නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල උපන් ඔබ ගැනයි...

සැප්තැම්බර් 29, 2023

 

පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ඔක්තෝම්බර් මාසයේ උපන් අයගේ ජීවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර අද අපි නොවැම්බර් හා දෙසැම්බර් මාසවල උපන් අයගේ ජීවන තොරතුරු ගැන කතා කරමු. ඔක්තෝම්බර් සහා දෙසැම්බර් මාස දෙකේහිම 21 න් පසු 26 දක්වා තුලා රාශියේ බලය කෙමෙන් අඩුවන අතර වෘශ්චික රාශීයේ බලය කෙමෙන් වැඩිවේ.

ඔක්තෝම්බර් මාසයේ 26 සිට කුජගේගේ බලය නොවැම්බර් 21 දින දක්වා උපරිමයෙන් ක්‍රියාත්මක වන අතර නොවැම්බර් 21 න් පසු වෘශ්චික රාශියේ බලය අඩුවෙමින් ධනු රාශියේ බලය වැඩි වෙමින් ගමන් කරයි. නොවැම්බර් මාසය ජල තිවංකයට අයිති වන අතර කුජගේ ගේ බලය ක්‍රියාත්මක වේ.

අසාමාන්‍ය ලෙස මිනිසුන් ආකර්ෂණය කරගැනීමේ හොඳ හැකියාවක් ඇති මෙන්ම තමන්ගේ කථාවෙන් මිනිසුන් හැසිරවීමේ දක්ෂතාවයකින් යුතු හැඟීම්බර පුද්ගලයන් මේ මාසයේ උත්පත්තිය ලබයි. ඔවුන් කථාවේ ඉතා දක්ෂය. යමක් පැහැදිලි කිරීමේදි හාස්‍ය එකතු කරමින් සවන්දෙන්නන්ට දැනෙන ආකාරයට ඉදිරිපත් කරයි. ලිවිමේ හොඳහැකියාවක්ද ඔවුන්ට ඇත. හදිසි අනතුරුදායක අවස්ථාවල කලබල නොවී කටයුතු කරයි. දේශපාලනයේ දි හෝ ව්‍යාපාරික ක්‍ෂෙත්‍රයේ නැතිනම් සාහිත්‍ය ක්‍ෂෙත්‍රයේ දී නව අදහස් නව නිර්මාණ මොවුන් අතින් බිහිවේ. ඉතා හොඳ වෛද්‍යවරු ශල්‍ය වෛද්‍යවරු සහ ආගමික දේශකයෝ නොවැම්බර් මාසයේ අයිති කරුවෝය. ඔවුන්ට ශ්‍රේෂ්ඨ මානව හිතවාදි හදවතක් ඇත. එම නිසා ආත්මීය කැපවීම සහ ප්‍රබල ත්‍යාගශීලිබව දැකගත හැකිය. එහෙත් මොවුන් පිළිබඳව අසත්‍ය කටකථා පැතිර යාම නිරන්තරයෙන් දැකිය හැකිය. එසේ වුවද සමාව ඉල්ලන ඕනෑම මොහොතක සතුරන්ට පවා සමාව දෙන ස්වභාවයක් ඔවුන් තුළ ඇත.

නොවැම්බර් මාසයේ අය ගුප්ත ශාස්ත්‍ර කෙරේ උනන්දුවක් දක්වති. තමන්ගේ ඉව ශක්තිය වේගයෙන් දියුණු කර ගන්නා අතර ඒ නිසාම ප්‍රසිද්ධියට පත්වේ. ඔවුන් ස්වභාවයෙන්ම දර්ශනවාදීන් වන බැවින් විශිෂ්ට ලෙස අන්‍යයන්ගේ චරිත විශ්ලේෂණය ඉතා නිවැරැදිව කිරීමේ හැකියාව ඇත. මේ මාසයේ උපන් අයගේ වර්ග දෙකක්. ඒ යහපත් සහ අයහපත් මින්සුන් වශයෙනි. ඒ කෙසේ වුවත් සියල්ලෝම ද්විත්ව ජීවිත ගත කරති. ලෝකයා ඉදිරියේ එක ජීවිතයකුත් තමාටම එක ජීවිතයකුත් වශයෙන් ඔවුන්ගේ ජිවන ගමන ඉදිරියට ගමන් කරයි. සාමාන්‍යයෙන් ආදායම් ලැබෙන මාර්ග දෙකක් පවති. නමුත් ආර්ථිකය ජීවිතය පුරාම ඉහළ පහළ තත්ත්වයක් දකින්න ලැබේ. වුවමනාවට වඩා වියදම් කිරීම මොවුන්ගේ සිරිතය. ඒ වගේම වුවමනාවට වඩා ත්‍යාගශීලි වේ.

ජිවිතයේ මුල් කාලයේ ප්‍රබල අසනීප රාශියකට මුහුණ පෑමට සිදුවේ. මහබඩවැල හා බහිස්‍රාවීය පද්ධතියට අදාළ රෝගාබාධයන් ප්‍රමුඛ අසනීප තත්ත්වයන් වේ. අර්ශස් අමාරු මූත්‍රාශයේ ආබාධ පිරිමි හා ගැහැණුන්ගේ ලිංගික අවයවවලට අනතුරු සහ ශරීරියේ ඒ ආශ්‍රිත ග්‍රන්ථවල ආබාධ ඇතිවිය හැකිය. එසේම උගුර හා සෙම අසනීප පෙනහළුවල උඩ කොටසක් විශේෂ අවධානයට ලක්විය යුතුය.

මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සඳහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව ජල තිවංකයට අයත් ඔක්තෝම්බර් 21 සිට නොවැම්බර් 20 අයවලුන් සහ ජුනි 21 සිට ජුලි 20 දක්වාද පෙබරවාරි 19 සිට මාර්තු 20 දක්වා උපන් අයවේ. තවද සප්තමයෙන් අප්‍රේල් 21 සිට මැයි 20දක්වා අයවලුන්ද සුදුසුය.

නොවැම්බර්, දෙසැම්බර් මාසයේ 21 න් පසු 26 දක්වා වෘශ්චික රාශියේ බලය කෙමෙන් අඩුවන අතර ධනු රාශීයේ බලය කෙමෙන් වැඩිවේ. නොවැම්බර් මාසයේ 26 සිට ගුරුගේ බලය දෙසැම්බර් 21 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර දෙසැම්බර් 21 න් පසු ධනු රාශියේ බලය අඩුවෙමින් මකර රාශියේ බලය වැඩි වෙමින් ගමන් කරයි. දෙසැම්බර් මාසය ගිනි තිවංකයට අයිති වන අතර ගුරුගේ ගේ බලය ක්‍රියාත්මක වේ.

කෙළින් අදහස් ප්‍රකාශ කරන සියලු කටයුතුවලදි තම ඉලක්කය හඹායන වේගවත් පුද්ගලයන් දෙසැම්බර් මාසයෙන් බිහිවේ. වැඩකටයුතු කිරීමේදි එම මොහොතේදි කරමින් සිටි කටයුත්තට පමණක් අවධානය යොමු කරමින් ඔවුහු කටයුතු කරති. ප්‍රබල ලෙස සත්‍යවාදි වන නිසා සියලු ආකාරයේ වංචනික ක්‍රියාවලට එකඟ වන්නේ නැත. ඒ වගේම මොවුන් ගුරු මඟින් පාලනය වන නිසා සමාජයේ ඉහළ නැඟීම සඳහා නොකඩවා මහන්සිවීමේ හැකියාවෙන් යුත්තය. ඔවුන්ගේ වෘත්තිමය ක්‍රියාදාමයන් සඳහා සමාජයේ දුක් විඳින පිරිස් ද සම්බන්ධ කරගනී. මේ මාසයේ අයවලුන් එකම ක්‍ෂෙත්‍රයකට සීමාවී නැති නිසා කටයුතුවලදි ඔවුන්ගෙ උදහස් වරින්වර වෙනස් කරනු ලැබේ. දේශපානයේ නම් ප්‍රතිපත්ති වෙනස් කරයි. විද්‍යාඥයින් නම් සිය මුලික පරික්ෂණ නවතා වෙනත් කටයුත්තක් සඳහා යොමු වෙයි. බලය සඳහා ඇති කැමත්ත නිසා තම අරමුණු ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ගමන් මාර්ගය වහා නතර කරයි.

දෙසැම්බර් මාසයේ අය හදිසි තීරණ මත විවාහ වන අය වෙති. එහෙත් එම විවාහ ගැන පසුව පසුතැවිල්ලකට පත්වේ. එසේ වුවද අභිමානයට හානි වේ යැයි සිතා වැරැදි පිළිගන්නේ නැත. දැඩි මතධාරි ස්වභාවයක් මොවුන්ගෙන් දෘශ්‍යමාන වේ. ඔවුන් ආගමානුකූල කටයුතුවල නියළෙන්නේද ආගමට ඇති භක්තිය නිසා නොව සමාජයේ අවධානය ළඟාකර ගැනීම පිණිසය. මේ මාසයේ උපන් කාන්තාවෝ තම ස්වාමිපුරුෂයාගේ සාර්ථකත්වය වෙනුවෙන් සහ දරුවන්ගේ සාර්ථකවත්වය වෙනුවෙන් සියලු කැපකිරිම් සිදුකරති. මොවුන්ගේ විවාහය අසතුටුදායක වුවාට තම නිවසට ආදරය කරන අතර හොඳ ප්‍රතිඵලයක් ගැනීමට මහන්සි වෙති. මේ මාසයේ කාන්තාවන් ස්නායු ආබාධ වලට නිරතුරුවම ගොදුරු වේ. මාසයේ අග භාගයේ ඉපදි ඇත්නම් දෙපාවල අංශ භාගය ඇතිවීමට ඉඩ තිබේ.

මේ මාසයේ පුද්ගලයන්ට බුද්ධිය මෙහෙය වීමෙන් ඉතා හොඳ ආර්ථිකයක් ගොඩනඟා ගත හැකිය. හවුල් කරුවන් සමඟ කටයුතු කිරීම බොහෝ විට අසාර්ථක වන නමුත් සමාජයේ යටත් සේවකයින්ගේ ඉමහත් ගෞරවය ආදරය හිමිවේ. මොවුන් එතරම් මුදලක් රැස් කරන්නේ නැත. ඒ කෙසේ වෙතත් මහලු අවධියේදි ආර්ථිකමය වශයෙන් ගැටලු සහගත වේ.

මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සඳහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව ගිනි තිවංකයට අයත් ජුලි 21 සිට අගෝස්තු 21 අයවලුන් සහ මාර්තු 21 සිට අප්‍රේල් 19 දක්වාද නොවැම්බර් 21 දෙසැම්බර් 21 දක්වා උපන් අයවේ. තවද සප්තමයෙන් මැයි 21 සිට ජුනි 21දක්වා අයවලුන්ද සුදුසුය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.