුමන් විසින් සූර්ය...
2023-09-21 18:30:00
දස මසක් පුරා සුරක්ෂිතව මවගේ කුස තුළ වැඩෙන දරුවා මෙළොවට බිහිවීමත් සමඟ පෝෂණය වන්නේ මවගේ කිරිවලිනි. දරුවෙකු මෙලොවට බිහිකරන සෑම මවකටම දරුවා පෝෂණය කිරීම...
2023-09-21 18:30:00
විවාහ රේඛාවක් තරුවකින් ආරම්භ වන්නේ නම් (A) මුදල් දුෂ්කරතා රෝගී තත්ත්වයක් නිසා හෝ එසේත් නොමැති නම් දුර පළාතක හෝ වෙනත් රටක ජීවත්වීම නිසා විවාහය ප්...
2023-09-21 18:30:00
ප්‍රශ්නයකට හෝ ගැටලුවකට මුහුණ දෙන තැනැත්තා ඊට විසඳුම් සොයා යාමේදී හේතු සාධක සොයා බැලිය යුතුය. ඒ සඳහා උපකාරක ලිපියක් වශයෙන් ලියන ලද ලිපියෙහි දෙවන කොටස...
2023-09-21 18:30:00
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක සැප්තැම්බර් මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි ඔක්තෝබර් මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කතා කරමු....
2023-09-21 18:30:00
මිනිස් සිරුරේ ගෙල ද ඔහුගේ හෝ ඇයගේ චරිත ස්වභාවය පෙන්නුම් කරන වැදගත් දේහ ලක්ෂණයකි. සාහිත්‍ය කරුවෝ ස්ත්‍රී රුව වර්ණනයේ දී ගෙල පිළිබඳ වර්ණනා කිරීමට අමතක...
2023-09-21 18:30:00
වසර දහස් ගණනකට වැඩි ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකාද්වීපයේ අතිශය වටිනාකමකින් යුත් බැහැර කළ නොහැකි වූ ශාස්ත්‍රීය විද්‍යාවන්ගෙන් පූරණය වූ...
2023-09-14 18:30:00