ඔක්තෝබර් මාසයේ උපන් ඔබ ගැනයි...

සැප්තැම්බර් 22, 2023

පසුගිය සතියේ ඕනෑම වර්ෂයක සැප්තැම්බර් මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි ඔක්තෝබර් මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කතා කරමු. සැප්තැම්බර් මාසයේ 21න් පසු 26 දක්වා කන්‍යා රාශියේ බලය කෙමෙන් අඩුවන අතර, තුලා රාශියේ බලය කෙමෙන් වැඩිවේ. සැප්තැම්බර් මාසයේ 26 සිට සිකුරුගේ ගේ බලය ඔක්තෝබර් 21 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර ඔක්තෝබර් 21න් පසු තුලා රාශියේ බලය අඩුවෙමින් වෘශ්චික රාශියේ බලය වැඩි වෙමින් ගමන් කරයි.

ඔක්තෝබර් මාසය වායු තිවංකයට අයිති වන අතර සිකුරුගේ බලය ක්‍රියාත්මක වේ. තුලාවේ ශනි උච්චව ගමන් කරන අතර තුලාවේ රවි නීචව ගමන් කරයි. මේං රාශියේ රවි සිටින ස්ථානය අනුව පූර්ණව චරිත ලක්ෂණ වෙනස් වේ.

ඔක්තෝබර් මාසයේ උපන් පුද්ගලයින් කඩවසම් ආකර්ෂණීය පෙනුමකින් යුත් කලාවට කැමති සහ ඒ සම්බන්ධ ශිල්පීය හැකියාවන් සහිත පුද්ගලයින් වේ. පරිසරයට ඉතාමත් සංවේදි පරිසරයට ආදරය කරන අය වේ. එමෙන්ම ඔවුන්ට සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇත. යුක්තිය සාධාරණත්වය නිතරම ගරු කරන ඒ සඳහා සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන ඕනෑම තර්කනයක් හොඳින් මැන බලන පුද්ගලයින් ඔක්තෝබරයෙන් බිහිවේ. යුක්තිය පසිඳීමෙහි මූලිකත්වය ගෙන කටයුතු කරයි. වාද විවදයේදි සාමදානයට ගරු කරයි. ඔවුන්ට වචන සහ භාෂාව භාවිතයේදි විශාල පරිනතභාවයක් හිමිය.

මේ මාසයේ පුද්ගලයන් නීතියට කැමැතිය. වෘත්තියෙන් නීතිඥායන් නොවුණත් තර්කනය ඔවුන් සතුව ඇත. වැඩි පිරිසක් නීතිය හැදැරීමට පෙලඹේ. මේ ස්වභාවය නිසාම සෑම සිදුවීමකට හේතු පරික්ෂා කිරීමට ද කටයුතු කරයි. යම් ක්‍රියාමාර්ගයක් සඳහා තීරණයක් ගත් කල වෙනස් නොකරම එම ක්‍රියාමාර්ගය දිගේ ගමන් කරයි. එසේම යම් විශේෂ විෂයක් තෝරාගෙන ඒ සම්බන්ධව කරුණු සොයා බැලීමක නිරත වන අතර, ඔවුන් හොඳ විද්‍යාඥායන් වෛද්‍යවරුන් සේ ඉදිරියට ගමන් කරයි. ඔක්තෝම්බර් මාසය ශනි උච්ච මාසය බැවින් මෙම මස උත්පත්තීන් ශනි සහ සිකුරුගේ බලපෑමට යටත් වේ. එම නිසාම තමාගේ ජීවිතය ආදරය නිසා හෝ වගකීම් පිළිබඳ හැඟීම් නිසා අනිත් අය වෙනුවෙන් කැප කිරීමට සිදුවේ. බොහෝවිට වයසට ගිය ඥාාතියකු රැක බලා ගැනීමට සිදුවනු ඇත. එසේත් නැතිනම් දුර්වල දරුවන් රැක බලා ගැනීමට සිදු චේ.

රසවත් ආහාරපාන, ඇදුම් පැල දුම් හා යාන වාහන ලබා ගැනීම සඳහා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වී වැඩ කරන අතර, ආහාරවල රසවත්භාවය පිළිබඳව ඉතා උනන්දු වේ. එසේම ආහාර පිළියෙළ කිරීම එවායේ ගුණාත්මක භාවය පිළිබදව සැලකිල්ලක් දක්වයි. මේ අය කලාත්මක ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේ සහ නිවෙස තුළ ඒවා සකස් කිරීමේ හොඳ හැකියාවක් ඇත. අවස්ථාවට ගැළපෙන ලෙස ඇඳුම් සකස් කර ගැනීමට මෙන්ම ඕනෑම අවස්ථාවකදි ඊට සරිලන ලෙස කටයුතු කිරීම ඒ අනුව හැසිරීම ඉතා සාර්ථකව සිදු කරයි. ආර්ථිකය සම්බන්ධව සැලකීමේදි ප්‍රබල චරිත ඔක්තෝබරයේදි මුණ නොගැසන අතර, වයසට යන තුරුම ආර්ථිකය සම්බන්ධ වගකීම් ලබා ගන්නේ නැත.

සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ උපන් අයවලුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්නා අතර සිකුරුගේ ක්‍රියාකාරිත්වය නිසා ආහාරවලට වැඩි රුචිකත්වයක් දැක්වීමෙන් පාලනයකින් තොරව ආහාර ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු ඇතිකර ගනී. වකුගඩු සම්බන්ධ රෝගාබාධවලට පහසුවෙන් ගොදුරු වේ. ඊට අමතරව ඇපැන්ඩිසයිටිස්, මුත්‍රාශයේ රෝගවලට භාජනය වීමේ වැඩි ඉඩකඩක් පවති. මේ තත්ත්වයන්ට ගොදුරු නොවී සිටීමට නම් සරල ජීවිතයකදී සරල ආහාර වේලක් සමඟ යහපත් පරිසරයක වාසය කළ යුතුය.

මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සඳහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව වායු තිවංකයට අයත් සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 20 අයවලුන් සහ මැයි 21 සිට ජුනි 20 දක්වා ද ජනවාරි 21 සිට පෙබරවාරි 19 දක්වා උපන් අයවේ. තවද සප්තමයෙන් මාර්තු 21 සිට අප්‍රේල් 20 දක්වා අයවලුන් ද සුදුසුය.

ඔක්තෝබර් මාසයේ අප රටේ වැදගත් විද්වතුන් පිරිසක් උත්පත්තිය ලබා ඇත. ඒ අතරින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලද සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ උපත සිදුවි ඇත්තේ 1884 ඔක්තෝබර් 13 දිනය. එතුමා වෘත්තියෙන් නීතිඥාවරයෙකි. අධ්‍යාපන ඇමතිවරයකු ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපනය පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකි විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය දැරු ඩි. එස්. සේනානායක මැතිතුමා ද උපත ලබා ඇත්තේ 1884 ඔක්තෝබර් 20 දිනය. එතුමා 1947 -1952 ලංකාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර, ගල්ඔය ව්‍යාපෘතිය එතුමාගේ මෙහෙවරකි. තවද තිලකරත්න දිල්ශාන්, අකිල ධනංජය, අරවින්ද සිල්වා, නුවන් ප්‍රදීප්, ප්‍රසන්න ජයවර්ධන වැනි ක්‍රිකට් තරු රාශියක්ද විජය කුමාරතුංග, වසන්ති චතුරාණි, මානෙල් වානගුරු වැනි කලා තරුද ලසන්ත අලගියවන්න, අශෝක අබේසිංහ, නිමල් ලන්සා වැනි දේශපාලඥායන් රාශියක් ද ඔක්තෝබර් උත්පත්තියකට හිමිකම් ලබා ඇත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.